ශෂිකලා සිරිවර්ධන ක්‍රිකට් දිවියට සමුදෙයි

136

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩිකාවක් වන ශෂිකලා සිරිවර්ධන තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබේ. ඒ තවත් දින කීපයකින් ආරම්භ වන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුවයි. 

එංගලන්ත සුපිරි තරුවකට ශ්‍රී ලංකා සංචාරය අහිමි වෙයි?

එංගලන්ත වේගපන්දු බලඇණිය සවිබල ගන්වන ප්‍රබල…..

ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මේ බව මාධ්‍ය වෙත සඳහන් කර සිටියා. ශ්‍රී ලංකාව බිහිකළ දක්ෂතම කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ශෂිකලා සිරිවර්ධන හැඳින්විය හැක. ඇය එළඹෙන පෙබරවාරි මස 21 ඕස්ට්‍රේලියාවේ දී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙනු ඇත. 

ශෂිකලා සිරිවර්ධන ශ්‍රී ලංකා කාන්තා ‍එක්දින හා විස්සයි විස්ස සංචිතවල ප්‍රබලතම ක්‍රීඩිකාවක් වූ අතර ඇය පිතිකරණයෙන් මෙන්ම පන්දු ‍යැවීමෙන් ද ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තම වගකීම ඉටු කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් 2003 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා ගන්නා ඇය මේ වන තෙක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග 98ක් ක්‍රීඩා කර ඇත. 

තම ක්‍රිකට් දිවියේ ආරම්භයේ පටන්ම පිතිකරණය හා පන්දු ‍යැවීම යන ද්විත්වයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල දායකත්වයක් සැපයීමට ශෂිකලා සිරිවර්ධන සමත් විය. දකුණත් පිතිකාරිනියක් ලෙස හා පිට දඟපන්දු ‍යවන්නියක් ලෙස කණ්ඩායමට ඇයගෙන් ඉටු වූ සේවාව ඉමහත්ය. 

සියලු තරග රටාවල දී ඇය දැක්වූ දක්ෂතා නිසාවෙන් ඇය මෙරටින් බිහි වූ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව ලෙස හැඳින්විය හැක. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ එක්දින ලකුණු 2000 සීමාව හා කඩුලු 100 සීමාව පසු කළ එකම ක්‍රීඩිකාව ලෙස ඇය වාර්තා පොත් අතරට එක්ව ඇත. ඇය එක්දින හා විස්සයි විස්ස තරගවල දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභිනිය ද වේ. 

අභියෝගවලට අභියෝග කළ ඉන්දියාවේ අලුත් වීරයා – යශස්වි ජයීස්වාල්

“මම ඔහුව පොරොන්දු කරගත්තා. ඔහු පොරොන්දු වුනා…..

ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබල ස්ථානයක් දිනා ගත් ශෂිකලා සිරිවර්ධන 2014 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ කාන්තා තුන් ඉරියව් ශ්‍රේණිගත කිරිම්වල පෙරමුණ ගැනීමට ශෂිකලා සමත් විය. 

2013 වසරේ දී තම ක්‍රිකට් දිවියේ සාර්ථකම වසර ලෙස සටහන් කරගන්නා ඇය එම වසරේ දී එක්දින පන්දු ‍යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල සිව්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය. එම වසරේ දී ම විස්සයි විස්ස පන්දු ‍යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානය දිනා ගැනීමට ද ඇය සමත් විය. 

2013 වසර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සුවිශේෂී වසරක් වූ අතර එම වසරේ කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී තිබුණේ ශෂිකලා සිරිවර්ධනටය. 

එම වසරේ දී ප්‍රබල කණ්ඩායම් වූ ඉන්දියාව හා එංගලන්තය පරාජය කරමින් ලෝකයේම අවධානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. 

ශෂිකලා සිරිවර්ධනගේ ක්‍රිකට් දිවිය තුල අවස්ථා කීපයක දී ම ආබාධයන් කීපයක් ඇතිවූ අතර කලක් කණ්ඩායමෙන් ඉවත්ව සිටීමට ද සිදු විය. නමුත් එම ආබාධවලින් සුව වූ වහාම නැවත කණ්ඩායමට එක්වීමට ශෂිකලා සිරිවර්ධන සමත් විය. 

වසර 17ක් පුරා ශ්‍රී ලාංකිය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලොව ඉහල ස්ථානයක ඔසවා තැබීමට මහත් කැපවීමක් කල ශෂිකලා සිරිවර්ධන එළඹෙන ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන්නේ පිරවිය නොහැකි අඩුවක් ඉතිරි කරමිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<