ඩි කොක් දෙවැනි වරටත් සම්මානයට පාත්‍ර වෙයි

279
Quinton de Kock

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වාර්ෂික ක්‍රීඩක සම්මාන රාත්‍රිය ඊයේ (4) අන්තර්ජාලය හරහා පැවැත්වුණු අතර එහි දී දෙවැනි වතාවටත් වසරේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට ක්වින්ටන් ඩි කොක් සමත් විය.

එංගලන්ත සුක්කානම අලුත් ක්‍රීඩකයෙකුට

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දෙවතාවක් දිනා ගත් ක්‍රිකට් ක්‍රීඩකයින් අතර මකායා න්ටිනි, කගීසෝ රබාඩා, හෂීම් අම්ලා, ඒබී ඩිවිලියර්ස් සහ ජැක් කලිස් සිටින අතර එවැනි සම්මානයක් දෙවතාවක් දිනා ගත් හයවැනි ක්‍රීඩකයා ඩි කොක් ය.

ඊට අමතරව වසරේ හොඳම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා හිමි සම්මානය ද දිනා ගත්තේ ද ඩි කොක් විසිනි. ලෝරා වොල්වාර්ඩ් දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වසරේ ක්‍රීඩිකාව ලෙස නම් විය.  වේගපන්දු යවන ක්‍රීඩක ලුන්ගි න්ගිඩි වසරේ හොඳම විස්සයි විස්ස සහ එක්දින පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගන්නා විට ඇන්රිච් නෝර්ට්ජේ වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේය.

කාන්තා අංශයේ දී ශබ්නිම් ඉස්මයිල් වසරේ විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත්වෙද්දී, වමතින් දඟපන්දු යවන Nonkululeko Mlaba වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගන්නා ලදි.

කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද (05) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අද අලුයම

“ඩි කොක් සහ ලෝරා දැනට අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ සංකේත දෙකක් වගේ. ඩි කොක් යනු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමුඛ පෙළේ කඩුලු රකින්නා/ පිතිකරුවා වන අතර ඇත්ත වශයෙන්ම ඔහු රතු පන්දුව සහ සුදු පන්දු ක්‍රිකට් යන දෙඅංශයේම අපිට ඉන්න ප්‍රමුඛ පිතිකරුවෙක්. ඒ වගේම දැන් ඔහු කැපී පෙනෙන නායකයෙකු ලෙස ඉස්මතු වීමට පටන් ගෙන තිබෙනවා. අපිට ඔහු ගැන ගොඩක් ආඩම්බරයි” යැයි දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ වැඩ බලන ප්‍රධාන විධායක ආචාර්ය ජැක් ෆෝල් මහතා අන්තර්ජාලය හරහා පැවති උත්සවය අමතමින් පැවසීය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<