තවත් එක් රග්බි විරුවෙකුගේ දිවිගමන එසේ නිමා විය

145
AFP

1995 වසරේ දී සිය මව්බිම තුල දී ම කුළුදුල් ලෝක කුසලාන ජයග්‍රහණයක පහස විඳගැනීමට දකුණු අප්‍රිකානුවන් සමත් වූයේ එතෙක් පැවති ලෝක රග්බි වංශ කතාවේ නව පෙරළියකට අඩිතාලම සකසාලමිනි.

ලියුකේමියාව පරාජය කරමින් රග්බි තරුවක් නැවත කණ්ඩායමට

වසර තුනක නිහැඬියාවකින් පසුව සුපිරි ඕස්ට්‍රේලියානු රග්බි ක්‍රීඩක Christian Lealiifano නැවතත් ඕස්ට්‍රේලියා රග්බි…..

එලෙස දහසකුත් බාධක කම්කටොළු, හැලහැප්පීම් මධ්‍යයේ ලද එම සුවිශේෂී ජයග්‍රහණය වෙනුවෙන් දරදිය ඇදි විශිෂ්ට ක්‍රීඩකයෙකු ලෙස ජේම්ස් ස්මෝල් අවිවාදයෙන් හඳුන්වාදිය හැක. එසේ ලෝක රග්බි පිටිය සිය ක්‍රීඩා කෞශල්‍යයෙන් දශකයකට ආසන්න කාලයක් වර්ණවත් කළ ස්මෝල් හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්වයක් නිසාවෙන් ජීවිතයෙන් සමුගෙන ඇති බව ඊයේ දිනයේ දී විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණේ ලොව පුරා විසිරී සිටින දහස් සංඛ්‍යාත රග්බි ක්‍රීඩාලෝලින්ගේ හදවත් කම්පා කරමිනි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග 47කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රීඩා කරමින් සිය දායකත්වය ජාතික කණ්ඩායම වෙත නොමදව ලබා දුන් මොහු අත්‍යාවශ්‍යම මොහොතේ දී තමන්ටම ආවේණික වූ ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවට අවතීර්ණ වෙමින් ප්‍රතිවාදීන් අසරණ කිරීමට සමත්කම් කී අතිදක්ෂ ක්‍රීඩකයෙකු ලෙස බොහෝ දෙනා අතර ප්‍රචලිතය. 

ස්මෝල්ගේ ක්‍රීඩා රටාව තරමක්  සුවිශේෂී වන්නේ ඔහු හැකි සෑම අවස්ථාවක දී ම තම උපරිමය කණ්ඩායම වෙත ලබා දීම වෙනුවෙන් ඕනෑම අවදානමක් දෙවරක් නොසිතා ගැනීමට තරම් දැඩි සිතක් ඇති පුද්ගලයෙකු වූ නිසාවෙනි. ඔහුගේ මෙම දරදඬු ගති ගුණය ඔහුට අවාසි සහගත වූ අවස්ථාවන් ද නැතුවා නොවේ.

දකුණු අප්රිකාව වෙනුවෙන් ටෙස්ට් තරගයක දී රතු කාඩ්පතකින් දඬුවම් ලබමින් පිටියෙන් ඉවතට යෑමට සිදු වූ පළමු ක්‍රීඩකයා ලෙස ද මොහු වාර්තා පොත් අතරට එක්වී තිබීම ඊට නිදසුනකි.

රග්බි කියන්නේ චණ්ඩින්ගේ ක්‍රීඩාවක් නෙවෙයි – සුපිරි ක්‍රීඩක ඩෑන් කාටර්

ඩෑන් කාටර්ගේම සුන්දර සටහනක්… මට යාන්තමින් වයස අවුරුදු පහක් වෙද්දී මම තනිවම කණ්ණාඩිය ඉදිරියට….

රග්බි ක්‍රීඩාවේ පතාක යෝධයෙකු ලෙසින් සැලකෙන All Blacks කණ්ඩායමේ ජෝනා ලොමු 1995 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ දී සිය ක්‍රීඩා දිවියේ වැදගත් සංධිස්ථානයන් කිහිපයක් පසුකර යමින් ඉතාමත් ඉහළ මානසිකත්වයකින් යුතුව දකුණු අප්‍රිකාවට එරෙහිව අවසන් මහා තරගයට පිවිසුණේ කෙසේ හෝ ලෝක රග්බි කිරුළ සිය දේශය වෙත රැගෙන යාමේ දැඩි අරමුණෙන් වූවත් අවසන් පූර්ව තරගයේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව උත්සාහක දිනුම 4ක් වාර්තා කරමින් විශිෂ්ට දස්කම් පෑ ලෝමූ හට අවසන් මහා තරගයේ දී ලකුණු රැස්කිරීමට තිබූ සියලුම අවකාශයන් අහුරාලමින් අග්‍රගණ්‍ය ආරක්ෂක ක්‍රමෝපායන් භාවිත කළ ස්මෝල් හට Springbok කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට කැපී පෙනෙන දායකත්වයක් ලබා දීමට හැකි විය.

ඔහුගේ මෙම හදිසි වියෝවෙන් කම්පනයට පත් වූ බොහෝ දෙනා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඔවුන්ගේ ශෝකය සහ සංවේගය පළකොට තිබුණ අතර දකුණු අප්‍රිකානු රග්බි සම්මේලනයේ සභාපති මාක් ඇලෙක්සැන්ඩර් මහතා සඳහන් කර සිටියේ ස්මෝල්ගේ මතකයන් සහ ඔහුගේ අසහාය පෞරුෂය සැමදෙනාගේම මතකයේ තවත් බොහෝ කාලයක් රැඳී තිබෙනු ඇති බවයි.

තරග තීරකට විශේෂ මතක ඉතිරි කළ 2015 රග්බි ලෝක කුසලානය

2015 රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගය විනිශ්චය කළ තරග තීරක නයිජල් ඔවන්ස් ඔහුගේ රග්බි තරග තීරක….

“ජේම්ස් ක්‍රීඩා කරන කාලසමයේ දී ඔහු හැමවිට උත්සාහ කළේ තමන්ගේ උපරිමය කණ්ඩායමට ලබා දෙන්න. රග්බි ක්‍රීඩාවට ඔහු දක්වපු උනන්දුව වගේම ආදරය දැන් ඉන්න තරුණ ක්‍රීඩකයින්ටත් විශාල ආදර්ශයක්. ඔහු අසාධාරණයට එරෙහිව තරාතිරම නොබලා සටන් කළා. මේ තරම් ඉක්මනින් ඔහු අපි හැර යයි කියලා නම් කිසිසේත්ම බලාපොරොත්තු වුන දෙයක් නෙවෙයි.”

“ඔහුගේ පවුලේ උදවිය ඇතුළු සියලුම නෑදෑ හිතමිතුරන්ට අපගේ බලවත් කනගාටුව සහ සංවේගය පළකරන්නට මෙය අවස්ථාවක් කරගන්නට කැමති.” යනුවෙන් පවසමින් ඇලෙක්සැන්ඩර් මහතා සිය ශෝකප්‍රකාශය අවසන් කළේය.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<