කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට

818
Kusal Mendis

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද (05) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අද අලුයම පානදුර දී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මිය යෑමේ සිදුවීමකට අදාළවයි.

2011 ක්‍රිකට් ලෝක කුසලානයේ විශේෂ විමර්ශනය අවසන්

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය සම්බන්ධයෙන් මතු

කුසල් මෙන්ඩිස් විසින් පැදවූ ජීප් රථය, පාපැදියකින් ගමන් කරමින් සිටි 64 හැවිරිදි පුද්ගලයෙකු හා ගැටී ඇති අතර එම පුද්ගලයා බරපතළ තුවාල සහිතව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.

මෙම අනතුර පිළිබඳව අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට ගත් බව තහවුරු කර තිබුණි. 

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කුසල් මෙන්ඩිස් පරීක්ෂණයක් සඳහා වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කර ඇති අතර පැය 48ක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියමිතය.

25 හැවිරිදි කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 44කට, එක්දින තරග 76කට හා විස්සයි විස්ස තරග 26කට ක්‍රීඩා කර ඇත. 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය දා පල්ලෙකැලේ දී සහභාගී වූ පුහුණු සැසියට ද කුසල් මෙන්ඩිස් එක්විය. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න අප සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<