ලෝක සහය දිවීමේ ශූරතාවලිය ඊයේ (03) දිනයෙන් නිමාවට පත් වුනා.
බොට්ස්වානා හිදි දින දෙකක් පුරාවට පැවැත්වුණු මෙම සහය දිවීමේ තරගාවලියේ දී ජැමෙයිකාව සහ ඇමරිකාව රන් පදක්කම් ද්විත්වය බැගින් හිමි කර ගැනීමට සමත් වූ අතර, සත්කාරක බොට්ස්වානා දේශය සහ නෝර්වේ දේශය එක් රන් පදක්කම බැගින් හිමි කර ගැනීමට සමත් වුනා.
මීටර් 100 මිශ්‍ර සහය දිවීමේ ඉසව්ව
මෙම ඉසව්වේ ලෝක වාර්තාව මෙම තරගාවලි දින දෙක තුළ තෙවරක් අලුත් වීම සුවිශේෂී සිදුවීමක්.
පළමුව කැනඩාව විසින් පසුගිය සෙනසුරාදා (02) ලෝක වාර්තාව අලුත් කිරීමට සමත් වූ අතර, ඉන් මොහොතකට පසුව ඉතිහාසයේ පළමු වරට තත්පර 40 සීමාව ඉක්මවමින් නැවත එහි ලෝක වාර්තාව වෙනස් කිරීමට ජැමෙයිකාව සමත් වුනේ තත්පර 39.99ක කාලයක් වාර්තා කරමිනුයි. ඉන් පසුව ඊයෙ දිනයේ දී ජැමෙයිකාව විසින් ඉසව්වේ අවසන් තරගයේ දී තත්පර 39.62ක කාලයක් වාර්තා කරමින් නැවතත් මෙම ඉසව්වේ ලෝක වාර්තාව වෙනස් කිරීමට සමත් වූ අතරම, ඉසව්වේ රන් පදක්කම ද ජය ගැනීමට සමත් වුනා.
මිශ්‍ර මීටර් 400 සහය දිවීමේ ඉසව්ව
මෙම ඉසව්ව ජය ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය විසින් සමත් වුනේ මිනිත්තු 3.07.47ක තරග නිමි කාලයක් ද සමඟයි. එය නව තරග වාර්තාවක් ලෙස සටහන් වූ අතර, ඉසව්වේ දෙවැනි ස්ථානය ජැමෙයිකාවට හිමි වුනා.
මීටර් 100 සහය දිවීමේ ඉසව්
මෙහි කාන්තා ඉසව්ව ජය ගැනීමට ජැමෙයිකාව විසින් සමත් වූ අතර, ඔවුන් ඉසව්ව නිම කිරීම සඳහා තත්පර 42ක කාලයක් වැය කළා. මෙහි දී ජැමෙයිකාව වෙනුවෙන් Elaine Thompson-Herah මෙම තරගයට සහභාගී වීම සුවිශේෂී සිදුවීමක් ලෙස සැලකිය හැකි. දැනට ලොව කාන්තා මීටර් 100 ඉසව්ව වෙනුවෙන් දෙවැනි වේගවත් ම කාලය වාර්තා කිරීමට සමත් වී සිටින Elaine විසින් ඊයේ දිනයේ ද ජැමෙයිකාවට රන් පදක්කම ලබා දීම වෙනුවෙන් සුවිශේෂී ධාවනයක නිරත වුනා.
එමෙන්ම ඇය මේ අයුරින් ජාත්‍යන්තර තරග බිමට පිවිසෙන්නේ 2023 අගෝස්තු මාසයෙන් පසුව වීමත් සුවිශේෂී කරුණක්.
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්‍රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
මේ අතර මීටර් 100 සහය දිවීමේ පිරිමි ඉසව්ව ජය ගැනීමට ඇමරිකාව විසින් සමත් වුනේ තත්පර 37.43ක කාලයක් සමඟයි. එය මෙම වසර වෙනුවෙන් හොඳම කාලය ලෙස වාර්තා අතරට එක් වූ අතර, Akani Sibine ප්‍රමුඛ දකුණු අප්‍රිකාවට මෙහි රිදී පදක්කම හිමි වුනා. එමෙන්ම Andre De Grasse ප්‍රමුඛ කැනඩාවට මෙහි දී පදක්කමක් වෙත යාමට නොහැකි වීමත් බොහෝ දෙනාගේ කතාබහට තුඩු දුන්නා.
මීටර් 400 සහය දිවීමේ ඉසව්
මෙහි කාන්තා ඉසව්ව ජය ගැනීමට නෝර්වේ දේශය විසින් සමත් වුනේ මිනිත්තු 3.20.96ක තරග නිමි කාලයක් ද සමඟයි. එය මෙම වසර වෙනුවෙන් හොඳම තරග නිමි කාලය ලෙස ද වාර්තා අතරට එක් වූ අතර, ස්පාඤ්ඤය විසින් මෙහි රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුනා.
මෙම ඉසව්වේ පිරිමි අංශයේ ජය සත්කාරක බොට්ස්වානා දේශයට හිමි වූ අතර, ඔවුන් විසින් ඊයේ සිදු කළ ධාවනය ඓතිහාසික එකක් ලෙස සටහන් වනු ඇති.
එය මෙතෙක් ඉතිහාසයේ මීටර් 400 සහය දිවීමේ ඉසව්වක වාර්තා වූ තෙවන හොඳම කාලය ලෙස වාර්තා අතරට එක් වුනා.
ඔවුන් විසින් මිනිත්තු 2.54.47ක කාලයකින් මෙම ඉසව්ව නිම කිරීමට සමත් වූ අතර, එය නව තරග වාර්තාවක් ලෙස ද සටහන් වුනා. මේ අතර දකුණු අප්‍රිකාව විසින් මෙහි රිදී පදක්කම ජය ගැනීමට සමත් වුනේ මිනිත්තු 2.55.07ක තරග නිමි කාලයක් සමඟයි. මෙය ඔවුන්ගේ නව ජාතික වාර්තාවක් ලෙස ද සටහන් වූ අතර, මේ වෙනුවෙන් Lythe Pillay විසින් වාර්තා කළ ධාවන කාලය සුවිශේෂී එකක් ලෙස සටහන් වුනා.
ඔහු විසින් සිය ධාවන වටය තත්පර 42.66කින් නිම කිරීමට සමත් වූ අතර, එම මෙතෙක් ලොව වාර්තා වූ හොඳම ධාවන කාලය ලෙස වාර්තා වූ අතර, මීට පෙර ඇමරිකාවේ Michael Johnson විසින් තත්පර 42.94කින් සිදු කළ ධාවනයයි එම ඉසව්වේ ක්‍රීඩකයකු ධාවන වටයක් වෙනුවෙන් වැය කළ හොඳම කාලය ලෙස සටහන් වී තිබුණේ.
මේ අයුරින් 2026 ලෝක මලල ක්‍රීඩාවට අදාළ ව පැවැත්වීමට නියමිත ප්‍රධානතම මලල ක්‍රීඩා තරගාවලියක් නිමාවට පත් උනා. මින් අනතුරුව Diamond League මලල ක්‍රීඩා තරගාවලිය ආරම්භ වීමට නියමිත අතර, එහි පළමු අදියර එළඹෙන 16 වැනි දා චීනයේ දී පැවැත්වීමට නියමිතයි.
එම තරග තොරතුරු ද ඇතුළුව
දෙස්, විදෙස් මලල ක්‍රීඩා පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට Thepapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>






















