ඔලිම්පික් ප්‍රධානියාටත් කොරෝනා වැලඳෙයි

60

ජපාන ඔලිම්පික් කමිටුවේ නියෝජ්‍ය ප්‍රධානී කොසෝ ටෂිමා අඟහරුවාදා (17) පවසා සිටියේ තමාට කොරෝනා වයිරසය වැළඳී ඇති බවයි. ඒ අනුව ටෝකියෝවට, ගිම්හාන ක්‍රීඩා උළෙලට ආරක්ෂිතව සත්කාරකත්වය සැපයිය හැකි ද යන්න පිළිබඳව සැක පහළ වන බව ද ඔහු පවසා සිටියා.

“අද මගේ පරීක්ෂණ ප්‍රතිඵල නව කොරෝනා වයිරසයට ධනාත්මක (Positive) බවක් පෙන්නුම් කළා” ටෂිමා ජපාන පාපන්දු සංගමය හරහා නිකුත් කළ නිවේදනයක දැක්වේ. එහි ප්‍රධානියා ද ඔහු වේ. 

“මට මෘදු උණක් තියනවා. පරීක්ෂණ මගින් නියුමෝනියාවෙහි රෝග ලක්ෂණයක් පෙන්නුම් කළ නමුත් මම හොඳින්. වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව මම ප්‍රතිකාර කෙරෙහි අවධානය යොමු කරනවා.” යනුවෙන් ඔහු පැවසීය.

ඔලිම්පික් උළෙලේ ගමන් මග 01

ලොව ප්‍රධානම ක්‍රීඩා මංගල්‍යය ලෙස “ඔලිම්පික් උළෙල” හැඳින්විය හැක. වර්තමානයේ රටවල් 200කට අධික…

ජපාන නිලධාරීන් තරයේ පවසා සිටින්නේ, ගිම්හාන ක්‍රීඩා උළෙල ජූලි මාසයේ ආරම්භ වීමට නියමිත අතර එය වයිරසය හේතුවෙන් කල්දැමීමට හෝ අවලංගු කිරීමට ඉඩ ඇති බවට පැතිර යන කටකතා නොතකා නියමිත පරිදි පැවැත්වෙන බවයි.

ජාත්‍යන්තර පාපන්දු සංගමයේ වාර්ෂික (IFAB) වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගී වීම සඳහා තමා බෙල්ෆාස්ට් බලා පිටත්ව ගිය බවත්, තමන් පෙබරවාරි 28 සිට ව්‍යාපාරික සංචාරයක යෙදී සිටි බවත් ටෂීමා පැවසීය.

2023 කාන්තා ලෝක කුසලානයේ සත්කාරකත්වය සඳහා ජපානය ඉදිරිපත් කළ ඉල්ලීම පිළිබඳ ඉදිරිපත් කිරීමක් සඳහා ඔහු මාර්තු 2 යුරෝපීය පාපන්දු සංගම් (UEFA) රැස්වීමක් සඳහා ඇම්ස්ටර්ඩෑම් වෙත ගොස් තිබුණි.

මාර්තු 3 වැනි දින ඔහු එම මණ්ඩලයේ මහා රැස්වීමකට ද සහභාගී විය.

ඇම්ස්ටර්ඩෑම්හි සහ යුරෝපයේ මම සිටි මාර්තු මස මුලදී කොරෝනා වයිරසයට එරෙහි නොසංසුන්තාවය දැන් මෙන් තිබුණේ නෑ” යනුවෙන් ඔහු ප්‍රකාශයේ සඳහන් කර ඇත.

“හැමෝම වැළඳ ගැනීම්, අතට අත දීම් සහ සිපගැනීම් කරමින් සිටියා.” 

ඉන්පසු ඔහු එක්සත් ජනපදයට ගියේ ජපාන කාන්තා කණ්ඩායම ක්‍රියාකාරී ලෙස නැරඹීමට සහ කාන්තා ලෝක කුසලානය සඳහා ය. ඉන් අනතුරුව ඔහු නැවතත් ජපානයට පැමිණියේ මාර්තු මස 08 වැනිදාය. 

“එක්සත් ජනපදයේ ද, කොරෝනා වයිරසය පිළිබඳ අර්බුදය දැන් තරම් බැරෑරුම්ව තිබුණේ නැහැ.” ඔහු පැවසීය.

ජපාන FA හි කාර්ය මණ්ඩලය වයිරසයට එරෙහිව පූර්වාරක්ෂාවක් ලෙස මේ වන විට නිවසේ සිට වැඩ කරමින් සිටිය ද, ටෂිමා පැවසුවේ පසුගිය සතියේ කිහිප වතාවක්ම සංගමයේ ගොඩනැගිල්ලට ගොස් රැස්වීම්වලට සහභාගී වූ බවයි.

ඉන් දින කීපයකට පසුව ඔහුට සීතල දැනෙන්නට පටන් ගත් අතර ඉරිදා සිට මෘදු උණක් ඇති විය. ඒ අනුව ඔහු සඳුදා ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය මධ්‍යස්ථානයකට ගොස් තම සංචාරක ඉතිහාසය ගැන ඔවුන්ට කීවේය.

>>ලෝක ශූරතා ගෘහස්ථ මලල ක්‍රීඩා උළෙලට දින නියම වේ

UEFA රැස්වීම් අතරතුර ස්විට්සර්ලන්ත සහ සර්බියානු පාපන්දු ප්‍රධානීන් වයිරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව ටශීමා පවසා ඇත. එහෙත් ඔහුට ආසාදනය වැළඳී ඇති ආකාරය පැහැදිලි නැත. මෙම වයිරසය සඳහා ඔහුගේ ධනාත්මක බව අඟහරුවාදා ස්ථීර විය. 

“ජපානයේ සහ ලොව පුරා බොහෝ මිනිසුන් කරන පරිදි මම රෝගයට මුහුණ දීමට තීරණය කළා” ඔහු කියා සිටියේ, ඔහුගේ තීරණය ආසාදනයට ඇති නින්දාව තුරන් කිරීමට උපකාරී වනු ඇති බවයි.

ඔහුගේ නිවේදනය නිකුත් වූයේ ටෝකියෝ 2020 සංවිධායක කමිටුව විසින් මෙම කොරෝනා වයිරසය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා ඔලිම්පික් ගිනිසිළුව සම්බන්ධ උත්සව අඩු කරන බව ප්‍රකාශ කිරීමත් සමඟ ය.

මේ වන විටත් ග්‍රීසියේ දල්වා ඇති මෙම ගිනිසිළුව එළඹෙන සිකුරාදා උතුරු ජපානයට ළඟා වනු ඇති අතර ගිනිසිළුව ලොව පුරා රැගෙන යාම මාර්තු 26 වැනි දින ෆුකුෂිමා හිදී ආරම්භ කිරීමට නියමිතය.

AFP ඇසුරෙනි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට <<