පාකිස්තානයට යන ශ්‍රී ලංකා අපේක්ෂිත ටෙස්ට් සංචිතය

179

එළඹෙන මස 11 වැනිදා පාකිස්තානයේ දී ආරම්භ වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව හෙට (14) දිනයේ දී රැස්වේ. මේ ඊට පෙර එම තරගාවලියට සහභාගී වේ යැයි අපේක්ෂා කළ හැකි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය පිළිබඳව ThePapare.com තබන සටහනයි මේ.

කාන්තාවන්ගේ සුපිරි පළාත් සටන අත ළඟම

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දෙවන වරටත් සංවිධානය ………

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරග දෙකක් ලෙස පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගාවලිය පාකිස්තානයේ පැවැත්වෙන බව දැන් තහවුරු වී අවසන් වී තිබෙන අතර ඒ සඳහා දෙරටේම ක්‍රිකට් බලධාරීන් සිය අනුමැතිය පළ කර තිබේ. ඒ අනුව 2009 ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට පසුව පාකිස්තානයේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මෙය ඉතිහාසයට එකතු වේ.

පසුගිය අගෝස්තු හා සැප්තැම්බර් මාසයේ දී පාකිස්තානයේ දී පැවති එක්දින හා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීම ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලංකා ප්‍රබල ක්‍රීඩකයින් රැසක් මේ තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය සඳහා තේරීමට වැඩි ඉඩක් ඇත. 

දිමුත් කරුණාරත්න මේ තරගාවලියේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇති අතර ඔහු සමඟ ක්‍රීඩා කරන ආරම්භක පිතිකරුවා කවුරුන්ද යන බව තරමක ගැටලුවක් බවට පත්වෙමින් තිබෙන බව පෙනේ. නිමා වූ ටෙස්ට් තරගාවලි කිහිපයේ දීම කරුණාරත්න සමඟ ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කළ ලහිරු තිරිමාන්න 2019 වසර තුල දැනට ලබාගෙන තිබෙන්නේ එක් ටෙස්ට් අර්ධ ශතකයක් පමණි.

ඒ අනුව හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා තේරීම් කමිටු හමුවේ දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවා පිළිබඳව දැඩි ලෙස කතා බහට ලක්වෙනු ඇති අතර තිරිමන්නට අමතරව පැතුම් නිස්සංක, සංගීත් කුරේ එම ස්ථානය දිනා ගැනීම වෙනුවෙන් ඉදිරියෙන්ම සිටින තරුණ ක්‍රීඩකයින් වේ.

කෘෘස්පුල්ලේ – අවිශ්ක පළමු දිනයේම ශතක අතරට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ……..

ටෙස්ට් ඉනිම 68ක් සඳහා මුහුණ දී තිබෙන තිරිමාන්නගේ 2011 වසරේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් නමුත් ඔහුගේ ටෙස්ට් ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 22.64ක් පමණ අඩු මට්ටමක පවතියි. අවසන් වරට නවසීලන්තය සමඟ පැවති ටෙස්ට් තරගාවලියේ දී තිරිමාන්න අර්ධ ශතකයක් ලබා ගැනීම නිසා මෙවර සංචිතය තුලත් තිරිමාන්න වෙනුවෙන් ඉඩක් වෙන් කිරීමට අසන්ත ද මෙල් මහතා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරීන් කටයුතු කිරීමට වැඩි ඉඩක් ඇත.

නිස්සංක හා කුරේ යන දෙදෙනාම ශ්‍රී ලංකාව වෙනුවෙන් තවමත් ජාත්‍යන්තර වරම් දිනාගෙන නොමැති වුවත් දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලිවල දී හා ශ්‍රී ලංකා A තරග සංචාරයන් වලදී ආරම්භක පිතිකරුවන් ලෙස සාර්ථක වී තිබේ. ශ්‍රී ලංකා A කණ්ඩායම හා බංග්ලාදේශය අතර පසුගිය දා පැවති තරගාවලියේ දී ඉනිම තුනක් තුල ලකුණු 291ක් ලබා ගැනීමට දකුණතින් පිතිකරණයේ නිරත වන නිස්සංක සමත් විය. ඊට අමතරව කුරේ එම තරගාවලියේ දී ශතකයක් සමඟ ලකුණු 210ක් වාර්තා කරගත්තේ ඉනිම 3ක් ක්‍රීඩා කරමිනි. 

නිස්සංක ආසියානු කුසලාන නැගී එන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම වෙනුවෙන් මේ වන විට බංග්ලාදේශය බලා පිටත්ව ගොස් සිටින අතර, දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා සංචිතය තුල ද නිස්සංක ඇතුලත්ව සිටියි.  ඒ නිසාවෙන් කුරේ පාකිස්තානු ටෙස්ට් සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ඇතුලත් වුවහොත් එය පුදුමයට කරුණක් නොවනු ඇත. 

කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා හා නිරෝෂන් දික්වැල්ල යන ශ්‍රී ලංකා ටෙස්ට් මැදපෙළ පිතිකරුවන් සියලුම දෙන පාහේ මේ සංචිතය සඳහා ඇතුලත් වනු නිසැකය. නිමා වූ නවසීලන්ත තරගාවලියේ ඉනිම 4කදී ලකුණු 24ක් පමණක් ලබාගැනීමට සමත් වූ කුසල් පෙරේරා සහ දිනේෂ් චන්දිමාල් අතර අවසන් ක්‍රීඩකයින් 11 දෙනා අතරට තේරී පත් වීමේ දී යම් සටනක් නිර්මාණය වීමට වැඩි ඉඩක් තිබේ. 

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අභිබවා බංග්ලාදේශ පිතිකරුවන් නැගිටියි

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ……..

දකුණු අප්‍රිකාවේ දී පැවති ටෙස්ට් තරගාවලියේ දී පෙරේරා ඉතාමත් හොඳින් දස්කම් අතරට පැමිණීමට සමත් වූ අතර 41.86ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් සඳහා හිමිකම් කියන චන්දිමාල් හට නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ දී එකඳු තරගයක් හෝ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණේ නැත. නමුත් චන්දිමාල් ඉතාමත් හොඳින් දඟපන්දු යවන්නට එරෙහිව ලකුණු රැස්කරගන්නා නිසා  චන්දිමාල් හට මේ සංචිතය තුල වැඩි අවස්ථාවක් ඇත. (පාකිස්තානු තණතීරු දඟපන්දු යවන්නන්ට වඩාත් උචිත වේ.)

ඉහත පිතිකරුවන් සංචිතයට පැමිණි විට ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් ප්‍රමාණය නියමිත ගණන හා සමාන වන නිසා දකුණු අප්‍රිකානු තරගාවලියේ දී ලකුණු අතරට පැමිණි ඕෂධ ප්‍රනාන්දු හට මෙම සංචිතය තුල ඉඩක් ලැබෙන බවක් පෙනෙන්නට නැත. අතිරේක පිතිකරුවෙක් සංචිතයට ඇතුලත් කර ගන්නේ නම් ඔහුට මේ සංචිතයේ ඉඩක් ලැබෙනු ඇත.

දඟපන්දු යවන අංශය වෙත අවධානය යොමු කිරීමේ දී අත්දැකීම් බහුල ක්‍රීඩක දිල්රුවන් පෙරේරා මේ සංචිතයට නියත ලෙස ඇතුලත් වන අතර අකිල දනංජය (තරග තහනමකට ලක්ව තිබෙන නිසා) නොමැති වීම ශ්‍රී ලංකාවට අවාසියකි. වමතින් දඟපන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය හා ලක්ෂාන් සඳකැන් දිල්රුවන් පෙරේරාට අමතර සංචිතයේ සිටීමට හැකි අනෙක් දඟපන්දු යවන්නන් වනු ඇත. 

“අනික් අයට වඩා මම වෙනස් කියන එකෙන් කියන්නේ මම නරකයි කියලා නෙමෙයි” – දනුෂ්ක ගුණතිලක

ESPN Cricinfo වෙබ් අඩවියේ පළවූ Danyal Rasool……..

2009 ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරයේ දී එම බස් රථය තුල සුරංග ලක්මාල් ද සිටියේය. ඔහු සමඟ ශ්‍රී ලංකා වේගපන්දු බල ඇණිය සවිමත් කිරීම වෙනුවෙන් ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු සහ කසුන් රාජිත ශ්‍රී ලංකා සංචිතයට තේරී පත්වීමට වැඩි ඉඩක් තිබේ. 

අපේක්ෂිත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), ලහිරු තිරිමාන්න, සංගීත් කුරේ, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය , ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත.

අපේක්ෂිත සංචිතය ගැන ඔබේ අදහස කුමක්ද? පහළින් ඔබේ අදහස් Comment කරන්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<