විදුලිබලය සහ නාවික හමුදාව සාර්ථකව සුපර් ලීගය අරඹයි

201

සිලෝන් බිස්කට් ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරන මන්චි ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ සුපර් ලීගයේ තරග පසුගිය 06 වැනිදා ආරම්භ විය.

කාන්තා සහ පිරිමි අංශවල තරග මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර තරගාවලියේ අවසන් මහා තරග හෙට (09) තරුණ සේවා සභා පිටියේ දී ම පැවැත්වේ.

අභියෝගයකින් තොරව ශ්‍රී ලංකාව බංග්ලාදේශය පරාජය කරයි

නොවැම්බර් මස 06 වැනිදා පැවති තරග ප්‍රතිඵල

සුපර් ලීගය – පිරිමි අංශය

සුපර් ලීගයේ පිරිමි අංශයේ පළමු තරගය ලෙස ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායම සහ ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජය තරග වැදුණු  එහි දී තරග වට 3-2ක තියුණු ජයග්‍රහණයක් ගැනීමට ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායම සමත් විය.

(22-25, 25-22, 26-24, 19-25, 15-13)

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම හමු වූයේ සුපර් ලීගයේ දෙවන තරගයේ දී ය. එහි දී තරග වට 3-0ක් ලෙස ජයග්‍රහණය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම සමත් විය.

(29-27, 25-20, 25-20)

තෙවන තරගයේ දී ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම සහ ජාතික තරුණ සේවා සභා කණ්ඩායම තරග වැදුණි. එහි දී තරග වට 3-0ක් ලෙස පහසු ජයක් හිමිකර ගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායමයි.

(25-11, 25-08, 25-16)

සුපර් ලීගයේ පිරිමි අංශයේ සිව්වැනි තරගයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සමඟ MAS Leisure Line කණ්ඩායම තරග වැදුණු අතර එහි දී තරග වට 3-1ක් ලෙස ජයග්‍රහණය හිමිකර ගැනීමට MAS Leisure Line කණ්ඩායම සමත් විය.

(26-24, 22-25, 21-25, 23-25)

වොලිබෝලය ඉහළටම යැවීමට විශ්ලේෂකයන් අවශ්‍ය කොට තිබේ!

සුපර් ලීගය – කාන්තා අංශය

සුපර් ලීගයේ කාන්තා අංශයේ පළමු තරගයේ දී ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා වරාය අධිකාරිය තරග වැදුණු අතර එහි දී තරග වට 3-2ක තියුණු ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම සමත් විය.

(25-21, 19-25, 21-25, 25-21, 15-13)

MAS Casual Line කණ්ඩායම සහ ශ්‍රී ලංකා තරුණ සේවා සභා කණ්ඩායම සුපිරි ලීගයේ දෙවන තරගයේ දී හමුවුණු අතර එහි දී තරග වට 3-0ක පහසු ජයක් හිමිකර ගැනීමට සමත් වූයේ MAS Casual Line කණ්ඩායමයි.

(25-13, 25-11, 25-11)

නොවැම්බර් මස 07 වැනිදා පැවති තරගවල ප්‍රතිඵල

සුපර් ලීගය – පිරිමි අංශය

ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය තරග වැදුණේ සුපිරි ලීගයේ පස්වැනි තරග ලෙසයි. එහි දී තරග වට 3-0ක් ලෙස ජයග්‍රහණය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම සමත් විය.

(25-14, 25-14, 25-23)

ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම සුපිරි ලීගයේ සයවැනි තරගයේ දී ලංකා විදුලිබල මණ්ඩලය සමඟ තරග වැදුණි. එහි දී තරග වට 3-0ක් ලෙස ජයග්‍රහණය  තමන් සතුකර ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය සමත් විය.

(23-25, 24-25, 15-25)

තරගාවලියේ තෙවැනි දිනය වන අද (08) දිනයේ ද මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී සුපිරි ලීගයේ පැවැත්වෙන අතර එහි සියලුම තරග වාර්තා ඔබ වෙත ගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානමින් සිටී.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<