මහනුවරත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී

Prima U15 Sri Lanka Youth League 2024

84
Prima U15 Sri Lanka Youth League 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ Sri Lanka Youth League ක්‍රිකට් තරගාවලියේ අද (5) පැවැති 2 වැනි අවසන් පූර්ව තරගයේ දී කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගත් මහනුවර ක්‍රීඩකයෝ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

ඒ අනුව පෙර දිනයේ පැවැති 1 වැනි අවසන් පූර්ව තරගයේ දී කොළඹ උතුර කණ්ඩායම පරාජයට පත් කළ කොළඹ දකුණ කණ්ඩායම සමඟින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට එම කණ්ඩායම සමත් වුනා.

අද තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දඹුල්ල කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 153ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ කඩුලු 8ක් පමණක් දැවී තවත් පන්දුවාර 18ක් සහ පන්දු 4ක් ඉතිරිව තිබිය දී තම ඉලක්කය සපුරා ගත්තා.

දඹුල්ල වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

අකේන් සුජාන් (නායක සහ කඩුලු රකින්නා), රවින්ද්‍රන් ආතිද්‍යන්, ටෙරන් සචින්, මයෝන් ප්‍රනාන්දු, දහස් සෙනෙවිරත්න, අමල් පෙරේරා, චමොද් ප්‍රභාශ, මහිෂ ඉඳුරංග, තේජාන්බණ්ඩාර, යුමාල් එගොඩගේ සහ දෙනෙත් සංකල්ප.

මහනුවර වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

චනුල් කොඩිතුවක්කු (නායක), චනුත් ජයසිංහාරච්චි, සනිතු ගුණතිලක, තිසර ගිම්හාන, යෙනුල හේවාවිතාරණ, සනිරු අනුහස් (කඩුලු රකින්නා), ඉමේෂ් දිසානායක, විහඟ නෙතුසර, සචින්ත ගුණසේකර, කුසල් බණ්ඩාර සහ සහන් විමුක්ති.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ දඹුලු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසිය ද ඔවුන්ට සිතූ සේ පන්දුවට පහර දීමට ප්‍රතිවාදී මහනුවර ක්‍රීඩකයෝ ඉඩ ලබා දුන්නේ නැහැ.

කෙසේ වෙතත් ඔවුන්ගේ පළමු කඩුල්ලට පන්දු 111ක දී ලකුණු 41ක් ලබා ගැනීමට නායක අකේන් සුජායන සහ රවින්ද්‍රන් ආතිද්‍යන් සමත් වුනා. එහි දී අකේන් සුජායන පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තා.

ඊට අමතර ව මැදි පෙළින් පිටියට පිවිසි චමෝද් ප්‍රබාශ පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 39ක් ලබා ගත් අතර අමල් පෙරේරා පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 72ක දී ලකුණු 47ක සබඳතාවක් එක් කිරීමට ද සමත් වුනා.

කඩුලු දවා ගැනීමේ දී චනුල් කොඩිතුවක්කු ලකුණු 29කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව සනිතු ගුණතිලක, කුසල් බණ්ඩාර සහ සචින්ත ගුණසේකර කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව විහඟ නෙත්සර කඩුල්ලක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහනුවර කණ්ඩායම වෙනුවෙන් ආරම්භක කඩුල්ලේ දී පන්දු 63ක දී ලකුණු 85ක සබඳතාවක් එක් කරමින් කදිම ආරම්භයක් ලබා ගැනීමට චනුත් ජයසිංහාරච්චි සහ චානුක කොඩිතුවක්කු සමත් වුනා.

ඔවුන් දෙදෙනා එක් ව පන්දු 63ක දී ලකුණු 85ක සබඳතාවක් එක් කළ අතර ඒ අතුරින් නායක චනුල් කොඩිතුවක්කු පන්දු 26ට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පර 2ක් සමඟින් ලකුණු 38කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී ගියා.

අනතුරු ව ඉනිමේ 3 වැනි කඩුල්ල ලෙසින් චනුත් ජයසිංහාරච්චි පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 48ක් ලබා සිටිය දී දැවී ගියා.

ඉන් පසුව මහනුවර ඉනිමේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු වූයේ යෙනුල හේවාවිතාරණයයි. ඔහු පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 29ක් ලබා ගත්තා.

ඔහු 9 වැනි කඩුල්ල වෙනුවෙන් කුසල් බණ්ඩාර හා සමඟ එක් ව පන්දු 50ක දී නොදැවී ලකුණු 30ක සබඳතාවක් එක් කළා.

කඩුලු ලබා ගැනීමේ දී යුමාල් එගොඩගේ ලකුණු 33කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව අමල් පෙරේරා කඩුලු 2ක් ද සහ දහම් සෙනෙවිරත්න කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

 

දඹුල්ල වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 153 (49.5) අකේන් සුජායන 38, අමල් පෙරේරා 26, චමෝද ප්‍රභාෂ 39, සනිතු ගුණතිලක 2/11, සචින්ත ගුණසේකර 2/34, කුසල් බණ්ඩාර 2/28, චනුල් කොඩිතුවක්කු 3/29

 

මහනුවර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – කඩුලු 8ක් දැවී 154 (49.1) චනුත් ජයසිංහාරච්චි 48, චනුල් කොඩිතුවක්කු 38, යෙනුල හේවාවිතාරණ නොදැවී 29, අමල් පෙරේරා 2/35, යුමාල් එගොඩගේ 4/33

 

මහනුවර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමට කඩුලු 2ක ජයක්.

මහනුවර සහ කොළඹ දකුණ කණ්ඩායම් අතර පැවැත්වෙන අවසන් මහා තරගයහෙට (6) කොළඹ, තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ Sri Lanka Youth League ක්‍රිකට් තරගාවලිය  පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<