19න් පහළ කාන්තා ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

U19 Women's Asia Cup 2024

46

19න් පහළ කාන්තා ආසියානු කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ ප්‍රකාශයට පත් කරා. 

මැලේසියාවේ පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය සඳහා සහභාගී වීම වෙනුවෙන් ශ්‍රී ලංකා කනිෂ්ඨ තේරීම් කමිටුව විසින් ප්‍රකාශයට පත් කළ ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ නායකත්වය මනුදි නානායක්කාර හට හිමි වී ඇති අතර, කණ්ඩායමේ උපනායිකාව ලෙස රශ්මිකා සෙව්වන්දි නම් කර තිබෙනවා. 

ශ්‍රී ලංකා සංචිතය; 

  • මනුදි නානායක්කාර (මොරටුව වේල්ස් කුමරි විද්‍යාලය) 
  • රශ්මිකා සෙව්වන්දි (මාතර අනුර විද්‍යාලය) 
  • විමෝක්ෂා බාලසූරිය (ත්‍රිකුණාමලය සිංහල විද්‍යාල) 
  • හිරුණි හංසිකා (රත්ගම දේවපතිරාජ විද්‍යාලය) 
  • සුමුදු නිසංසලා (රත්ගම දේවපතිරාජ විද්‍යාලය) 
  • දැහැමි සනුත්මා (නුගේගොඩ අනුලා විද්‍යාලය) 
  • රශ්මි නේත්‍රාංජලී (රත්ගම දේවපතිරාජ විද්‍යාලය) 
  • සශිනි ගිම්හානි (රත්ගම දේවපතිරාජ විද්‍යාලය) 
  • අශේනි තලගුණේ (නුවර මහාමයා විද්‍යාලය) 
  • ප්‍රමුදි මෙත්සරා (අම්පාර උහන මධ්‍ය විද්‍යාලය) 
  • චමෝදි ප්‍රබෝධා ( මොනරාගල පඥ්ඥානන්ද විද්‍යාලය) 
  • සංජානා කාවින්දි (රත්ගම දේවපතිරාජ විද්‍යාලය) 
  • දනුලි තෙන්නකෝන් (කුරුනෑගල මලියදේව බාලිකා විද්‍යාලය) 
  • ලිමංසා තිලකරත්න  
  • ශෙහාරා ඉඳුවරී (රත්ගම දේවපතිරාජ විද්‍යාලය) 
  • අතිරේක: නෙතඟි ඉසුරාංජලී (රත්ගම දේවපතිරාජ විද්‍යාලය) 

තරගාවලියට සහභාගී වීම සඳහා මෙම සංචිතය එළඹෙන දෙසැම්බර් 02 දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර, දෙසැම්බර් 15 සහ 16 දෙදින තුළ ශ්‍රී ලංකාව මැලේසියාව සහ බංග්ලාදේශය සමඟ තරග වැදීමට නියමිතයි. 

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<