ලහිරු මිලන්තගෙන් එකම තරගයක දී විශිෂ්ට ශතක දෙකක්!

480

දේශීය පිටියෙන් ජාත්‍යන්තර පිටියට සංක්‍රමණය වීමට අත්වැල් සපයන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ A ශ්‍රේණියේ තරග 6ක්ම අද (14) දිනයේ දී නිමාවට පත්විය.

එහි දී ජයග්‍රහණ වාර්තා කර ගැනීමට හලාවත මේරියන්ස්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, බදුරලිය ක්‍රිකට් සමාජය සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සමත්කම් දැක්වූහ. ඒ අතරතුර අද දිනයේ සුවිශේෂීම සිදුවීම බවට පත්වූයේ රාගම ක්‍රිකට් සමාජය නියෝජනය කරන කුසලතා පූර්ණ යොවුන් පිතිකරුවෙකු වන ලහිරු මිලන්ත ඉනිම දෙකේ දී ම ශතක රැස්කර ගැනීමයි.

NCC විශ්මයට පත් කරමින් වරාය අධිකාරිය නැවතත් තරගයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A ශ්‍රේණියේ තරග 6ක් ඊයේ (13) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක විය.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය අතර තරගය

දෙපිළේම ක්‍රීඩකයින් කරට කර සටනක නිරත වුන මෙම තරගයේ අවසන් ජයග්‍රාහකයින් බවට පත්වූයේ හලාවත මේරියන්ස් කණ්ඩායමයි. ඒ කඩුලු 6ක ජයක් වාර්තා කර ගනිමිනි.

මුල් ඉනිමේ ලකුණු 9ක් ඉදිරියෙන් පසු වුවද ටැමිල් යූනියන් කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 197කට බිඳ වැටීම තරගයේ අවසන් ප්‍රතිඵලය මේරියන්ස් කණ්ඩායමට පක්ෂ වීමට හේතුවිය. තම කණ්ඩායමට එම ස්වර්ණමය අවස්ථාව උදාකර දුන් මාලින්ද පුෂ්පකුමාර කඩුලු 4ක් බිඳ හෙලුවේය.

ඉන් අනතුරුව ඕෂධ ප්‍රනාන්දු සහ ශෙහාන් ජයසූරිය රැස්කළ අර්ධ ශතක දෙකේ පිහිටෙන් ජය කණුව කරා ගමන් කිරීම මේරියන්ස් කණ්ඩායමට අපහසු වූයේ නැත.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 305 (පන්දුවාර 81.2): ධනංජය ද සිල්වා 72, යොහාන් මෙන්ඩිස් 61, රංගන හේරත් 45, ජීවන් මෙන්ඩිස් 42, අසිත ප්‍රනාන්දු  4/51, සචිත්‍ර සේරසිංහ 3/68, ශෙහාන් ජයසූරිය 2/76.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 296 (පන්දුවාර 67.1): ඕෂධ ප්‍රනාන්දු  81, සචිත්‍ර සේරසිංහ 65, ඉසුරු උදාන 44, රංගන හේරත් 3/62, ජීවන් මෙන්ඩිස් 3/80.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 197 (පන්දුවාර 58.1): මනෝජ් සරත්චන්ද්‍ර  63, සිතාර ගිම්හාන් 61, මාලින්ද පුෂ්පකුමාර 4/86, සචිත්‍ර සේරසිංහ 2/09.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු  207 (පන්දුවාර 31.4): ශෙහාන් ජයසූරිය  62, ඕෂධ ප්‍රනාන්දු  88*, රංගන හේරත් 2/51, ධනංජය ද සිල්වා 2/60.


ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ NCC කණ්ඩායම අතර තරගය

කණ්ඩායම් දෙකේ ප්‍රථම ඉනිම් නිමා වන විට තිබූ තත්ත්වය උඩු යටිකුරු කරමින් මෙම තරගය ජය ගත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරියයි.

පළමු ඉනිමේ ලකුණු 99ක් පිටුපසින් සිටිය දී පවා ජයග්‍රහණ බලාපොරොත්තු අත්හැර නොගත් ඔවුන් NCC දෙවැනි ඉනිම ලකුණු 120කට සීමා කරමින් මෙම විශිෂ්ට ජයග්‍රහණයට අවශ්‍ය මාවත සකසා ගත්හ. ඒ අනුව අද සන්ධ්‍යා කාලය වන විට කඩුලු 6ක් දැවී ලකුණු 220ක් ලබා ගනිමින් ජය තහවුරු කර ගැනීමට වරාය අධිකාරියට හැකි විය. එම සාර්ථකත්වය පසුපස සිටි ප්‍රධාන චරිතය බවට පත්වූ චානක කොමසාරු තරගය පුරාවට කඩුලු 10ක් බිඳ හෙලමින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීය.

NCC – සියල්ලන්ම දැවී ලකුණු 220 (පන්දුවාර 55.1): මහේල උඩවත්ත 54, ළහිරු කුමාර 47, ඇන්ජලෝ පෙරේරා 42, මාලිංග අමරසිංහ 29, ලසිත්  ඇඹුල්දෙණිය 24*, මදුක ලියනපතිරණගේ 5/52, චානක කොමසාරු 3/78.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය – සියල්ලන්ම දැවී ලකුණු 121 (පන්දුවාර 40.5): අකලංක ගනේගම 24*, ළහිරු කුමාර 2/28, ලසිත් ඇඹුල්දෙණිය 2/28.

NCC (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 120 (පන්දුවාර 30.5): සචින්ත පීරිස් 27*, චානක කොමසාරු 7/49, නලීන් ප්‍රියදර්ශන 3/48.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය (දෙවන ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 220 (පන්දුවාර 76.1): ඉශාන් රංගන 51, ගයාන් මනීශාන් 46, මදුක ලියනපතිරණගේ 45, සචින්ත පීරිස් 2/48, ළහිරු කුමාර  2/35.

පොලීසියට ශතක දෙකක් අහිමි කරමින් සති අන්තය නිමා වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Tier B තරගාවලියේ මේ සතියේ අදින් (14) අවසන් වූ තරග ජය පරාජයකින් තොරව නිමා වූ අතර …

කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ සැරසන්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය සත්කාරකයින් ජය ගත්තේ ලකුණු 226කිනි. මුල් ඉනිමේ ප්‍රියමාල් පෙරේරා ලබාගත් ලකුණු 92 හේතුවෙන් කෝල්ට්ස් ඉනිම ලකුණු 246ක් දක්වා ඇදී ගිය අතර සැරසන්ස් කණ්ඩායමේ මුල් ඉනිම ලකුණු 152කට සීමා විය.

ඉන් අනතුරුව නැවතත් පිති අතටගත් කෝල්ට්ස් කණ්ඩායම දිල්රුවන් පෙරේරා සහ විශාද් රන්දික ලබාගත් අර්ධ ශතක දෙකේ පිහිටෙන් ලකුණු 372ක දැවැන්ත ඉලක්කයක් සැරසන්ස් කණ්ඩායමට ලබා දුන්හ. ඒ පසුපස හඹාගිය සැරසන්ස් දෙවැනි ඉනිම ලකුණු 145කට සීමා වූයේ දිල්රුවන් පෙරේරා සහ ප්‍රභාත් ජයසූරිය අතරේ ප්‍රතිවාදී කඩුලු 9ක් බෙදී යාමත් සමඟයි.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 246 (පන්දුවාර 79.3): ප්‍රියමාල් පෙරේරා 92, අවිශ්ක ප්‍රනාන්දු 72, සදීර සමරවික්‍රම 31, රොශාන් ජයතිස්ස 5/51, චතුර රන්දුනු 3/78, සචිත්‍ර පෙරේරා 2/48.

සැරසන්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 152 (පන්දුවාර 55): ප්‍රමෝද් මදුවන්ත 38, කවීශ්ක අංජුල 4/38, ප්‍රභාත් ජයසූරිය  3/42, මොහොමඩ් ශිරාස් 2/28.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 277 (පන්දුවාර 85.5): දිල්රැවන් පෙරේරා 52, විශාද් රන්දික 50, සදීර සමරවික්‍රම 35, සංගීත් කුරේ 34, කවීශ්ක අංජුල 35, චතුර රන්දුනු 5/107, රොශාන් ජයතිස්ස 3/56.

සැරසන්ස් ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 145 (පන්දුවාර 44.1): තානුක දාබරේ 52, දිල්රැවන් පෙරේරා 5/46, ප්‍රභාත් ජයසූරිය 4/63.

කමිඳු – ලක්ෂාන් විශිෂ්ට සබඳතාවය නිසා නවසීලන්තයේ දී සිංහ කොඩිය රැව්දේ!

මතු දිනයක ක්‍රිකට් ලොව දැවැන්තයින් වීමට සිහින දකින ක්‍රීඩකයින්ගේ මෞලි මංගල්‍යය වන 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ දිනවල …

යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ බදුරලිය ක්‍රිකට් සමාජය අතර තරගය

බදුරලිය ක්‍රිකට් සමාජයට කඩුලු 6ක පහසු ජයක් හිමිවුණු මෙම තරගය මග්ගොන සරේ විලේජ් හිදී ක්‍රියාත්මක විය. මුලින් පන්දුවට පහර දුන් යුධ හමුදා කණ්ඩායම ලකුණු 152ක් රැස්කර ගනිද්දී ඊට පිළිතුරු ලෙස බදුරලිය ක්‍රිකට් සමාජය ලකුණු 248ක් වාර්තා කළහ.

කෙසේ වෙතත් දෙවැනි ඉනිමේ දී ලකුණු 221ක් ලබා ගත්ත ද තරගය ආරක්ෂා කර ගැනීමට යුධ හමුදා පිළට හැකියාව උදා නොවීය. ඒ අනුව තරග ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය වූ ලකුණු 126 කඩුලු 4ක් පමණක් දැවී සපුරා ගන්නට බදුරලිය ක්‍රිකට් සමාජයට අද සන්ධ්‍යා කාලයේ දී අවස්ථාව උදා විය.

යුධ හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 152 (පන්දුවාර 51): අශාන් රන්දික 30, ජනිත් සිල්වා  27*, ඩිල්ශාන් ද සොයිසා 24, නද්‍රාස් ප්‍රසාද් 5/41, දිලේශ් ගුණරත්න 4/36.

බදුරලිය ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 248 (පන්දුවාර 82): රමිඳු ද සිල්වා 65, පැතුම් නිස්සංක 49, සංජය චතුරංග 69, දිල්හාන් කුරේ 31, මල්ක මදුසංක 5/41, ජානක සම්පත් 3/49.

යුධ හමුදා ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 221 (පන්දුවාර 65): දුශාන් විමුක්ති 46, ජානක සම්පත් 39, ජනිත් සිල්වා 37 අලංකාර අසංක 4/91, නද්‍රාස් ප්‍රසාද් 3/54.

බදුරලිය ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 126 (පන්දුවාර 39.2): පැතුම් නිස්සංක 60*, මල්ක මදුසංක 2/37.


රාගම ක්‍රිකට් සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

දෙපිළේම ක්‍රීඩකයින්ගේ පිතිකරණ දක්ෂතා වැඩි වශයෙන් පිළිබිඹු වූ මෙම තරගය ද නිමාවට පත්වූයේ ජය පැරදුමකින් තොරවයි.  

එහි දී සමස්ත තරගය පුරාවට කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වූයේ රාගම ක්‍රිකට් සමාජය නියෝජනය කරන 23 හැවිරිදි පිතිකරු ලහිරු මිලන්තයි. තුන්දින ක්‍රිකට් තරගයක දී ක්‍රීඩකයෙකුට ප්‍රදර්ශනය කළ හැකි ඉතාමත් විරල දක්ෂතාවයක් නිරූපණය කරමින් ඉනිම දෙකේ දී ම ශතක වාර්තා කිරීමට ඔහුට හැකි විය. මුල් ඉනිමේ දී ලකුණු 112ක් වාර්තා කර සිටි ඔහු අද දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් පන්දු 159 කදී නොදැවී ලකුණු 150ක් වාර්තා කිරීමට සමත් විය. ඒ දර්ශනීය හතරේ පහර 15ක් සහ දැවැන්ත හයේ පහර 5ක් සමඟිනි.

රාගම ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 380 (පන්දුවාර 83): ළහිරු මිලන්ත 112, ජනිත් ලියනගේ 97, ඉශාන් ජයරත්න 63, රොශේන් සිල්වා 37, තරිඳු රත්නායක 3/93, කෝසල කුලසේකර 2/32, සජීව වීරකෝන් 2/95.

මුවර්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 241 (පන්දුවාර 60): චාමර සිල්වා 121, පබසර වඩුගේ 29, අමිල අපොන්සු 6/79, නිශාන් පීරිස් 2/41.

රාගම ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 317 (පන්දුවාර 70): ළහිරු මිලන්ත 150*, උදාර ජයසුන්දර 44, රොශේන් සිල්වා 38, සමින්ද ප්‍රනාන්දු 36, නිලංක සඳකැන් 3/103, තරිඳු රත්නායක 2/69.

මුවර්ස් ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 132 (පන්දුවාර 36): පබසර වඩුගේ 69, සහන් නානායක්කාර 3/42.

කොළඹ ක්‍රිකට් සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය අතර තරගය

සීමිත පන්දුවාර තරගවල දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ද නියෝජනය කරන ක්‍රීඩකයෙකු වන සචිත් පතිරණගේ සුපිරි තුන් ඉරියව් දක්ෂතා මතුවූ මෙම තරගය කොළඹ බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී ක්‍රියාත්මක විය. මුල් ඉනිමේ දී ලකුණු 168ක සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ සචිත් මෙම තරගයේ දෙවැනි ඉනිමේ දී ද ලකුණු 84ක් වාර්තා කර ගැනීමට සමත් විය.

මීට අමතරව ප්‍රතිවාදී කඩුලු 4ක් ද බිඳ දැමීමට ඔහුගේ දඟ පන්දුවට හැකි විය. ඔහුට අමතරව මාධව වර්ණපුර (85), කවීන් බණ්ඩාර (85) සහ නිසල් ෆ්‍රැන්සිස්කෝ (72) මෙම තරගය අතරතුරේ දී පිතිකරණ දක්ෂතා ප්‍රකට කළහ.

කොළඹ ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 445 (පන්දුවාර 90.3): සචිත් පතිරණ 168, මාධව  වර්ණපුර 85, මලිත් ද සිල්වා 5/116, රමේශ් මෙන්ඩිස්  2/84.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 334 (පන්දුවාර 100.3): ප්‍රමූද් හෙට්ටිවත්ත 78, නිසල් ෆ්‍රැන්සිස්කෝ  72, නිපුන් කරුණානායක 54, රමේශ් මෙන්ඩිස් 46, සචිත් පතිරණ 4/91, අශාන් ප්‍රියන්ජන් 3/49.

කොළඹ ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 8ක් දැවී ලකුණු 310 (පන්දුවාර 58.2): කවීන් බණ්ඩාර 85, සචිත් පතිරණ 84, ළහිරු මදුසංක  52*, ළහිරු සමරකෝන් 4/75, මලිත් ද සිල්වා 3/56.

   තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න