ජාත්‍යන්තර වරම් දිනා නොගත් ශ්‍රී ලාංකිකයෙක්ටත් T10 වරම්!

106

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කර තිබෙන කෙවින් කොත්තිගොඩ ලබන මස අබුඩාබි හිදී පැවැත්වීමට නියමිත T10 ක්‍රිකට් තරගාවලියේ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම වෙනුවෙන් තේරී පත්ව තිබේ.

>>තවත් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක්ට T10 වරම්<<

වයස අවුරුදු 21ක් වන කොත්තිගොඩ දකුණු අප්‍රිකාවේ පෝල් ඇඩම්ස් පන්දු යවන ඉරියව්ව හා සමාන ඉරියව්වකින් පන්දු යවන අතර එම පන්දු යැවීමේ ඉරියව්ව තරමක් වෙනස් පන්දු යැවීමේ ඉරියව්වකි. තවමත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර නොමැති කොත්තිගොඩ මේ දිනවල පැවැත්වෙන නැගී එන අන්තර් සමාජ ලීග් ක්‍රිකට් තරගාවලියේ BRC කණ්ඩායම නියෝජනය කරමින් තරග වදිනු ලැබේ.

ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදී සිසුවෙක් වන ඔහු 2017 වසරේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් දස්කම් දැක්වීමට සමත් විය.

2019 T10 ක්‍රිකට් තරගාවලියේ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම නියෝජනය කිරීම වෙනුවෙන් වරම් දිනාගෙන තිබෙන කොත්තිගොඩට අමතරව තිසර පෙරේරා (ප්‍රධාන ක්‍රීඩකයා) හා ශෙහාන් ජයසූරිය එම කණ්ඩායම නියෝජනය කරමින් එම තරගාවලියට සහභාගී වන අනෙක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් වේ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 7කට T10 තරගාවලියට වරම්

ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග රැල්ලට තවත් අලුත් රැල්ලක් එකතු කළ T10 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරග…

2019 T10 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සහ ඔවුන්ගේ කණ්ඩායම්,

  • බංග්ලා ටයිගර්ස් – තිසර පෙරේරා (ප්‍රධාන ක්‍රීඩකයා), ශෙහාන් ජයසූරිය, කෙවින් කොත්තොගොඩ 
  • මරත ඇරබියන්ස් – ලසිත් මාලිංග, දසුන් ශානක, වනිඳු හසරංග 
  • ටීම් අබුඩාබි – නිරෝෂන් දික්වැල්ල
  • ඩෙකෑන් ග්ලැඩියේටර්ස් – භානුක රාජපක්ෂ
  • දිල්ලි බුල්ස් – කුසල් පෙරේරා, දුෂ්මන්ත චමීර
  • නෝර්දන් වෝරියර්යස් – නුවන් ප්‍රදීප්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<