ශේන් වොන්ගේ ඕස්ට්‍රේලියා සංචිතයෙන් දක්ෂයින් කිහිප දෙනෙක් හැලේ

1158

හිටපු සුපිරි ඕස්ට්‍රේලියානු දඟපන්දු යවන්නෙකු වන ශේන් වොන් 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට සුදුසු වන ඕස්ට්‍රේලියා සංචිතයක් ප්‍රකාශ කර තිබේ. සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සිය අභිමතය පරිදි ශේන් වොන් මෙම සංචිතය ප්‍රකාශයට පත්කර තිබේ.

ටේලර් සහ මැසකඩ්සාට ODI අහිමි වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් කණ්ඩායම …..

කෙසේ වෙතත් මෙම වසරේ එක්දින පිටියේ වැඩිම ලකුණු ලාභියා වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු උස්මාන් කවාජා ශේන් වොන්ගේ එක්දින සංචිතයේ නොමැති වීම කැපී පෙනෙන කරුණක්.

මෙම වසරේ දී එක්දින තරග 13කට ක්‍රීඩා කර ඇති උස්මාන් කවාජා එහි දී ලකුණු 769ක් රැස් කරගෙන සිටින්නේ 59.15ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් ද රඳවා ගනිමිනි. ශේන් වොන් ඔහු වෙනුවට සංචිතයට කැඳවා ඇත්තේ ඩාසි ශෝට්ය. තවමත් එක්දින තරග 4ක් පමණක් ක්‍රීඩා කර ඇති ශෝට් පසුගිය වසරේ නොවැම්බර් මාසයෙන් පසු එක්දින තරගයකට සහභාගී වී නැත.

පන්දුව පළුදු කිරීමේ සිදුවීමට තරග තහනමට ලක්ව සිටින ඩේවිඩ් වෝනර් සහ ස්ටීවන් ස්මිත් වොන්ගේ ලෝක කුසලාන ඕස්ට්‍රේලියානු සංචිතයේ ඇතුළත් වන තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකි. වොන්ගේ අදහස අනුව නම් ඩාසි ශෝට් සමඟ ඩේවිඩ් වෝනර් ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළ යුතුය.

ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ ඕස්ට්‍රේලියානු එක්දින නිත්‍ය නායක ඒරන් ෆින්ච් අංක 3 පිතිකරු ලෙස වෝන් නම් කර තිබේ. ස්ටීවන් ස්මිත්ට වොන්ගේ කණ්ඩායමේ අංක 4 හිමිව තිබේ.

වර්ෂාව හරස් කැපූ තරගයේ දී අකිලගෙන් කඩුලු 5ක්!

සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ මේ දක්වා …

පසුගිය වකවානුවේ දී දක්ෂතා දැක්වූ වේගපන්දු යවන ක්‍රීඩක පීටර් හෑන්ඩ්ස්කොම්බ් ද ශේන් වොන්ගේ ලෝක කුසලාන ඕස්ට්‍රේලියානු සංචිතයේ ඇතුළත් නොවීම විශේෂිත කරුණකි. මැදපෙළ පිතිකරු ශෝන් මාෂ්ට ශේන් වොන්ගේ ලෝක කුසලාන සංචිතයේ ඉඩක් වෙන්වූවද පළමු එකොළොස් දෙනා අතරට ඔහු ඇතුළත් කර නොමැත.

ශේන් වොන්ගේ ලෝක කුසලාන ඕස්ට්‍රේලියානු සංචිතයේ මැදපෙළ පිතිකරුවන් ලෙස නම් කර ඇත්තේ ග්ලේන් මැක්ස්වෙල්, මාකස් ස්ටොයිනිස්, ඇලෙක්ස් කේරීයී. පැට් කමින්ස්, මිචෙල් ස්ටාක්, ජායි රිචඩ්සන් සහ ඇඩම් සැම්පා පන්දු යවන්නන් ලෙස පළමු ක්‍රීඩකයින් එකොළොස් දෙනා අතරට ඇතුළත් වනවා.

කෙසේ වෙතත් ශේන් වොන් සඳහන් කර ඇත්තේ සිය අභිමතය පරිදි ලෝක කුසලානය සංචිතය ප්‍රකාශ කළේ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන එංගලන්තය හා වේල්සයේ ක්‍රීඩාංගණවල තත්වය විමසා බැලීමෙන් පසුව බවයි.

ලෝක කුසලාන එක්දින සංචිතය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් අප්‍රේල් මස 23 වැනිදා වන විට නිවේදනය කිරීමට අපේක්ෂාවෙන් පසුවේ.

දිමුත් සහ තිසර මහනුවර දිනවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් ……..

ක්‍රීඩකයින් 20 දෙනෙකු අතුරින් ක්‍රීඩකයින් 15 දෙනෙකු තෝරා ගැනීම අපහසු කාර්යයක් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ශේන් වොන්ගේ සංචිතය:

ඩේවිඩ් වෝනර්, ඩාසි ශෝට්, එ්රන් ෆින්ච්, ස්ටීවන් ස්මිත්, ග්ලේන් මැක්ස්වෙල්, මාකස් ස්ටොයිනිස්, ඇලෙක්ස් කේරි, පැට් කමින්ස්, මිචෙල් ස්ටාක්, ජායි රිචඩ්සන්, ඇඩම් සැම්පා

අතිරේක ක්‍රීඩකයින්:

ශෝන් මාෂ්, නේතන් ලයන්, ඇශ්ටන් ටර්නර්, කෝල්ටර් නයිල්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<