මෙරට කෙටිදුර ධාවන නාමය ජාත්‍යන්තර තලයට රැගෙන යමින් පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් රන් පදක්කම් ත්‍රිත්වයක් මෙන්ම ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ රැසක් මෙරටට දිනා දෙන්නට ශෙහාන් අඹේපිටිය සමත් විය.
ක්‍රිකට් ක්‍රීඩාවට මහත් ළැදියාවක් දැක්වූ පවුල් පසුබිමක ඔහු හැදී වැඩුනත්, ක්‍රීඩාවට යොමු වීමට මහත් මැලිකමක් දැක්වූ ශෙහාන් අහම්බෙන් හිමි වූ අවස්ථාවක් නිසාවෙන් පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් ක්‍රීඩාවට අවතීර්ණ විය.
අහම්බෙන් ලද අවස්ථාවෙන් සිය හැකියාවන් පිළිබඳව වටහා ගත් ශෙහාන් කෙටිදුර ධාවන පිටියේ වාර්තා රැසකට හිමිකම් කියන්නට පසුව සමත් විය.
මෙවර Photo Story ලිපිය වෙන් වන්නේ බාධක රැසක් ජයග්‍රහණය කරමින් ශෙහාන් මලල ක්‍රීඩා පිටියේ ආ ගමනේ දී කැමරා කාචයන්හි සටහන් වූ සේයා රූ වෙනුවෙනි.
1. පාසල් වියේ සිටම කෙටිදුර දස්කම්

2. ජාත්‍යන්තර යොවුන් පිටියේ ආධිපත්‍ය

3. දකුණු ආසියානු පිටියේ වැඩකිඩ

4. ක්‍රීඩා දිවිය වෙනස් කළ ජැමෙයිකානු පුහුණුව

5. ජාතික වාර්තාවක්

තවත් Photo Stories:
- Photo Story – ලාංකීය කෙටිදුර ධාවනය කලඑලි කරන යොවුන් ශූරිය
- Photo Story- වාර්තා පොත් අලුතින් ලියවන දිගුදුර ශූරිය
- Photo Story – ආබාධ මතින් ජය කණුව කරා ගිය පානදුරේ වීරවරිය
- Photo Story – ඔලිම්පික් සිහිනයට පන පොවන හලාවත දිරිය දියණිය
- Photo Story – ලාංකීය මලල ක්‍රීඩාවට පෑයූ නව අරුණැල්ල
6. දකුණු ආසියාවේ තවත් ජයක්

7. ජාතික තේරීම් තරගවල දස්කම්

8. තමාගේම වාර්තාවම බිඳ හෙළීම

9. පසුබෑමකට ලක් වූ ජාතික ශූරතාවය

10. සියල්ලන් මවිත කරමින් ක්‍රීඩා පිටියට සමුදීම
2019 ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ මීටර් 200 මූලික වටය තත්පර 21.60ක කාලයකින් අවසන් කරමින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශෙහාන් සමත් වූවත් එම තරගයෙන් අනතුරුව ඔහු ඉදිරි තරග සඳහා සහභාගී නොවන බව පවසමින් වසර 16කට ආසන්න මලල ක්‍රීඩා දිවියට සමුදීමට ඔහු තීරණය කරන ලදි.
සමුගැනීමෙන් පසුව ද මෙරට මලල ක්‍රීඩාවට පරිපාලනය ඔස්සේ සහය දැක්වීමට බලාපොරොත්තුවෙන් සිටින ශෙහාන් මෙරට මලල ක්‍රීඩාව ජාත්‍යන්තර තලයේ බැබළවීමට අමිල සේවයක් ඉටු කළ ක්‍රීඩකයෙකි, ඔහුගේ දිවියේ ඉදිරි සිහින සපුරා ගනිමින් තම ඉලක්කය වෙත යෑමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ThePapare.com අප ප්‍රාර්ථනා කරන්නෙමු.
තවත් Photo Story ලිපියක් සමඟින් හමුවෙමු. රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<






















