බාහිර පුහුණුකරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සහනයක්

111

මේ දිනවල පැතිර යන කොරෝනා වයිරස තත්වය නිසා මෙරට පාසල් වසා දැමීමට සිදුව ඇති නිසාවෙන් එම පාසල්වලට බාහිරින් බඳවා ගත් ක්‍රීඩා හා විෂය සමගාමී පුහුණුකරුවන් සඳහා මෙම තත්වය අවසන් වන තුරු දීමනාවක් ගෙවන ලෙස අධ්‍යාපනය අමාත්‍යාංශය මගින් දැනුම් දී ඇත.

පුහුණුකරුවන් රැක ගන්න ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සැලැස්මක්!

මේ දිනවල පැතිර යන කොරෝනා වයිරසය නිසාවෙන් මෙරට ……..

අදාළ බලධාරීන් වෙත ලිපියක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දැනුම් දී තිබුණේ 2020 වසර සඳහා බඳවා ගත් වෙනත් රැකියාවක් සිදු නොකරන පුහුණුකරුවන් සඳහා මාර්තු මස සිට නැවතත් ක්‍රීඩා හා විෂය සමගාමී ක්‍රියාකාරකම් ආරම්භ කරන තෙක් මාසිකව දීමනාවක් ගෙවන ලෙසයි.

“Covid-19 ව්‍යසනය හමුවේ රජයේ සහ පෞද්ගලික පාසල් සඳහා නිවාඩු ලබා දීමට සිදු වූ බැවින් දරු දැරියන්ගේ ක්‍රීඩා සහ වෙනත් විෂය සමගාමී ක්‍රියාකාරකම් සංවර්ධනය කිරීම සඳහා පාසල් මගින් බඳවා ගනු ලැබූ පුහුණුකරුවන්ගේ මාසික දීමනා නොලැබීම හේතුවෙන් ඔවුන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව වාර්තා වේ.”

“එබැවින් පාසලේ ක්‍රීඩා හා විෂය සමගාමී කටයුතු සංවර්ධනය සඳහා ඔවුන් කරන ලද සේවය ද සැලකිල්ලට ගෙන පාසල් සංවර්ධන සමිති/ ආදිශිෂ්‍ය සංගම් වෙතින් දීමනා ලබන, දැනට පාසල්වල පුහුණුකරුවන් ලෙස විධිමත් පරිදි 2020 වර්ෂයට බඳවා ගත් (වෙනත් රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ රැකියාවක නිරත නොවෙන) 2020 මාර්තු මාසයේ සිට නැවත පාසල් ආරම්භ කර පුහුණු කටයුතු සිදු කරන තෙක් ඔවුන් වෙත, ගෙවන ලද දීමනාවෙන් 25% උපරිමයකට යටත්ව දීමනාවක් හෝ දැනට රුපියල් 5000ක් හෝ ඊට අඩු දීමනාවක් ගෙවන්නේ නම් එම මුළු දීමනාවම මාසිකව ගෙවීමට කටයුතු කරන ලෙස කාරුණික දන්වමි” යැයි එම ලිපියේ වැඩි දුරටත් සඳහන් කර තිබුණි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න මුල් පිටුවට <<