තරග පාවාදීම කාන්තා ක්‍රිකට් වලටත්?

87

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුල තරග පාවාදීමේ අවස්ථාවන් කීපයක් පසුගිය දිනවල දී වාර්තා විය. මෙම තරග පාවාදීම ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය වැනි රටවල් තුල වැඩි වශයෙන් ව්‍යාප්තව පවතින බව පසුගිය කාලය තුල දක්නට ලැබුණි. 

තරග පාවාදීම වර්තමානය වන විට කාන්තා ක්‍රිකට් තරග තුලට ද පැමිණ ඇත. ඒ සම්බන්ධයෙන් ආසන්නතම සිදුවීම පසුගිය දා ඉන්දියාවෙන් වාර්තා විය. 

පරාජයන් හමුවේ බංග්ලාදේශ සංචිතය වෙනස් කරයි

මේ දිනවල බංග්ලාදේශයේ දී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ දී…

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ තරග පාවාදීම වැළැක්වීමේ කමිටුව පසුගිය දා බැංගලෝර්හි පොලිසිය සමඟින් විශේෂ වැටලීමක් සඳහා සම්බන්ධ විය. ඒ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවකට තරග පාවාදීම සඳහා විශාල මුදලක් ගෙවීමට පුද්ගලයන් දෙදෙනෙකු බලපෑම් කිරීමෙන් අනතුරුවය. 

මෙම සිදුවීම ආරම්භ වී ඇත්තේ අදාල ක්‍රීඩිකාවගේ කළමනාකරුවන් මාර්ගයෙන් මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයන් තරග පාවාදීම සඳහා බලපෑම් කිරීමත් සමඟිනි. ඉන් අනතුරුව මෙම සිදුවීම පිළිබඳව ක්‍රීඩිකාව පැමිණිලි කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට මධ්‍ය අපරාධ අංශය ක්‍රියා කර ඇත. 

පොලිස් ආරංචි මාර්ග පවසන ආකාරයට ඉන්දීය කණ්ඩායමේ පන්දු ‍යවන ක්‍රීඩිකාවක් වන මෙම ක්‍රීඩිකාවට රකේශ් බෆ්නා හා ජිතේන්ද්‍ර කෝතාරි නම් පුද්ගලයන් මෙලෙස තරග පාවාදීමට යෝජනා කර ඇති බවයි. ඒ මෙම වසරේ පෙබරවාරි මස පැවති ඉන්දීය – එංගලන්ත ක්‍රිකට් තරගාවලිය අතරතුර දී ය. එම අවස්ථාව වන විට ඉන්දීය ක්‍රීඩිකාව ජාතික ක්‍රිකට් ඇකඩමියේ පුහුණුවීම් සඳහා සහභාගිව සිට ඇත. 

එම ආරංචි මාර්ග පවසන ආකාරයට කෝතාරි නම් පුද්ගලයා දිල්ලි හි ක්‍රිකට් කළමනාකරුවෙකු ලෙස පෙනී සිටිමින් පසුගිය වසරේ දී ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ක්‍රීඩිකාවට කළමනාකරණ සේවය සැපයීමට යෝජනා කර ඇත. එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව ඔහු විසින් කළමනාකරණ කොන්ත්‍රාත්කරුවක් ද එවා ඇත. 

මැතිව් වේඩ් ගඟට ඉනි කපද්දී එංගලන්තය තරගාවලිය සම කරති!

ඕස්ට්‍රේලියානු මැදපෙළ පිතිකරු මැතිව් වේඩ් සිව්වැනි ඉනිමේ ලබාගත් විශිෂ්ට ශතකය ඵල රහිත…

එම අවස්ථාවන් සියල්ල ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව පසුගිය පෙබරවාරි මාසයේ දී කෝතාරි විසින් මෙම සිදුවීමට සම්බන්ධ අනෙක් පුද්ගලයා වන බෆ්නා හරහා මෙම ක්‍රීඩිකාවට සම්බන්ධ වීමට උත්සාහ කර ඇත්තේ ඔවුන්ට ගනුදෙනුවක් ඇති බව පවසමිනි. 

මෙම බෆ්නා නැමැති පුද්ගලයා ඉන්දීය කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩිකාවන් ද සම්බන්ධ කරගැනීමට උත්සාහ දරා ඇත. කෙසේ වෙතත් මෙම බලපෑම් ඉන්දීය ක්‍රිකට් ආයතනය වෙත පැමිණිලි කිරීමට ක්‍රීඩිකාව කටයුතු කිරීමත් සමඟින් මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු හෙළිවී ඇත. 

ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපති වන අජිට් සිං පවසා සිටියේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය දැනුවත් කර ඇති බවය. මෙම කෝතාරි නම් පුද්ගලයා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් කීපදෙනෙකුටම කළමනාකරු ලෙස සම්බන්ධ වීමට උත්සාහ කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන් පරීක්ෂණයක් සිදු කරන බවත් අජිට් සිං පවසා සිටියා. 

Cricbuzz ඇසුරිනි 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<