පුහුණුකරුවන් රැක ගන්න ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සැලැස්මක්!

61

මේ දිනවල පැතිර යන කොරෝනා වයිරසය නිසාවෙන් මෙරට ක්‍රීඩා තරග බොහෝමයක් නවතා දැමීමට සිදුව ඇති අතර ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කැපී වී සිටින අයගේ ආදායම් මාර්ග ඒ අනුව අහිමි වී යාම නිසාවෙන් ඔවුන්ට සහනයක් වන්නට ක්‍රීඩා අමාත්‍යාංශය යෝජනාවත් ඉදිරිපත් කර ඇත.

ලොව පැරණිතම ධාවන තරගයටත් කොරෝනා හරස් වේ

දිනෙන් දින වර්ධනය වෙමින් ලොව පුරා පැතිර යන කොරෝනා වයිරසය…

සියලුම ක්‍රීඩා සංගම්/සම්මේලන වෙත ලිපියක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා ඉල්ලා සිටින්නේ, මෙරට ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කැප වෙන පිරිසගේ ආසන්තම අධීක්ෂණ හා නියාමන ආයතනය ලෙස කටයුතු කරන එම සංගම්/ සම්මේලන මගින්, ඔවුන්ට අයත් පුහුණුකරුවන් (රජයෙන් හෝ කිසිදු ආකාරයකින් සහනයක් නොලද අයවළුන්) සඳහා සංගමයේ/ සම්මේලනයේ මූලය තත්වය මත මෙම අර්බුදකාරී තත්වය නිමා වන තෙක් රුපියල් 5000ක දීමනාවක් ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

එමෙන්ම මෙම පුහුණුකරුවන්ගේ සේවය මෙරට ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා අතිශයින් වැදගත් බැවින් ඔවුන් වෙනුවෙන් හැකි ඉක්මනින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර පත්ව ඇති අසීරු තත්වයෙන් මිදීමට ඔවුන්ට සහනයක් වෙන ලෙස ද එතුමා වැඩි දුරටත් ලිපියේ සඳහන් කර තිබුණි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න මුල් පිටුවට <<