අකිල ඇතුළු St. Kitts & Nevis Patriots 6IXTY ශූරතාවය දිනා ගනී

The 6IXTY ක්‍රිකට් තරගාවලිය 2022

497

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදී පැවැති The 6IXTY හෙවත් නවතම පන්දුවාර 10 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට, ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක අකිල දනංජය ප්‍රමුඛ, St. Kitts & Nevis Patriots කණ්ඩායම අද (29) අලුයම සමත් වුනා.

ඔවුන් හමුවේ අවසන් මහා තරගයේ දී කඩුලු 3කින් පරාජයට පත් වුනේ සීක්කුගේ ප්‍රසන්න ක්‍රීඩා කළ Trinbago Knight Riders කණ්ඩායමයි.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්

  • St. Kitts & Nevis Patriots – Andre Fletcher, Evin Lewis (නායක), Sherfane Rutherford, Dewald Brevis, Chris Gayle, Dominic Drakes, Duan Jansen, Jon-Russ Jaggesar, Joshua Da Silva †, Jeremiah Louis, Akila Dananjaya
  • Trinbago Knight Riders – Sunil Narine (නායක), Tion Webster, Andre Russell, Tim Seifert †, Terrance Hinds, Seekkuge Prasanna, Akeal Hosein, Ravi Rampaul, Khary Pierre, Jayden Seales, Anderson Phillip

St. Kitts හි Warner Park ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනූ St. Kitts & Nevis Patriots ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් Knight Riders පන්දුවාර 9කුත් පන්දු 3ක් අවසානයේ නියමිත කඩුලු 6ම දැවී ලකුණු 84ක් ලබා ගන්නට සමත් වුනා.

දැවැන්ත 6 පහර 3ක් සමඟ පන්දු 13ක දී ලකුණු 22ක් ලබා ගත් Russell දුවද්දී දැවී ගිය අතර, කඩුලු රකින ක්‍රීඩක Tim Seifert පන්දු 25කින් නොදැවී ලකුණු 37*ක් ලබා ගත්තා.

ඉනිමේ අවසන් පන්දුවාර දෙක තුල පිටියට පැමිණි සීක්කුගේ ප්‍රසන්න පළමු පන්දුවෙන්ම දවා ගැනීමට Drakes සමත් වුනා.

පන්දු යැවීමේ දී Drakes ලකුණු 17කට කඩුලු 2ක් දවා ගත්තා. ඊට අමතරව අකිල දනංජය එක් කඩුල්ලක් බිඳ දැමුවේ ලකුණු 15ක් පමණක් ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Nevis Patriots සිය ඉනිම නිමා වීමට පන්දු 2ක් ඉතිරිව තිබිය දී කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර යන්නට සමත් වුනා.

එහි දී Fletcher නොදැවී ලකුණු 27*ක් (23) හා නායක Lewis ලකුණු 32ක් (16)ක් රැස් කළා. පන්දු 16කට මුහුණ දුන් Gayle නොදැවී ලකුණු 15* (16)ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී Russell ලකුණු 11කට කඩුලු 2ක් දවා ගන්නට සමත් වුනා.

මේ තරගාවලියට සමගාමීව පැවැත්වුණු කාන්තා තරගාවලියේ ශූරතාවය දිනා ගත්තේ Barbados Royals කාන්තා ක්‍රිකට් කණ්ඩායමයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<