ප්‍රංශ සංවිධායකයන් බලාපොරොත්තු අත්නොහරී

65

මේ දිනවල පැතිර යන කොරෝනා වයිරසය නිසාවෙන් ලොව පුරා බොහෝ තරගාවලීන් කල් දැමීමට සංවිධායකයින් තීරණය කර ඇත. ඒ අනුව මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ විශාලතම ක්‍රීඩා තරගාවලිය වන ගිම්හාන ඔලිම්පික් උළෙල ද වසරකින් කල් යා හැකි බව පසුගිය දා නිවේදනය කෙරුණි.

ඔලිම්පික් වසරකින් පස්සට යයි

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල මෙම වසරේ ජූලි මස ජපානයේ ටෝකියෝ නුවර දී …….

කෙසේ නමුත් මෙම වසරේ අගෝස්තු මාසයේ දී ආරම්භ වීමට නියමිත යුරෝපා මලල ක්‍රීඩා තරගාවලිය කිසිදු කල් දැමීමකින් තොරව පැවැත්වීමට හැකි වෙතැයි එහි සංවිධායකයින් වන ප්‍රංශ බලධාරීන් බලාපොරොත්තුවෙන් පසුවේ. මේ පිළිබඳව අදහස් දක්වමින් එරට මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානී “Periklis Iakovakis” ප්‍රකාශ කර සිටියේ මෙම තරගාවලිය තවමත් සැලසුම් පරිදි පැවැත්විය හැකි බවයි.

“පැරිස් තරගාවලිය තවමත් ඉදිරියට යා හැකියි. මෙවැනි දුෂ්කර කාලවල දී පවා ධනාත්මක දේ තිබිය හැකියි. මෙය ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඉතාමත් මානසික පීඩනයක් හා ව්‍යාකූලතාවයක් ගෙනෙන කාලවකවානුවක් වී ඇති අතර මෙම වයිරස තත්වයට මුහුණ දීමේ දී අප සෑම දෙනාගෙම සෞඛ්‍යය හා යහපැවැත්ම පිළිබඳව අවධානය යොමු කළ යුතුයි“ යන්න ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

මීට අමතරව අදහස් දැක්වූ යුරෝපානු මලල ක්‍රීඩා සංගමය ප්‍රකාශ කර සිටියේ ක්‍රීඩකයන්, නරඹන්නන්, ස්වේච්ඡා සේවකයන් ඇතුළු මෙයට සහභාගි වන සියලුම දෙනාගේ සෞඛ්‍ය හා ආරක්ෂාව සැපයීම ඔවුන්ගේ ප්‍රමුඛතාවය බවයි.

මෙවර යුරෝපානු මලල ක්‍රීඩා අගෝස්තු මස 25 සිට 30 දක්වා ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැත්වීමට නියමිතව පවතී. කෙසේ නමුත් පවතින මෙම අනාරක්ෂිත තත්වය හමුවේ තරගාවලිය පිළිබඳව ඉදිරි තීරණයක් ගැනීම මැයි මස පැවැත්වෙන යුරෝපානු මලල ක්‍රීඩා සංගම රැස්වීමේ දී සිදු වනු ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<