ඔලිම්පික් වසරකින් පස්සට යයි

75

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල මෙම වසරේ ජූලි මස ජපානයේ ටෝකියෝ නුවර දී පැවැත්වීමට නියමිතව පැවති නමුත් මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වයිරසට නිසාවෙන් මෙම උළෙල වසරකින් කල් දැමීමට සංවිධායකයින් තීරණය කර ඇත. 

ඔලිම්පික් බලධාරීන්ට නන් දෙසින් චෝදනා

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල එළඹෙන ජූලි මාසයේ ජපානයේ ටෝකියෝ නුවර දී ආරම්භ වීමට නියමිතව පවතී. කෙසේ නමුත් මේ දිනවල ලොව පුරා ඉතා ….

කෙසේ නමුත් මින් පෙර ජපන් ඔලිම්පික් බලධාරීන් විසින් කලින් සැලසුම් කර පරිදි ක්‍රීඩා උළෙල පැවැත්වීමට කටයුතු කරන බව ප්‍රකාශ කිරීමත් සමඟ බොහෝ ක්‍රීඩකයන් හා මලල ක්‍රීඩා සංගම එම තීරණය විවේචනය කරන්නට වූයේ මෙය ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය අනතුරේ හෙලන බවය පවසමිනි.

තවද නිවේදනයක් නිකුත් කරමින් කැනේඩියානු මලල ක්‍රීඩා සංගමය ප්‍රකාශ කර සිටියේ ඔවුන් කිසිදු ක්‍රීඩකයෙක් මෙම තත්වය මත ඔලිම්පික් සඳහා සහභාගි නොකරන බවය. මීට අමතරව ඕස්ට්‍රේලියානු මලල ක්‍රීඩා සංගමය මෙන්ම ස්පාඤ්ඤ මලල ක්‍රීඩා සංගමය ද පවසා සිටියේ තරගාවලිය කල් දමා ක්‍රීඩකයන්ට කාලය ලබා දිය යුතු බවයි.

අවසානයේ මෙම තත්වය සැලකිල්ලට ගනිමින් අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමයේ සභාපති සෙබස්තියන් කෝ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව වෙත ලිපියක් නිකුත් කරමින් මෙම පවතින වයිරස තත්වය සැලකිල්ලට ගනිමින් මෙවර තරගාවලිය කල් දැමීමක් සිදු කරන ලෙසයි.

අන්තර්ජාතික මළල ක්‍රීඩා සංගමයේ සභාපති සෙබස්තියන් කෝ මහතා
අන්තර්ජාතික මළල ක්‍රීඩා සංගමයේ සභාපති සෙබස්තියන් කෝ මහතා

“මම සියලුම ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන් සමඟ මෙම තත්වය පිළිබඳව සාකච්ඡා කළා. ලොව පුරා විවිධ මට්ටමින් මෙම රෝගය පැතිර යමින් පවතින බව අප සියල්ලන් දන්නා කරුණක්. මෙම තත්වය මත මෙවර ජූලි මාසයේ දී මෙම තරගාවලිය පැවැත්වීම සුදුසු නොවේ” යන්න ඔහු එහි සඳහන් කර සිටියා.

මෙලෙස තරගාවලිය කල් දැමීම සඳහා ඉල්ලීමක් කළ ප්‍රථම අන්තර්ජාතික සංගමය මෙය වන අතර මීට අමතරව බොහෝ රටවල්වල ක්‍රීඩා සංගම් විසින් විටින් විට මෙම තරගාවලිය කල් දමන ලෙස ඉල්ලීම් කර ඇත.

මෙම සියලුම තත්වයන් සැලකිල්ලට ගනිමින් පසුගිය දා අන්තර්ජාතික ඔලිම්පික් කමිටු රැස්වීමේ දී බලධාරීන් විසින් මෙම වයිරසයේ හැසිරීම සලකා බලා සති හතරක් තුළ මෙම තරගාවලිය පිළිබඳව අවසන් තීරණයක් ලබා දෙන ලෙස දන්වා තිබුණි. 

මීට අමතරව අදහස් දක්වමින් ජපාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ මෙම ඔලිම්පික් උළෙල කල් යාමට ඉඩ ඇති බවයි. ජපන් බලධාරීන් විසින් තම ස්ථාවරය වෙනස් කළ ප්‍රථම අවස්ථාව මෙය වන අතර අන්තර්ජාතික ඔලිම්පික් කමිටු සාමාජික ඩී. පවුන්ඩ් මහතා ප්‍රකාශ කර සිටියේ මෙම තරගාවලිය වසරකින් කල් යා හැකි බවයි.

“අපට ලැබී ඇති තොරතුරු මත මෙම කල් දැමීම අප තීරණය කළා. මා දන්නේ මෙම තරගාවලිය නියමිත දිනට ආරම්භ නොවන බව පමණි. අප ඔවුන්ට තීරණය කිරීමට සති 4ක කාලයක් ලබා දී තිබුනත් මෙය පිළිබඳව නිල ප්‍රකාශයක් ඉක්මනින් නිකුත් වෙයි” යන්න ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

කැනඩාව, ඕස්ට්‍රේලියාව, ස්පාඤ්ඤ මෙන්ම මහා බ්‍රිතාන්‍යය ද තම කණ්ඩායම් මෙම උළෙල සඳහා සහභාගි නොකරන බව ප්‍රකාශ කර ඇති පසුබිමක මෙම තරගාවලිය පිළිබඳව නිල නිවේදනයක් නිකුත් වන තුරු සියල්ලන් ඉතා අවධානයෙන් බලා සිටී.

ලෝකයේ බොහෝ රටවල් පුරා දිනෙන් දින පැතිර යන කොරෝනා වයිරසය නිසාවෙන් මේ වන විට රටවල් 180කට අධික සංඛ්‍යාවක පුද්ගලයන් 16,500කට අධික සංඛ්‍යාවක් මිය ගොස් තවත් පුද්ගලයන් 382,000කට අධික සංඛ්‍යාවක් රෝගී තත්වයට පත්ව ඇත.

        >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<