මුරලි කුසලානයේ අවසන් 4ට නොසිතූ පාසලක්

905
Murali Cup 2016

තාරුණ්‍යයේ ජවය සොයා සහ අනාගත තරු සොයා යන “මුරලි සමගි” කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තවත් තරඟ කිහිපයක්ම අද (23) උතුරු පළාතේ ක්‍රීඩාංගණ කිහිපයකදීම  පැවැත්විණි.

කොළඹ රාජකීය විද්‍යාලය හා උඩරට පාසල් සංයුක්ත කණ්ඩායම අතර තරඟය

A කාණ්ඩයේ තරඟයක් ලෙස යාපනය පැට්රික් විදුහල් පිටියේදී මෙම තරගය පැවැත්විණි.

මෙම තරඟය තුළ රාජකීය විද්‍යාලය වෙනුවෙන් ක්‍රිශිකාන් රවීන්ද්‍රනාතන ලකුණු 43ක් ලබාගෙන දක්ෂ ඉණිමක් දියත් කරන ලදි.

රාජකීය විද්‍යාලය – 159/06 (20): ක්‍රිශිකාන් රවීන්ද්‍රනාතන් 43, පසිදු සූරියබණ්ඩාර 35

දෙවන ඉණිම ඇරඹූ උඩරට කණ්ඩායම වෙනුවෙන් අකලංක හැරෙන්නට වෙනත් පිතිකරුවෙකුට යම්තරමින් හෝ සාර්ථක වීමට නොහැකි විය.

උඩරට සංයුක්ත කණ්ඩායම – 89/09 (20): එම්. එම්. ජී. කේ. අකලංක 25, චාරුක හතරසිංහ 2/15, හේලිත විතානගේ 2/17

රාජකීය විද්‍යාලයට ලකුණු 70ක දැවැන්ත ජයග්‍රහණයක්


යාපනය මධ්‍ය මහා විද්‍යාලය හා මොණරාගල පාසල් සංයුක්ත කණ්ඩායම අතර තරඟය

මෙම තරඟය B කාණ්ඩයේ තරඟයක් ලෙස යාපනය මැදි විදුහල් පිටියේදී අවසන් විය.

මෙම තරඟය අද පැවැත්වූ තියුණුතම තරඟය වූ අතර මෙහිදී යාපනය මධ්‍ය විද්‍යාලයට යළිත් හොඳ ලකුණක් ලබාදීමට ශ්‍රීකාන්ත්රාජ් කොවත්මාන් සමත් වූ අතර ඔහු ලකුණු 26ක් ලබාගන්නා ලදි.

යාපනය මධ්‍ය මහා විද්‍යාලය – 144/08 (20): ශ්‍රීකාන්ත්රාජ් කොවත්මාන් 26, සිවපත්සුන්තරම් අලන්රාජ් 24, නිරන්ත ද සිල්වා 3/17

තරගයේ තියුණු බව වැඩිකරමින් අංජුල ප්‍රසන්නජිත් මොණරාගල කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගෙන ජයග්‍රහණය අසලටම තම කණ්ඩායම ගෙන ආවද අවසානයේ තියුණු ජයක් යාපනය මධ්‍ය විද්‍යාලයට හිමිවිය.

මොණරාගල සංයුක්ත කණ්ඩායම – 143/07 (20): අංජුල ප්‍රසංන්ජිත් 53, ඇන්ටන් රමේශ් 3/20

යාපනය මධ්‍ය මහා විද්‍යාලය මෙම තරඟයෙන් එක් ලකුණක තියුණු ජයක් ලබාගන්නා ලදි.

ඡායාරූප ඇල්බමය


සීනිගම පාසල් සංයුක්ත කණ්ඩායම හා යාපනය පාසල් සංයුක්ත කණ්ඩායම අතර තරඟය

මෙම තරඟයද A කාණ්ඩයේ තරඟයක් ලෙස යාපනය පැට්‍රික් විදුහල් පිටියේදී පැවැත්විණි.

4 පහරවල් 6ක් හා එක් 6 පහරක් සමඟින් සීනිගම පාසල් සංයුක්ත කණ්ඩායම ඉහල මට්ටමකට ඔසවා තැබීමට චතුර මිලාන් සමත් විය. ඔහු ලකුණු 41ක් ලබාගන්නා ලදි.

සීනිගම පාසල් සංයුක්ත කණ්ඩායම – 133/10 (19.2): චතුර මිලාන් 41, නිලංක රුක්ෂිත 36*, වසන්තන් ජතුශන් 3/20

නායක ෆෙලෙමින් හැරෙන්නට වෙනත් කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට සීනිගම කණ්ඩායමේ පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැත. ෆෙලෙමින් එක් 4 පහරක් සමඟින් ලකුණු 29ක් තම කණ්ඩායම වෙනුවෙන් ලබාගන්නා ලදි.

යාපනය සංයුක්ත කණ්ඩායම – 74/09 (20): එස්. පී. ජේ. ෆෙලෙමින් 29, උෂාන් ඉමන්ත 4/14

සීනිගම සංයුක්ත කණ්ඩායමට ලකුණු 59ක ජයග්‍රහණයක්


මරදාන සහිරා විද්‍යාලය හා මරදාන සාන්ත ජෝශප් විද්‍යාලය අතර තරඟය

මෙය B කාණ්ඩයේ තරඟයක් ලෙස යාපනය මැදි විදුහල්  පිටියේදී පැවැත්විණි.

එක් 4 පහරක් හා මනරම් 6 පහරවල් 2ක් සමඟින් සජිත් සමීර සහිරා විද්‍යාලය වෙනුවෙන් ලකුණු 41ක් ලබාගන්නා ලදි.

සහිරා විද්‍යාලය – 115/08 (20): සජිත් සමීර 41, මොහොමඩ් කහාලිඩ් 19, හරීන් කුරේ 2/11

දෙවනුව පිටියට පැමිණි සාන්ත ජෝශප් කණ්ඩායම වෙනුවෙන් ශෙවෝන් ප්‍රනාන්දු අලංකාරවත් 4 පහරවල් 11ක් හා එක් 6 පහරක් සමඟින් තම අර්ධ ශතකය වාර්තා කල අතර ඔහුගේ අර්ධ ශතකය ලකුණු 54කට සීමා වන ලදි.

සාන්ත ජෝශප් විද්‍යාලය – 117/03 (15.1): ශෙවෝන් ප්‍රනාන්දු 54, සංජය මදුරවල 39, හුසේන් අන්ෆාස් 1/21

සාන්ත ජෝශප් විද්‍යාලය කඩුලු 07ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.


කොළඹ නාලන්දා විද්‍යාලය හා රත්නපුර සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය C කාණ්ඩයේ තරඟයක් ලෙස කිලිනොච්චියේදි සාර්ථකව අවසන් විය.

නාලන්දා විද්‍යාලය වෙනුවෙන් සචිත සුභසිංහ මෙම තරගයේ දී ද ලකුණු අතරට පිවිසෙමින් 4 පහරවල් 5ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 47ක් ලබාගෙන සිටියදී අවාසනාවන්ත ලෙස දැවීයන ලදි.

නාලන්දා විද්‍යාලය – 175/05 (20): සචිත සුභසිංහ 47, ලක්ෂිත මානසිංහ 36*, රාජිත නිර්මාල් 3/34

ශකිල ප්‍රභාෂ්වර තම ඉණිම ගොඩනැංවීමට තනිව උත්සාහ කලද එම උත්සාහය ව්‍යවර්ථ විය. ඔහ ලකුණු 23කට දැවීයන ලදි.

ඇලෝසියස් විද්‍යාලය – 102/07 (20): ශකිල ප්‍රභාෂ්වර 23, රාජිත නිර්මාල් 20, ලක්ෂිත මානසිංහ 2/20, සුහඟ විජේවර්ධන 2/20

නාලන්දා විද්‍යාලය ලකුණු 73ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගන්නා ලදි.


කළුතර මහා විද්‍යාලය හා කිලිනොච්චි-මුලතිව් පාසල් සංයුක්ත කණ්ඩායම අතර තරඟය

මෙම තරඟය අද C කාණ්ඩයේ අවසන් තරඟය ලෙස කිලිනොච්චි හිදී පැවැත්විණි.

4 පහරවල් 4ක් හා දර්ශනීය 6 පහරවල් 2ක් සමඟින් කළුතර මහා විද්‍යාලය වෙනුවෙන් ඩිල්ශාන් ජයවර්ධන අර්ධ ශතකයක් ලබාගත් අතර ඔහු ලකුණු 51කට දැවීයන ලදි.

කළුතර මහා විද්‍යාලය – 140/07 (20): ඩිල්ශාන් ජයවර්ධන 51, චතුමින සිල්වා 26, සුරෙන්තිරාන් ඩැනිජල් 3/09

නායක රගුනාතන් රජීවන් 4 පහරවල් 4ක් හා එක් 6 පහරකින් තම ඉණිම ගොඩනැංවූ අතර ඔහු ලකුණු 27ක් මෙම පිටිය තුල ලබාගන්නා ලදි.

කිලිනොච්චි-මුලතිව් සංයුක්ත කණ්ඩායම – 116/10 (18.2): රගුනාතන් රජීවන් 27, වයිතීස්වරන් තනප්‍රියන් 21, මදුවින්ද සිරිවර්ධන 3/19

කළුතර මහා විද්‍යාලය ලකුණු 24කින් ජයග්‍රහණය කරන ලදි.


මහනුවර කිංස්වුඩ් විද්‍යාලය හා ත්‍රිකුණාමල-මඩකළපු පාසල් සංයුක්ත කණ්ඩායම අතර තරඟය

මෙම තරඟය D කාණ්ඩයේ තරඟයක් ලෙස මුලතිව් IODR ඕවල් පිටියේදී සාර්ථකව අවසන් විය.

එම්. ශරුහාන් 4 පහරවල් 2ක් හා එක් 6 පහරක් සමඟින් නොදැවී ලකුණු 21*ක් ලබාගෙන ත්‍රිකුණාමල-මඩකළපු කණ්ඩායම යම් මට්මකට ගෙන එන ලදි.

ත්‍රිකුණාමල-මඩකළපු කණ්ඩායම – 113/07 (20): එම්.ශරුහාන් 21*, අවිශ්ක ශෙහාන් 18, යසෝද් කාවින්ද 2/15

රුවන්ත හතුරුසිංහ 4 පහරවල් 6ක් සමඟින් ලකුණු 33ක් කිංස්වුඩ් විද්‍යාලය වෙනුවෙන් ලබාගෙන සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවයාමකට හසුවිය.

කිංස්වුඩ් විද්‍යාලය – 115/08 (18.3): රුවන්ත හතුරැසිංහ 31, විමුක්ති විජේසිරිවර්ධන 16*, ඩිල්ශාන් වලිසුන්දර 16, තරිදු ලියනගේ 16, ජේ.එම් ෆාහීම් 2/18

කිංස්වුඩ් විද්‍යාලය මෙම තරඟයෙන් කඩුලු 2ක තියුණු ජයක් ලබාගන්නා ලදි.


මන්නාරම-වව්නියා පාසල් සංයුක්ත කණ්ඩායම හා ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරඟය

මෙම තරඟයද D කාණ්ඩයේ තරඟයක් ලෙස මුලතිව් IODR ඕවල් පිටියේදී   පැවැත්විණි.

ගුන්රාජ් පවුල්රාජ මෙම තරගයේදීද පෙර තරඟ වලදී මෙන් සාර්ථක ලකුණක් කණ්ඩායම වෙනුවෙන් ලබාගත් අතර ඔහු 4 පහරවල් 3ක් සමඟින් ලකුණු 29ක් ලබාගන්නා ලදි. මෙහිදී කවිදු එදිවීර කඩුලු 4ක් දවාලමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.

මන්නාරම-වව්නියා සංයුක්ත කණ්ඩායම – 80/10 (19.4): ගුන්රාජ් පවුල්රාජ 29, එස්. රුශාන්තන් 15, කවිදු එදිවීර 4/19

මහින්ද විද්‍යාලයේ ජයග්‍රහණය වෙනුවෙන් නායක රවිදු වැලිහිද මනරම් 4 පහරවල් 5ක් සමඟින් වැදගත් ලකුණු 28*ක් නොදැවී ලබාගන්නා ලදි.

මහින්ද විද්‍යාලය  – 84/03 (10): රවිදු වැලිහිද 28*, රෙශාන් කාවින්ද 17, පරමේශ්වරන් අභිශාන් 1/15

මහින්ද විද්‍යාලයට මෙම තරඟයෙන් කඩුලු  07ක ජයක් හිමිවිය.


කාන්තා අංශයේ තරඟ – මාන්කුලම් පිටියේදී,

A කාණ්ඩයේ තරඟ

බදුල්ල කාන්තා කණ්ඩායම හා ශක්ති කාන්තා කණ්ඩායම අතර තරඟය

ආර්. එම්. ජේ. සී. රත්නායක විසින් 4 පහරවල් 2ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 20ක් ලබා ගන්නා ලදි.

බදුල්ල කාන්තා කණ්ඩායම – 90/09 (15): ආර්. එම්. ජේ. සී. රත්නායක 20, එම්. ජී. එස්. සෙව්වන්දි 4/20

ශක්ති කාන්තා කණ්ඩායම වෙනුවෙන් සුගන්ධිකා ප්‍රනාන්දු 4 පහරවල් 3ක් සමඟ ලකුණු 25*ක් නොදැවී ලබාගන්නා ලදි.

ශක්ති කාන්තා කණ්ඩායම –  92/06 (12.5): සුගන්ධිකා ප්‍රනාන්දු 25*, යසාරා ජයවික්‍රම 25, සචිනි උත්තරා 3/15

ශක්ති කාන්තා කණ්ඩායම කඩුලු 04ක ජයග්‍රහණයක් ලබාගන්නා ලදි.


B කාණ්ඩයේ තරඟ

සීනිගම කාන්තා කණ්ඩායම හා මොණරාගල කාන්තා කණ්ඩායම අතර තරඟය

නායිකා පේශලා රන්හංසි 4 පහරවල් 7ක් සමඟින් ලකුණු 50ක් ලබාගෙන තම අර්ධ ශතකය කණ්ඩායම වෙනුවෙන් දායක කරන ලදි.

මොණරාගල කාන්තා කණ්ඩායම – 99/05 (15): පේශලා රන්හංසි 50, නිරෝෂා සංජීවනී 23, සත්‍යා සංදීපනී 1/16

පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද දස්කම් දැක්වූ සත්‍යා සංදීපනී 4 පහරවල් 8ක් සමඟින් තම අර්ධ ශතකය ලබාගෙන තම කණ්ඩායම ජයග්‍රහණය දක්වා ගෙනයාමට සමත් විය.

සීනිගම කාන්තා කණ්ඩායම – 102/05 (11.1): සත්‍යා සංදීපනී 50*, මොනිකා චාන්දනී 3/16

සීනිගම කාන්තා කණ්ඩායම කඩුලු 05ක ජයග්‍රහණයක් ලබාගන්නා ලදි.


මාතලේ කාන්තා කණ්ඩායම හා පොළොන්නරුව කාන්තා කණ්ඩායම අතර තරඟය

චන්ද්‍රකාන්ති අත්තනදෙනිය 4 පහරවල් 3ක් හා දැවැන්ත 6 පහරක් සමඟින් ලකුණු 34ක් මෙම තරඟයේදී ලබාගන්නා ලදි.

පොළොන්නරුව කාන්තා කණ්ඩායම  – 93/05 (15): චන්ද්‍රකාන්ති අත්තනදෙනිය 34, මදුෂානි ශෂිකලා 22*, ඩිල්රුක්ෂි අරඹේගොඩ 2/15

4 පහරවල් 3ක් සමඟ ලකුණු 26ක් ලබාගෙන තම කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙනයාමට ලක්මිණි කොස්වත්තට හැකියාව ලැබුණු අතර ඇයට කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩිකාවන්ගෙන් අනගි සහයක් ලැබිණි.

මාතලේ කාන්තා කණ්ඩායම – 97/03 (11.3): ලක්මිණි කොස්වත්ත 26, චමාලි පුස්සැල්ල 24, චන්ද්‍රකාන්ති අත්තනදෙනිය 2/19

මාතලේ කාන්තා කණ්ඩායමට කඩුලු 07ක ජයක්

මේ අනුව මුරලි කුසාලනයේ 5 වන අදියරේ පිරිමි අවසන් පූර්ව තරඟ හෙට (24) මුලතිව් IODR ඕවල් පිටියේදී පහත පරිදි පැවැත්වීමට නියමිතව ඇත.

  • පළමු තරඟය – සීනිගම සංයුක්ත කණ්ඩායම හා ගාල්ල මහින්ද විද්‍යාලය
  • දෙවන තරඟය – මරදාන සාන්ත ජෝශප් විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලය  

තවද කාන්තා තරඟ 3ක් හෙටත් පැවැත්වීමට නියමිතව ඇත.

තරගාවලියේ අරමුණක් වන අනාගත තරු සොයා යෑම මෙවර තරගාවලියේදීද මනාවට සාක්ෂාත් කරගනිමින් කිසිවෙකු නොසිතූ ලෙස සීනිගම පාසල් සංයුක්ත කණ්ඩායම තම තරඟ 3ම ජයග්‍රහණය කරමින් තරගාවලියේ පිරිමි අංශයේ මූලික වටයේ ප්‍රථමයා වීමට සමත් විය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට