කැළණි, පේරා, ජ’පුර, වයඹ, යාපනය සහ රජරටට ජයග්‍රහණ

329
©perabeats.lk

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග පසුගිය දා ආරම්භ විය. ඒ අනුව පළමු සතියට අදාළ තරග 6ක් ක්‍රීඩාංගණය 6ක දී පැවැත්විය. එම තරගවල දී කැළණිය, පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර, වයඹ, යාපනය හා රජරට විශ්වවිද්‍යාල ජයග්‍රහණ වාර්තා කරන ලදි. 

මාව එළියට දාන්න හදපු අයට මං අනුකම්පා කරනවා

බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම ………

කැළණිය විශ්වවිද්‍යාලය හා නැගෙනහිර විශ්වවිද්‍යාලය

කැළණිය විශ්වවිද්‍යාලය හා නැගෙනහිර විශ්වවිද්‍යාලය අතර තරගය කැළණිය විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවති අතර එම තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට කැළණිය කණ්ඩායම සමත් විය. 

  • නැගෙනහිර විශ්වවිද්‍යාලය – 125/10 (පන්දුවාර 36)
  • කැළණිය විශ්වවිද්‍යාල – 126/3 (පන්දුවාර 20.5) 
  • කැළණිය විශ්වවිද්‍යාලයට කඩුලු 7ක ජයග්‍රහණයක්. 

පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා සෞන්දර්ය විශ්වවිද්‍යාලය

පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් සෞන්දර්ය විශ්වවිද්‍යාලය ලකුණු 96කට සීමා කළ අතර එම ඉලක්කය පහසුවෙන් පසුකර යාමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමත් විය. 

  • සෞන්දර්ය විශ්වවිද්‍යාලය – 96/10 (පන්දුවාර 34)
  • පේරාදෙණිය විශ්වවිද්‍යාලය – 100/2 (පන්දුවාර 11.2) 
  • පේරාදෙණිය විශ්වවිද්‍යාලයට කඩුලු 8ක ජයග්‍රහණයක්. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා සබරගමුව විශ්වවිද්‍යාලය

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දැවැන්ත ලකුණු 308ක් ලබාගැනීමට සමත් වූ අතර සබරගමුව විශ්වවිද්‍යාලය ලකුණු 104කට සීමා කිරීමට ද සමත් විය. 

  • ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය – 308/9 (පන්දුවාර 50)
  • සබරගමුව විශ්වවිද්‍යාලය – 104/10 (පන්දුවාර 34.4)
  • ශ්‍රී ජයවර්ධනපුර කණ්ඩායම තරගය ජයග්‍රහණය කලේ ලකුණු 204කිනි. 

ගාලු ජයෙන් ලොහාන්ගේ කඩුලු ත්‍රිත්වයේ රැස් බසී

ගාල්ලේ ක්‍රිකට් ගැසූ ලොහාන් ද සොයිසා නුවරට එක් වී ….

වයඹ විශ්වවිද්‍යාලය හා අග්නිදිග විශ්වවිද්‍යාලය

තරමක උණුසුම් ස්වාභාවයක් ගත් මෙම තරගය වයඹ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. 

  • වයඹ විශ්වවිද්‍යාලය – 191/10 
  • අග්නිදිග විශ්වවිද්‍යාලය – 171/10 
  • වයඹ විශ්වවිද්‍යාලයට ලකුණු 20ක ජයග්‍රහණයක්. 

යාපනය විශ්වවිද්‍යාලය හා රුහුණ විශ්වවිද්‍යාලය

මාතර දික්වැල්ල විජිත ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමු දිනයට වර්ෂාව නිසා බාධා එල්ල වූ අතර තරගය අතිරේක දිනය දක්වා ගෙන යාමට සිදු විය. 

  • රුහුණ විශ්වවිද්‍යාලය – 142/10 (පන්දුවාර 34.4)
  • යාපනය විශ්වවිද්‍යාලය – 143/6 (පන්දුවාර 28.3)
  • යාපනය විශ්වවිද්‍යාලය කඩුලු 4ක ජයග්‍රහණයක්. 

රජරට විශ්වවිද්‍යාලය හා ඌව විශ්වවිද්‍යාලය

රජරට විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවති තරගය ජයග්‍රහණය කළේ රජරට විශ්වවිද්‍යාලයයි. 

  • රජරට විශ්වවිද්‍යාලය – 113/10 (පන්දුවාර 25.2)
  • ඌව විශ්වවිද්‍යාලය – 100/10 (පන්දුවාර 37.5)
  • රජරට විශ්වවිද්‍යාලයට ලකුණු 13ක ජයග්‍රහණයක්.

කමිල් සහ අහන් අපරාජිත කොළඹ විජයග්‍රාහී ජයග්‍රහණයට කැඳවා ගෙන යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ වයස ….

තරගාවලියේ පළමු සතිඅන්තය එසේ අවසන් වූ අතර ජූලි මස 27 වැනිදා දෙවන සතිඅන්තයට අදාළ තරග පැවැත්වීමට නියමිතයි.

  • කැළණිය හා සබරගමුව – සබරගමුව විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී
  • ශ්‍රී ජයවර්ධනපුර හා නැගෙනහිර – මොරටුව විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී 
  • යාපනය හා සෞන්දර්ය විශ්වවිද්‍යාලය – කැළණිය විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී 
  • පේරාදෙණිය හා රුහුණ – දික්වැල්ල විජිත ක්‍රීඩාංගණයේ දී 
  • මොරටුව හා අග්නිදිග – අග්නිදිග විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී 
  • කොළඹ හා ඌව – කොළඹ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී 

2019 විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග හා අනෙකුත් සියලු තරග තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<