ආසියානු යොවුන් පැරා තරගාවලියට මෙරටින් 8ක්

ආසියානු යොවුන් පැරා තරගාවලිය - 2021

321
National Paralympic Committee

ලබන මාසය පැවැත්වීමට නියමිතව ඇති ආසියානු යොවුන් පැරා තරගාවලිය සඳහා සහභාගී වීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සෙනසුරාදා (27) දිවයිනෙන් පිටත්ව තිබුණා.

මෙම කණ්ඩායමට මලල ක්‍රීඩාව නියෝජනය කරමින් ජනනි ධනංජනා (T46 Arm Amputee 100m T46, 200m T46, long jump), Safran Mahammudu (T46 long jump), ඉසුරු හංසක (T47- 100m, 200m, long jump), ජේසන් ජයවර්ධන (T/F- 40 Dwarf – 100m T40, discus throw F 40, shot put F 40) සහ රවිඳු චිරංජය (T11 visual imp 100m, 200m, 400m) ඇතුළත්ව ඇත.

එමෙන්ම ඔවුන්ට අමතරව නවීඩ් රහීම් සහ ගලිණ බස්නායක පිහිනුම් ඉසව්වන් නියෝජනය කරමින් සංචිතයට ඇතුළත් කර තිබූ අතර රවිඳු චිරංජයගේ මගපෙන්වන ධාවකයා ලෙස පන්සිළු පසන් මෙම සංචිතයට එක්ව තිබුණා.

පිටිය ඉසව්වන් නියෝජනය කරමින් මෙම සංචිතයට ඇතුළත් වූ ජේසන් ජයවර්ධන තවමත් 16 වැනි වියේ පසුවන අතර ජාතික පැරා කමිටුවේ උප සභාපති ප්‍රියන්ත පීරිස් මහතා ප්‍රකාශ කර සිටියේ රටවල් 32කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800කට අධික සංඛ්‍යාවක් මෙම තරගාවලියට සහභාගී වන බවත්, ශ්‍රී ලංකා කණ්ඩායම එය සඳහා හොඳ ආත්ම විශ්වාසයකින් පසුවන බවයි.

මෙරට බිහි වූ ශ්‍රේෂ්ඨතම පිහිනුම් ශූරයෙකු වන ජූලියන් බෝලිං මහතා තරගාවලියට එක්වන පිහිනුම් ක්‍රීඩකයන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර නලින්ද සෙනරත් මහතා මලල ක්‍රීඩා පුහුණුකරු ලෙස කටයුතු කරයි.

එමෙන්ම මම තරගාවලියට සහභාගී වන කණ්ඩායමේ නිල ඇඳුම් සහයකයා ලෙස MAS ආයතනය ශ්‍රී ලංකා පැරා කමිටුව සමඟින් එක්ව ඇති බව ද වාර්තා වනවා.

ආසියානු යොවුන් පැරාලිම්පික් තරගාවලිය දෙසැම්බර් 2 සිට 6 දක්වා බහරේන් හීදී පැවැත්වීමට නියමිතයි.

Sunday Observer ඇසුරිනි

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<