එංගලන්ත – පාකිස්තාන සටනේ තරග කාලසටහන එළියට

200

ටෙස්ට් තරග තුනක් සහ එක්දින තරග තුනක් ඇතුළත් පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය අගෝස්තු මස 5 වැනිදා ආරම්භ වීමට නියමිතයි. 

“යුනිස් මට සමාවෙන්න” – හිටපු පාකිස්තාන පිතිකරණ පුහුණුකරු

ඊට පෙර එංගලන්තය සහ අයර්ලන්තය අතර එක්දින ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන අතර එම තරගාවලිය ජුලි 30, අගෝස්තු 1 සහ අගෝස්තු 4 වැනිදා සතැම්ටන් හිදී පැවැත්වේ.

“ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව නැවත පටන් ගැනීමට බටහිර ඉන්දීය කොදෙව්, අයර්ලන්තය සහ පාකිස්තානය ක්‍රිකට් මණ්ඩලයට, ක්‍රිකට් ක්‍රීඩකයින්ට, කාර්ය මණ්ඩලයට සහ පරිපාලකයින්ට අපි ස්තූතිවන්ත වෙනවා.”

“කොරෝනා වලට පස්සේ නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව අපේ රටෙන් අපේ ක්‍රිකට් තරගාවලියකින් ආරම්භ වෙන එක ගැන ගොඩක් සතුටුයි. ලොව පුරා ක්‍රීඩාලෝලීන්ට මේකේ ප්‍රතිලාභ ලැබෙයි. එංගලන්තය සහ වේල්සය සෑම මට්ටමකම ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය මූල්‍ය ආධාර ලබා දෙනවා. අප ඉදිරියේ ඇති අභියෝගයන්ට මුහුණ දීම අපගේ අරමුණයි” යැයි එංගලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ටොම් හැරිසන් මහතා පැවසීය.

කොරෝනාවට හසු වූ දේශීය ක්‍රිකට් පිටිය නැවතත් දළුලයි

පාකිස්තාන සංචිතය පසුගිය ඉරිදා එංගලන්තයට පැමිණි අතර දින 14ක් Worcester හිදී නිරෝධායනය වීමෙන් අනතුරුව ඔවුන් ජූලි 13 වැනිදා ඩර්බි හිදී පුහුණු තරගයක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

තරග කාලසටහන

  • පළමු ටෙස්ට් තරගය – අගෝස්තු 5-9 – ඕල්ඩ් ට්‍රැෆඩ් පිටිය
  • දෙවන ටෙස්ට් තරගය – අගෝස්තු 13-17 – Ageas Bowl
  • තෙවැනි ටෙස්ට් තරගය – අගෝස්තු 21-25 – Ageas Bowl
  • පළමු විස්සයි විස්ස තරගය – අගෝස්තු 28 – ඕල්ඩ් ට්‍රැෆඩ් පිටිය
  • දෙවන විස්සයි විස්ස තරගය – අගෝස්තු 30 – ඕල්ඩ් ට්‍රැෆඩ් පිටිය
  • තෙවන විස්සයි විස්ස තරගය – සැප්තැම්බර් 1 – ඕල්ඩ් ට්‍රැෆඩ් පිටිය

කොරෝනා වසංගතයට පසුව පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර හෙට (8) එංගලන්තයේ Ageas Bowl පිටියේ දී ආරම්භ වේ. එහි තරග තොරතුරු ද ඇතුළුව දෙස් විදෙස් ක්‍රීඩා බිමේ උණුසුම් තතු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සුදානමින් සිටියි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<