කොරෝනාවට හසු වූ දේශීය ක්‍රිකට් පිටිය නැවතත් දළුලයි

782

කොරෝනා වසංගතය නිසාවෙන් අතරමැද නවතා දැමුණු අන්තර් සමාජ දේශීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ජූලි 14 වැනිදා සිට නැවතත් ආරම්භ වන බව ThePapare.com වෙත වාර්තා වේ.

ව්‍යාජ ලීගයක් මවා පෙන්වූ ඔට්ටු ආයතනය වටලයි

කොරෝනා නිසා පසුගිය මාර්තුවේ දී තරගාවලි නවතා දමන විට මේජර් Tier A ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසන්ව තිබූ අතර එහි සුපිරි 8 සහ පලඟ වටයේ තරග කාලසටහන මේ වන විට නැවත සකස් කර ඇති නමුත් Tier B කොටසේ තරග කාලසටහන තවමත් නිල වශයෙන් එළිදක්වා නොමැත.

සෞඛ්‍ය අංශ, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය ලබා දී තිබෙන සියලුම සෞඛ්‍ය උපදේශ පිළිපදිමින් තරගාවලිය ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන නිසාවෙන් ඒ සඳහා එම අංශවල අවසර ද ලැබී තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ නිලධාරියෙක් ThePapare.com වෙත තහවුරු කළේය.

මේජර් Tier A ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසන් වන විට A සහ B යන කාණ්ඩ දෙකේ ඉදිරියෙන් සිටි කණ්ඩායම් 4 බැගින් කාණ්ඩ දෙකේ කණ්ඩායම් 8ක් ශූරතාවය සඳහා සටන් වදිමින් ඉදිරියට යන්නේ සුපිරි 8 තරග වටය හරහායි. අනෙක් සියලුම කණ්ඩායම් 6 පලඟ ශූරතාව වෙනුවෙන් සටන් වදිනු ඇත.

පසුගිය වසරේ ශූරතාව දිනා ගත් CCC කණ්ඩායම A කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගනිමින් මූලික වටය අවසන් කළ අතර කෝල්ට්ස් ක්‍රිකට් සමාජය එහි දෙවන ස්ථානය දිනා ගන්නා විට, හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය A කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගනිමින් ඉදිරියේ සිටියි.

මෙතෙක් කාලයක් පැවති තරග සම්ප්‍රදාය අනුව තරගාවලියේ මූලික වටය තෙදින තරග ලෙස පවත්වා සුපිරි 8 වටයේ සිට අවසන් මහා තරගය දක්වා තරග සියල්ලම සිව්දින තරග ලෙස පැවැත්වූ නමුත්, කොරෝනා වසංගත තත්වය නිසාවෙන් සුපිරි 8 වටයේ තරග සියල්ලම තෙදින තරග ලෙස පැවැත්වීමට සංවිධායක කමිටුවට සිදුව ඇත. 

එසේම එළඹෙන පාර්ලිමේන්තු මහා මැතිවරණය ද (අගෝස්තු 5) පැවැත්වෙන නිසා එම සතිය තුල ද තරග පැවැත්වීමට අවස්ථාව නොලැබේ. පලඟ ශූරතාව වෙනුවෙන් පැවැත්වෙන තරග සියල්ලම සාමාන්‍ය පරිදි තෙදින තරග ලෙස පැවැත්වේ.

දේශීය අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය තුල තිබෙන තරගකාරීත්වය සහ ගුණාත්මක බව වැඩි කිරීම වෙනුවෙන් Tier A කොටසේ තරග වදිනු ලබන කණ්ඩායම් 14 එළඹෙන තරග වාරයේ සිට කණ්ඩායම් 12 දක්වා අඩු කිරීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් සකස් කරමින් සිටින බව ද වාර්තා වේ.

මෙන්ඩිස්ට ඇප; රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි

Tier B ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් බොහොමයක විදෙස් ක්‍රීඩකයින් සිටීම සහ ඔවුන් බොහෝමයක් දෙනා මේ වන විට ශ්‍රී ලංකාව තුල නොසිටීම නිසාවෙන් Tier B ක්‍රිකට් තරගාවලිය පිළිබඳව අවසන් තීරණයකට එළඹීමට තරග සංවිධායක කමිටුවට අවස්ථාවක් ලැබී නොමැත. ඒ නිසාවෙන් එම තරගාවලිය අවසන් වීම සඳහා තවත් මාස 2-3ක කාලයක් ගත වීමට වැඩි ඉඩක් තිබේ.

කොරෝනා වසංගතය තරමක් දුරකට හෝ පාලනය වීමෙන් පසුව ශ්‍රී ලංකාව තුල පැවැත්වෙන පළමු ප්‍රධාන පෙළේ ක්‍රීඩා තරගාවලිය මෙය වන අතර ජාතික ක්‍රිකට් කණ්ඩායමට ද ඉදිරියේ දී පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි පිළිබඳව තවමත් නිසි සැලසුමක් ලැබී නොමැත. ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි ද නොමැති නිසාවෙන් මේ දේශීය අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය තුල දී ජාතික කණ්ඩායමේ කොන්ත්‍රාත්ගත සියලුම ක්‍රීඩකයින් පහේ සිය ක්‍රීඩා/ක්‍රිකට් සමාජ නියෝජනය කිරීමට වැඩි ඉඩක් තිබේ.

සුපිරි 8 වටයේ තරග කාලසටහන

Dates Match Venue
14,15 & 16 July CCC vs Ragama CC MCG Katunayake
Colts CC vs Saracens SC P. Sara Oval
Army SC vs NCC CCC
BRC vs Chilaw Marians CC NCC
20,21 & 22nd July CCC vs Saracens SC NCC
Colts CC vs Ragama CC P. Sara Oval
Army SC vs Chilaw Marians CC CCC
BRC vs NCC MCG Katunayake
26,27 & 28 July CCC vs NCC P. Sara Oval
Colts CC vs Chilaw Marians CC CCC
Army SC vs Ragama CC NCC
BRC vs Saracens SC MCG Katunayake
1,2 & 3 August CCC vs Chilaw Marians CC P. Sara Oval
Colts CC vs NCC MCG Katunayake
Army SC vs Saracens SC NCC Grounds
BRC vs Ragama CC CCC Grounds

පලඟ තරග කාලසටහන

Dates Match Venue
17,18 & 19 July Negombo CC vs Lankan CC Colts Grounds
SSC vs Tamil Union C & AC Surrey Village Grounds
Moors SC vs Badureliya CC Moratuwa Stadium
24,25 & 26 July Negombo CC vs Badureliya CC Moratuwa Stadium
SSC vs Lankan CC Colts Grounds
Moors SC vs Tamil Union C & AC Surrey Village Grounds
31 July, 1 & 2 August Negombo CC vs Tamil Union C & AC Moratuwa Stadium
SSC vs Badureliya CC Colts Grounds
Moors SC vs Lankan CC Surrey Village Grounds

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<