ට්‍රෙන්ට් බෝල්ට් නවසීලන්ත ක්‍රිකට් කොන්ත්‍රාත්තුවෙන් නිදහස්

671

ලොව එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ වේගපන්දු යවන්නා වන Trent Boultව (ට්‍රෙන්ට් බෝල්ට්) නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කොන්ත්‍රාත්තුවෙන් නිදහස් කොට තිබෙනවා.

ඒ ඔහුගේ පවුල සමඟ වැඩි කාලයක් ගත කිරීමටත්, ලොව වටා වරලත් ක්‍රිකට් කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා කිරීමටත් ලබා දෙන අවස්ථාවක් වශයෙන්.

ටෙස්ට් තරග 78ක දී කඩුලු 317ක් ලබාගෙන තිබෙන බෝල්ට් එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල මේ වන විට අංක එකෙහි පසුවන්නේ ජස්ප්‍රිත් බුම්රාට වඩා ප්‍රසාද ලකුණු 15ක පරතරයක් තබා ගනිමින්.

ඔහු BBCය හමුවේ පවසන්නේ එය අපහසු තීරණයක් වුවත් ගත යුතු එකක් බවයි.

මට තවමත් ලොකු ආසාවක් තියෙනවා මගේ රට නියෝජනය කරන්න සහ මට ජාත්‍යන්තර මට්ටමේ දස්කම් දක්වන්න අවශ්‍ය හැකියාව තියෙනවා.”, ඔහු පැවසුවා.

ඒත් මම ජාතික කොන්ත්‍රාත්තුවක් නැතිව මාව සංචිතයට තෝරාගන්න නොහැකි තත්වයට අවශ්‍ය ගෞරවය දක්වනවා.” 33 හැවිරිදි බෝල්ට් වැඩිදුරටත් පැවසුවා.

පවුල සමඟ වැඩි කාලයක් ගත කිරීම වැදගත් බව තමාට වැටහෙන බවයි ඔහු පවසන්නේ.

පවුල තමයි මගේ ලොකුම උත්තේජනය. ඒක අංක එකට තියලා අපි ක්‍රිකට් වලින් පස්සේ ජීවිතය හදාගන්න සූදානම් වෙන්න ඕන.”, ඔහු පැවසුවා.

නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ ඔහුගේ තීරණයට ඔවුන් සම්පූර්ණයෙන්ම ගෞරව දක්වන බවයි.

අපි සාකච්ඡා කිහිපයක්ම පැවැත්වුවා, ඒවගේම නවසීලන්ත කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරාගැනීමේ දී කොන්ත්‍රාත්තු සහිත ක්‍රීඩකයන්ට ප්‍රමුඛ ස්ථානය ලැබෙන බව ට්‍රෙන්ට්ට තේරෙන බව මම දන්නවා.”, ප්‍රධාන විධායක නිලධාරි ඩේවිඩ් වයිට් එසේ පැවසුවා.

මෙය වත්මනෙහි ප්‍රවණතාවක් වෙමින් පවතිනවා. කාර්යබහුල ජාත්‍යන්තර ක්‍රිකට් කැලැන්ඩරය නිසා ක්‍රීඩකයන්ගේ පෞද්ගලික ජීවිතවලට දැඩි පීඩනයක් එල්ල වීමත්, කොරෝනා වසංගත තත්වය නිසා තවමත් ක්‍රීඩකයන්ව ආරක්‍ෂිත ක්‍රමවේදයන් යටතේ පාලනය වීමත්  .එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක බෙන් ස්ටෝක්ස් ද පසුගිය දිනෙක එක්දින ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන්නා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<