Home Sinhala පාකිස්තානය අමාරුවෙන් ඇෆ්ගනිස්තානය පරාජය කරයි

පාකිස්තානය අමාරුවෙන් ඇෆ්ගනිස්තානය පරාජය කරයි

195

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හෙඩින්ග්ලි ලීඩ්ස් හිදි අද (29) නිමා වූ පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර තරගයෙන් තියුණු අවසානයකින් පසුව කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට පාකිස්තානය සමත් විය.

අවසන් පන්දුවාර කිහිපය වෙන තුරුම කුමකින් කුමක් වේ දැයි සිතා ගත නොහැකි වූ තරගය අවසාන වූයේ, පරාජය වූවද හොඳ තරගයක් ලබා දීමේ ගෞරවය ඇෆ්ගනිස්තානයට හිමිකර දෙමිනි. 

ප්ලෙසී සහ අම්ලා ශ්‍රී ලංකාව ලැජ්ජාවට පත් කරයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩි තරග ප්‍රමාණයක දී ආතුර වී සිටි ශ්‍රී ලංකා පිතිකරුවෝ …

ඇෆ්ගනිස්තානය පළමුවෙන් පන්දුවට පහර දී කඩුලු 9ක් දැවී ලකුණු 227ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පාකිස්තානය කඩුලු 7ක් දැවී ලකුණු 230ක් ලබා ගත්තේ ඉනිම අවසන් වීමට තවත් පන්දු 2ක් පමණක් ඉතිරිව තිබිය දී ය. 

මෙම තරගය ආරම්භ වෙන විට පාකිස්තානය ප්‍රසාද ලකුණු පුවරුවේ 6 වැනි ස්ථානයේත්, ඇෆ්ගනිස්තානය 10 වැනි ස්ථානයේත් සිටියේය. පාකිස්තාන ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟින් ප්‍රසාද ලකුණු පුවරුවේ ලකුණු 9ක් ලබා ගනිමින් සිව්වැනි ස්ථානයට පිවිසියේය. ඒ එතෙක් සිව්වැනි ස්ථානයේ සිටි සත්කාරක එංගලන්තය පස් වැනි තැනට පත් කරමිනි. 

පාකිස්තානයට මෙම ස්ථානය තව දුරත් රැක ගැනීමට තවත් තරගයක් ඉතිරිව තිබේ. ඒ ජූලි මස 5 වැනි දා පැවැත්වෙන බංග්ලාදේශය හා සමඟ තරගයයි. එංගලන්තයට මෙම අවස්ථාවට පිවිසීමට තවත් තරග දෙකක් ඉතිරිව තිබේ. 

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මේ වන විට නැති වෙන්නට දෙයක් නැති ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ තමන් සහභාගී වූ තරග 8ම පරාජයට පත්ව සිටී. ඔවුන්ට තවත් ඉතිරිව ඇත්තේ ජූලි මස 4 වැනිදා පැවැත්වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ තරගයයි. 

අද තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්තාන නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගත්තේය. ඒ අනුව ආරම්භ වූ එම ඉනිම වෙනුවෙන් වැඩි කාර්ය භාරයක් කළේ අස්ගර් ඇෆ්ගන් සහ නජිබුල්ලා සඩ්රාන්ය. ඔවුන් දෙදෙනා ලකුණු 42ක් බැගින් රැස් කළහ.  

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න << 

ඉනිමේ 5 වැනි පන්දුවාරයේ දී ඉමාඩ් වසීම් පිට පිට පන්දු දෙකක දී කඩුලු දෙකක් දවා ගනිමින් ඇෆ්ගන් ඉනිම පාලනය කිරීමට උත්සාහ කළ ද, ඔවුන් දෙදෙනාගේ ඉනිම් පාකිස්තානයට වෙහෙසකට ඉනිමක් යෑමට සැලැස්විය. අස්ගර් ඇෆ්ගන් සහ නජිබුල්ලා සඩ්රාන්ට අමතරව ආරම්භක පිතිකරු රාමට් ෂා ලකුණු 35ක් ලබා ගත්තේය. 

කඩුලු ලබා ගැනීමේ දී ශාහීන් අෆ්රිඩි ලකුණු 47කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව ඉමාඩ් වසිම් සහ වහබ් රියාස් කඩුලු 2 බැගින් දවා ගත්හ.

පාකිස්තාන පිළිතුරු ඉනිම අවාසනාවන්ත ලෙසින් ආරම්භ වූවද දෙවැනි කඩුල්ලේ සිට සුපුරුදු දක්ෂතා දැක්වීමට ඔවුන් සමත් වූහ. ඉනිමේ දෙවැනි පන්දුවේ දී පාකිස්තාන පළමු කඩුල්ල අහිමි වූ අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ඉමාම් උල් හක් සහ බාබාර් අසාම් ලකුණු 72ක සබඳතාවක් එක් කරමින් පාකිස්තාන ඉනිම ගොඩ ගැනීමට අත්තිවාරම දැමූහ.

ඉමාම් උල් හක් පන්දු 51ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 36ක් ලබා ගත් අතර බාබර් අසාම් පන්දු 51කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තේය. පාකිස්තාන ඉනිම ඉතා ඉක්මනින් ගොඩ ගනිතැයි සිතූ ඉදිරි පෙළ පිතිකරුවන් වූ මොහොමඩ් හෆීස් (19), හැරිස් සොහේල් (27) සහ නායක සෆ්රාෂ් අහම්ඩ් (18) ද නොසිතු ලෙසින් ඇෆ්ගනිස්තානුවන්ට ගොදුරු වීම හේතුවෙන් තරගය දෙපිලටම විවෘත විය. 

අවසන් පන්දුවාර 10 වෙද්දී පාකිස්තානයට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 70ක් අවශ්‍ය වෙන්නේ ඒ අනුවය. ඒ වෙද්දී පාකිස්තානයට ඉතිරිව තිබුණේ කඩුලු 4ක් පමණි. එතැන් සිට ද ඇෆ්ගනිස්තානය තම උපරිම ශක්තිය යොදමින් පාකිස්තානය මෙල්ල කිරීමට හැකි සෑම උත්සාහක්ම ගත්තේය. 

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම දකුණු අප්‍රිකාවෙන් පළිය ගනියි!

ඊයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලැබූ දරුණු පරාජය හමුවේ දැඩි…

ඉමාඩ් වසීම් සහ ශාදත් ඛාන්  එකී අභියෝග හමුවේ ඉනිම ගොඩ ගැනීමට ගත් දැඩි වෙහෙස 47 වැනි පන්දු වාරයේ දී නතර විය. ඒ ශාදත් ඛාන් (11) දුවද්දී දැවී යෑමට ලක්වීමත් සමඟිනි. ඔවුන් දෙදෙනා එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 50ක සබඳතාවක් ගොඩ නැගූහ. 

එම කඩුල්ල දැවී යන විට පාකිස්තානයට ජයග්‍රහණය වෙනුවෙන් තවත් අවශ්‍ය වූයේ පන්දු 20කට ලකුණු 22කි. නවක පිතිකරු වූයේ වහාබ් රිසා ය. ඔවුන් දෙදෙනා එක්ව මියෙම්වා රැකෙම්වා ඉනිමකට මුහුණ දුන් අතර අවසන් පන්දු 6 දී ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන්ට ලකුණු 6ක් අවශ්‍ය විය. එම ලකුණු ප්‍රමාණය පන්දු 4ක් අවසානයේ ලබා ගැනීමට ඔවුන් සමත් වූහ. 

පාකිස්තාන ඉනිම අවසන් වෙන විට ඉමාඩ් වසීම් පන්දු 54කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් නොදැවි ලකුණු 49ක් ලබා සිටි අතර ඔහු තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණි. තරගය අවසන් වෙන විට අනෙක් අන්තයේ සිටි වහාබ් රියාස් පන්දු 9කට මුහුණ දී හතරේ සහ හයේ පහර බැගින් එල්ල කරමින් නොදැවී ලකුණු 15ක් ලබා සිටියේය. 

පන්දු යැවීමේ දී මුජීබ් උර් රහමන් සහ මොහොමඩ් නබී කඩුලු 2 බැගින් ලබා ගත්හ. 

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, තරග සේයා රූ, විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Pakistan
230/7 (49.4)

Afghanistan
227/9 (50)

Batsmen R B 4s 6s SR
Rahmat Shah c Babar Azam b Imad Wasim 35 43 5 0 81.40
Gulbadin Naib c Sarfaraz Ahmed b Shaheen Shah Afridi 15 12 3 0 125.00
Hashmatullah Shahidi c Imad Wasim b Shaheen Shah Afridi 0 1 0 0 0.00
Ikram Alikhil c Mohammad Hafeez b Imad Wasim 24 66 1 0 36.36
Asghar Afghan b Shadab Khan 42 35 3 2 120.00
Mohammad Nabi c Mohammad Amir b Wahab Riaz 16 33 0 0 48.48
Najibullah Zadran Shaheen Shah Afridi b Shaheen Shah Afridi 42 54 6 0 77.78
Samiullah Shinwari not out 19 32 1 0 59.38
Rashid Khan c Fakhar Zaman b Shaheen Shah Afridi 8 12 1 0 66.67
Hamid Hassan Wahab Riaz b Wahab Riaz 1 3 0 0 33.33
Mujeeb ur Rahman not out 7 9 1 0 77.78


Extras 18 (b 8 , lb 0 , nb 0, w 10, pen 0)
Total 227/9 (50 Overs, RR: 4.54)
Bowling O M R W Econ
Imad Wasim 10 0 48 2 4.80
Mohammad Amir 10 1 41 0 4.10
Shaheen Shah Afridi 10 0 87 4 8.70
Mohammad Hafeez 2 0 10 0 5.00
Wahab Riaz 8 0 29 2 3.62
Fakhar Zaman 10 0 44 1 4.40


Batsmen R B 4s 6s SR
Fakhar Zaman lbw b Mujeeb ur Rahman 0 2 0 0 0.00
Imam-ul-Haq st Ikram Alikhil b Mohammad Nabi 36 51 4 0 70.59
Babar Azam b Mohammad Nabi 45 24 5 0 187.50
Mohammad Hafeez c Hashmatullah Shahidi b Mujeeb ur Rahman 19 35 1 0 54.29
Haris Sohail lbw b Rashid Khan 27 57 2 0 47.37
Sarfaraz Ahmed run out () 18 22 1 0 81.82
Imad Wasim not out 49 54 5 0 90.74
Shadab Khan run out () 11 17 1 0 64.71
Wahab Riaz not out 15 9 1 1 166.67


Extras 10 (b 1 , lb 4 , nb 0, w 5, pen 0)
Total 230/7 (49.4 Overs, RR: 4.63)
Bowling O M R W Econ
Mujeeb ur Rahman 10 1 34 2 3.40
Hamid Hassan 2 0 13 0 6.50
Gulbadin Naib 9.4 0 73 0 7.77
Mohammad Nabi 10 0 23 2 2.30
Rashid Khan 10 0 50 1 5.00
Samiullah Shinwari 8 0 32 0 4.00