තිලිණගෙන් වෙස්ලි ලකුණු පුවරුවට 160ක්

934
U19 Schools Cricket

තිලිණ පෙරේරාගේ දක්ෂ පිතිකරණය හා සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ලකුණු 62ක ජයග්‍රහණය පාසල් ක්‍රිකට් පිටියේ අද (07) දිනය වර්ණවත් කල අතර පාසල් පිටියේ දක්ෂ තරු කිහිපයක්ම සිය පාසල වෙනුවෙන් දස්කම් දක්වන ලදි.

පසුගිය ලිපි: අගනා ඉණිම් කිහිපයක්ම ජය පරාජයෙන් කෙලවර වේ

කොළඹ රාජකීය විද්‍යාලය හා මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය ඊයේ (06) සාන්ත අන්තෝනි විදුහල් පිටියේදී ආරම්භ වූ අතර කාසියේ වාසිය ජයග්‍රහණය කල රාජකීය විද්‍යාලය පළමුව පන්දුවට පහරදෙන ලදි. මෙම තරඟයෙන් පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත අන්තෝනි විද්‍යාලය සමත් විය.

තරගයේ පළමු දිනය අවසන් වන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත අන්තෝනි විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 95 ලබාගෙන සිටි අතර අන්තෝනි පළමු ඉණිමට සුනෙර ජයසිංහ ලකුණු 86ක් ලබාගන්නා. සඳරුවන් ධර්මරත්න කඩුලු 4යි. රාජකීය විද්‍යාලයේ දෙවන ඉණිම වෙනුවෙන් පසිදු සූරියබණ්ඩාර (70) ක් ලබා ගත්තේය.

රාජකීය විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 190  (පන්දුවාර 56.3): තෙවිදු සේනාරත්න 33, කවිදු මදුරංසිංහ 32, පසිදු සූරියබණ්ඩාර 30 , ගයාන් දිසානායක 26, සඳරැවන් ධර්මරත්න 4/57, විරාජිත් ජයසිංහ  3/35

සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 241 (පන්දුවාර 74.2): සුනෙර ජයසිංහ 86 , තීක්ෂ ගුණසිංහ 60, ජනිදු හිම්සර 36, හිමේශ්  රාමනායක 5/31, මනුල පෙරේරා 3/51

රාජකීය විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 5ක් දැවී ලකුණු  237 (පන්දුවාර 56): පසිදු සූරියබණ්ඩාර 70, කවිදු මදරසිංහ 54, හේලිත විතානගේ 48, තෙවිදු සේනාරත්න 42*, විරාජිත් ජයසිංහ 2/33, සඳරුවන් ධර්මරත්න 2/61


කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය හා වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරඟය

මලියදේව ක්‍රීඩා පිටියේදී ඊයේ (06) ආරම්භ වුනු මෙම තරගයේ කාසියේ වාසිය සාන්ත අන්තෝනි විද්‍යාලය විසින් හිමිකර ගන්නා ලදි. සාන්ත අන්තෝනි විද්‍යාලයට පළමු ඉණිමේ ජයග්‍රහණයක් හිමිකර දෙමින් මෙය අවසන් විය.

තරගයේ දෙවන දිනය ආරම්භ වන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත ආනා විද්‍යාලය, කඩුලු 3ක් දැවී ලකුණු 46යි. සාන්ත අන්තෝනි විද්‍යාලයට සාර්ථක පිතිකරණයක නිරත වීමට විසල් සිල්වා (5/35) ඉඩ ලබාදුන්නේ නැත. එම දක්ෂ පන්දු යැවීම නිසා ඔවුන්ට පළමු ඉණිමේ ජය ලබා ගැනීමට හැකිවිණි.

සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 176 (පන්දුවාර 75.4): අවිශ්ක තරිදු 63, ජොයෙල් පින්ටෝ 39, යසිදු රවීන් 30, පුබුදු ගනේගම 4/65, පියුමාල් සිංහවංශ 4/47

සාන්ත ආනා විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 138 (පන්දුවාර 38.5): රන්දීර් රණසිංහ 29, වනිත වන්නිනායක 25, විසල් සිල්වා 5/35, අශේන් මලිත් 2/20

සාන්ත අන්තෝනි විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 7ක් දැවී ලකුණු 130 (පන්දුවාර 69): යසිදු රවීෂ 33*, රැක්ෂාන් රොද්‍රිගෝ 32, එරංග මදුෂාන් 21, කවිදු රණසිංහ 4/33


මොරටුව වේල්ස් කුමර විද්‍යාලය හා කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය අතර තරඟය

ඊයේ (06) වේල්ස් කුමර විද්‍යායේදී  ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් සත්කාරක වේල්ස් කුමරුවන් පළමුව පන්දුවට පහරදෙන ලදි. මෙම තරඟයෙන් වේල්ස් කුමර විද්‍යාලයට පළමු ඉණිමේ ජය හිමිවිය.

ඊයේ දිනය අවසන් වන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටි ඩී.එස්.සේනානායක විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 63ක් ලබාගෙන සිටි අතර වේල්ස් කුමර දෙවන ඉණිමේ කඩුලු 5ක් දසුන් දිමාශ විසින් දවාගන්නා ලදි. ඩී.එස් සේනානායක විද්‍යාලයට ජයග්‍රහණය සඳහා ලකුණු 203ක ඉලක්කයක් හඹායාමට නියමිතව තිබිණද, එය අපහසු කර්තව්‍යයක් විය.

වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 266 dec (පන්දුවාර 60.4): තිලාන් නිමේෂ් 111, අවිදු ගනේශ් 48, දිලංක මදුරංග 42, ටොරින් පිටිගල 3/43

ඩී.එස්.සේනානායක විද්‍යාලය පළමු ඉණිම   – සියල්ලන්ම දැවී ලකුණු  168 (පන්දුවාර 54.4):  විහාන් ගුණසේකර  35, මෙත්සිත් ජයමාන්න 29, ශෂික ගමගේ 26, තිලාන් නිමේෂ් 3/56

වේල්ස් කුමර විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 106 dec  (පන්දුවාර 31.1): සනෝජ් දර්ශික 31, සවිදු සසංග 22, දසුන් දිමාශ 5/20

ඩී.එස්.සේනානායක විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 7ක් දැවී ලකුණු 94 (පන්දුවාර 35): කල්පන හෙට්ටිආරච්චි 20*, මෙත්සිත් ජයමාන්න 20*


කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ සාන්ත පීතර විද්‍යාලය අතර තරඟය

සාන්ත පීතර විද්‍යාලය කාසියේ වාසිය ජයග්‍රහණය කර ආනන්ද විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පළමුව පන්දුවට පහරදෙන ලදි. මෙම තරගයේ දී ආනන්ද විද්‍යාලය පළමු ඉණිමේ ජයක් වාර්තා කරන ලදි.

පළමු දිනය අවසන් වන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටි ආනන්ද විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 122ක් ලබාගෙන සිටි අතර කවිදු ගිම්හාන ලකුණු 73ක් හා මොහොමඩ් අමීන් 4/58ක් ලෙස දස්කම් දක්වන ලදි. සන්තුෂ් ගුණතිලක තම විද්‍යාලයේ දෙවන ඉණිමට ලකුණු 60ක් වාර්තා කලේය.

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 182 (පන්දුවාර 61.3): සාලිත් ප්‍රනාන්දු 77, රන්මිත් ජයසේන 45, සුපුන් වරාගොඩ 3/28 , දිලීප ජයලත් 3/50

ආනන්ද විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 209 dec (පන්දුවාර 58.1): කවිදු ගිම්හාන 73, කවිශ්ක අංජුල 52, මොහොමඩ් අමීන් 4/58, රවිදු සිල්වා 2/46

සාන්ත පීතර විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 4ක් දැවී ලකුණු 194 (පන්දුවාර 69): සන්තුශ් ගුණතිලක 60, අනිශ්ක පෙරේරා 35, සුලක්ශන පෙරේරා 34


කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය හා කොළඹ වෙස්ලි විද්‍යාලය අතර තරඟය

වෙස්ලි විදුහල් පිටියේදී කාසියේ වාසිය ලබාගත් සාන්ත ජෝසප් විද්‍යාලය පළමුව පන්දුවට පහරදෙන ලදි. වෙස්ලි විද්‍යාලයට පළමු ඉණිමේ ජය හිමිකර දෙමින් මෙම තරඟය අවසන් විය.

දිනය ආරම්භ වන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටින වෙස්ලි විද්‍යාලය කඩුලු 2ක් දැවී 57ක් ලකුණු ලබාගෙන සිටි අතර වෙස්ලි විද්‍යාලය දෙවන දිනය තුල සාන්ත ජෝසප් විද්‍යාලයේ පළමු ඉණිම අභිබවා ලකුණු 56ක වාසියක් ලබාගෙන ඉණිමේ නිමාව සටහන් කරවීය. එම ඉණිමේ දි දක්ෂ පිතිකරණයක නිරත වූ තිලිණ පෙරේරා ලකුණු 160ක් වාර්තා කරන ලදි.

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 268 dec (පන්දුවාර 72.5): ජෙහාන් ප්‍රනාන්දුපුල්ලේ 60, නිපුන් සුමනසිංහ 56, පහන් පෙරේරා 51, දිනෙත් මදුරාවල 42, මොවින් සුභසිංහ 3/55

වෙස්ලි විද්‍යාලය පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු  324 (පන්දුවාර 102.2): තිලිණ පෙරේරා 160, මොවින් සුභසිංහ 38, අනුජ අක්මීමන 37, ලක්ෂාන් ගමගේ 5/93, හරීන් කුරේ 3/61

සාන්ත ජෝසප් විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 6ක් දැවී ලකුණු 48 (පන්දුවාර 14): නිපුන් සුමනසිංහ 25*, රැචික දංගල්ල 3/25


මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා කඳාන ද මැසනොඩ් විද්‍යාලය අතර තරඟය

ද මැසනොඩ් තණතීරුවේ දී කාසියේ වාසිය හිමිකර ගත් සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. මෙම තරඟයෙන් සාන්ත සෙබස්තියන් විද්‍යාලය ලකුණු 62ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

අද දිනට තරඟය අරඹන විට තම දෙවන ඉණිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත සෙබස්තියන් විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 74ක් ලබාගෙන සිටින ලදි. තරුෂ ප්‍රනාන්දු ලකුණු 64ක් වාර්තා කල අතර, දේශාන් ප්‍රනාන්දු කඩුලු 6ක් දවාලන ලදි. එයට අමතරව විනුජ රණසිංහ සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ජයග්‍රහණය තහවුරු කරවමින් ලකුණු 55කට කඩුලු 6ක් දවාගෙන තම විද්‍යාලයට  ජයග්‍රහණය ලබාදීමට දායක විය.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 139 (පන්දුවාර 32.2): ටශික පෙරේරා 60*, අශේන් වර්ණකුලසූරිය 32, දිනෙත් ප්‍රනාන්දු 6/20

ද මැසොනොඩ් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 120 (පන්දුවාර 31): මිතිල ගීත් 39*, නමුශ්ක ද සිල්වා 8/42

සාන්ත සෙබස්තියන් විද්‍යාලය ‍දෙවන ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 194 (පන්දුවාර 47.5): තරුෂ ප්‍රනාන්දු 64,  නුවනිදු ප්‍රනාන්දු 38 , දේශාන් ප්‍රනාන්දු 6/28

ද මැසොනොඩ් විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 151 (පන්දුවාර 35.2): නිශේල පෙරේරා 35, රෝෂිත සෙනවිරත්න 27, විනුජ රණසිංහ 6/55

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට