ශ්‍රී ලංකා A ක්‍රීඩකයින් ඇෆ්ගනිස්තානයට එරෙහිව දැවැන්ත ජයක් කරා

Afghanistan A Tour of Sri Lanka 2024

123
Afghanistan A Tour of Sri Lanka 2024

ශ්‍රී ලංකා A සහ ඇෆ්ගනිස්තාන A කණ්ඩායම් අතර පැවැත්වෙන සිව් දින ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 26ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම අද (14) සමත් වුනා.

තරගයේ දෙවන දිනයට තරගය නතර කරන විට ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටහන නිරත වී සිටි ඇෆ්ගන් ක්‍රීඩකයින් කඩුලු 2ක් දැවී ලකුණු 108ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, අද දිනයේ දී ඔවුන්ගේ සමස්ත ඉනිම ලකුණු 211කට සීමා වුනා.

මෙහි දී ඇෆ්ගන් දෙවැනි ඉනිම වෙනුවෙන් Imran සහ Ijaz Ahmad අර්ධ ශතක ලබා ගැනීමට සමත් වූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නිසල තාරක කඩුලු 6ක් දවා ගැනීමට සමත් වුනා. එමෙන්ම නිශාන් පීරිස් කඩුලු 2ක් දවා ගත්තා.

  • ශ්‍රී ලංකා A පළමු ඉනිම– 435/10 (101.3) සොනාල් දිනූශ 145, වනුජ සහන් 75, ලහිරු උදාර 65, විශාද් රන්දික 63, Zia-ur-Rehman 6/127, Naveed Zadran 2/94
  • ඇෆ්ගනිස්තාන A පළමු ඉනිම– 167/10 (67.5) Imran 62, Abdul Hadi 45, වනුජ සහන් 5/58, නිශාන් පීරිස් 3/37
  • ඇෆ්ගනිස්තාන A දෙවන ඉනිම – 211/10 (62.3) Imran 53, Ijaz Ahmad 54, නිසල තාරක 6/42, නිශාන් පීරිස් 2/63

ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 26ක ජයක්.

දේශීය ක්‍රිකට් පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<