WTC අවසන් තරගයේ විස්තර විචාරක අසුනක් සංගාට

233

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මෙම මාසයේ පැවැත්වීමට නියමිතව ඇති ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයේ විස්තර විචාරක මණ්ඩලයට ඇතුළත් කර තිබෙනවා.

ලෝක ටෙස්ට් ශූරතාවයේ කිරුළ සඳහා ඉන්දියාව සහ නවසීලන්තය තරග වැදීමට නියමිතව ඇති අතර තරගය මෙම මස 18 වැනිදා එංගලන්තයේ Ageas Bowl ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

සංගක්කාර හැරුණු කොට මෙම තරගයේ විස්තර විචාරය සඳහා ක්‍රිකට් පිටියේ ඉහළ දස්කම් පෑ විශිෂ්ට ක්‍රීඩකයන් සහ ප්‍රවීණ විස්තර විචාරකයන් කිහිප දෙනෙකු ඇතුළත් කර ඇත.

තවත් ක්‍රිකට් පුවත්:

ඒ අනුව හිටපු ඉන්දීය සුපිරි ක්‍රීඩක Sunil Gavaskar, පළපුරුදු නිවේදකයන් වන Nasser Hussain, Simon Doull, Isa Guha, Ian Bishop සහ Michael Atherton යන අයවලුන් මෙම තරගයේ විස්තර විචාරක මණ්ඩලයට නම් කර ඇත.

එමෙන්ම අවසන් තරගයට නම් කර ඉන්දීය සහ නවසීලන්ත ක්‍රීඩකයන් පිළිබඳව වෙනස් ආකාරයක විස්තර විචාරයක් ගෙන ඒමේ අදහසින් ඉන්දීය ක්‍රීඩක Dinesh Karthik සහ නවසීලන්ත හිටපු ක්‍රීඩක Craig McMillan ද විස්තර විචාරක මණ්ඩලයට ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය කටයුතු කර තිබුණා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<