රිස්වාන්ගෙන් සටන්කාමී ඉනිමක්

146

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා එංගලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ සවුතම්ප්ටන්හීදී පැවති දෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව ඊයේ (17) නිමාවට පත්විය. ඒ තරගය පැවති දින පහේ දී ම බාධා වූ වර්ෂාවේ ප්‍රතිඵලයක් වශයෙනි. එංගලන්තය මෙම තරගයට අවතීර්ණ වූයේ 1-0ක් වශයෙන් තරගාවලියේ පෙරමුණේ පසුවෙමිනි.

ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් මෙම තරගාවලියේ දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට පාකිස්තාන නායක අසාර් අලී තීරණය කළේය.

එහෙත් අසාර්ථක ආරම්භයක් ලබා ගත් ආරම්භක පිතිකරු ශාන් මසූඩ් ආ විගසින්ම එක් ලකුණකට දැවී ගියේ ජේම්ස් ඇන්ඩර්සන්ගේ පන්දුවක් හමුවේ ය. අනතුරුව පිටියට පිවිසි නායක අසාර් අලී, අබිඩ් අලී සමඟ එක්ව දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 78ක සබඳතාවයක් පැවැත්වූ නමුත් නැවතත් ක්‍රියාත්මක වූ ඇන්ඩර්සන්ගේ පන්දුවක් හමුවේ අසාර්ගේ ඉනිම ලකුණු 20කින් කෙළවර විය.

ශානකගේ ශතකයට ධනංජයගෙන් කඩුලු වැස්සක්

ඒ අතරවාරයේ අබිඩ් අලී තම අර්ධ ශතකය සම්පූර්ණ කළ අතර හතරේ පහර 7ක් සහිතව ලකුණු 60ක් රැස් කිරීමට ඔහු සමත් විය. පාකිස්තාන ලකුණු පුවරුව 102ක් ලෙස සටහන් වන විට ඉනිමේ තෙවැනි කඩුල්ල වශයෙන් ඔහු දැවී ගියේ සෑම් කරන්ගේ පන්දුවක් හමුවේ ය.

එහෙත් වැඩි වේලාවක් යාමට මත්තෙන් පාකිස්තාන ඉනිමේ සිව්වැනි හා පස්වැනි කඩුලුත් එක ආසන්නයේම දැවී ගියේ බාබර් අසාම්ව අනෙක් අන්තයේ හුදකලා කරමිනි. එහි දී අත්දැකීම් බහුල පිතිකරු අසාඩ් ෂෆීක් සහ වසර 11කට පසුව ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළ ෆවාඩ් අලාම් පිළිවෙළින් ලකුණු 5කට හා ලකුණු නොලබා දැවී ගියේ එංගලන්තයට තරගයේ වැඩි වාසි අත්කර දෙමිනි. 

ඉන් අනතුරුව පිටියට පිවිසියේ කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් ය. ආරම්භයේ පටන්ම ඉතා විශ්වාසනීය අයුරින් ලකුණු රැස්කිරීම ඇරඹි ඔහු පාකිස්තානය ඉනිමේ නැංගුරම බවට අත්වූයේ අන්දැකීම් බහුල අනෙක් පිතිකරුවන්ට ආදර්ශයක් වෙමිනි. 

කෙසේ නමුත් රිස්වාන් සමඟ අනෙක් අන්තයේ රැඳී සිටි බාබර් අසාම් එහු සමඟ පැවැත්වූ ලකුණු 38ක සබඳතාවයකින් පසු ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේ රිස්වාන්ව පිටියේ හුදකලා කරමිනි. මුලු ලකුණු සංඛ්‍යාව 158ක් වන විට ඉනිමේ හය වන කඩුල්ල වශයෙන් බාබර් දැවී ගියේ ලකුණු 38කටයි.

නමුත් ඒ අතරවාරයේ විටින් විට තරගයට වර්ෂාව ඇද හැලීම නිසා තරගය යම් ඇල්මැරුනු ස්වභාවයකට පරිවර්තනය වූයේ තරගයේ බලාපොරොත්තු දුරස් කර දමමිනි.

කවුරුත් නොදන්න බ්‍රෝඩ්ගේ inhaler එකේ කතාව

කෙසේ වෙතත් වර්ෂාවෙන් අනතුරුව යළිත් ක්‍රියාත්මක වූ පාකිස්තාන ඉනිමට නව ජීවයක් ලබා දෙමින් තනිව සටන්කාමී ඉනිමක් දියත් කළ රිස්වාන් පාකිස්තාන ලකුණු පුවරුව 236ක් දක්වා රැගෙන ගියේ අගපෙළ පිතිකරුවන්ව ද මනාව කළමනාකරණය කරගනිමිනි. නමුත් ඔවුන්ගේ කිසිදු අගපෙළ පිතිකරුවෙකුට ලකුණු 5 සීමාව ඉක්මවා යෑමට හැකියාවක් නොලැබුණි.

පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ මොහොමඩ් රිස්වාන් ඉනිමේ අවසන් කඩුල්ල වශයෙන් ලකුණු 72කට දැවී ගියේ ඒ සඳහා හතරේ පහර 7ක් අන්තර්ගත කරමිනි.

පන්දු යැවීමේ දී ස්ටුවර්ට් බ්‍රෝඩ් ලකුණු 56කට කඩුලු 4ක් ද, ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු 60කට කඩුලු 3ක් ද දවාලනු ලැබීය.

මෙහි සුවිශේෂීම සිදුවීම බවට පත්වූයේ තරගය පුරාවටම විටින් විට වර්ෂාව පතිත වීම නිසා පාකිස්තාන ඉනිම තරගයේ සිව්වැනි දිනය දක්වා ඇදී යාමයි.

ජය පරාජයෙන් තොරව අවසන් වන තරගයක් බව පෙනි පෙනීම තම පළමු ඉනිම ක්‍රියාත්මක කිරීමට පිටියට පිවිසි එංගලන්ත ආරම්භක පිතිකරුවන් බවට සුපුරුදු පරිදි පත්වූයේ රොරී බර්න්ස් හා ඩොම් සිබ්ලි යුගලයයි.

නමුත් අසාර්ථක ආරම්භයක් ලබා ගත් බර්න්ස් ආ විගසින්ම ලකුණු නොලබා දැවී ගියේ ශහීන් අෆ්‍රිඩිගේ ගොදුරක් බවට පත්වෙමිනි.

අනතුරුව පිටියේ එක්වූ සිබ්ලි සහ ක්‍රෝලි දෙදෙනා එංගලන්ත ලකුණු පුවරුව ලකුණු 91ක් දක්වා රැගෙන ගියේ ඔවුන් දෙදෙනා අතර ද ලකුණු 91ක සබඳතාවයක් පවත්වමිනි. එහි දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සක් ක්‍රෝලි හතරේ පහර 7ක් ද සහිතව ලකුණු 53ක් රැස් කළ අතර ඩොම් සිබ්ලි ලකුණු 32ක් රැස් කිරීමට සමත් විය. ඔවුන් දෙදෙනාවම දවාලීමට සමත් වූයේ මොහොමඩ් අබ්බාස් විසිනි.

විශ්‍රාම ගිය දෝනි මීළඟට මොනවා කරයි ද?

ඒ සමඟම අනෙක් අන්තයෙන් ක්‍රියාත්මක වූ යසීර් ෂා, ඔලී පෝප්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වූයේ ඔහු යන්තම් ලකුණු 9ක් ලබා සිටිය දීයි. කෙසේ වෙතත් වැඩි වේලාවක් යාමට මත්තෙන් තරගය අවසන් වූයේ එංගලන්ත පළමු ඉනිම 110/4 වශයෙන් සටහන් කරමිනි.

පන්දු යැවීමේ දී මොහොමඩ් අබ්බාස් ලකුණු 28කට කඩුලු 2ක් දවාලනු ලැබීය.

ඒ අනුව තරගයේ ප්‍රතිඵලය වර්ෂාවට භාරදෙමින් දෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූයේ තරගාවලියෙන් එංගලන්තය 1-0 වශයෙන් තවදුරටත් පෙරමුණේ තබමිනි. මෙම තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට මොහොමඩ් රිස්වාන් සමත් විය.

දෙපිල අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 21 වැනිදා (සිකුරාදා) සවුතම්ප්ටන්හීදීම ආරම්භ වීමට නියමිතව ඇත.

  • පාකිස්තාන පළමු ඉනිම – 236: මොහොමඩ් රිස්වාන් 72, අබිඩ් අලී 60, බාබර් අසාම් 47, ස්ටුවර්ට් බ්‍රෝඩ් 4/56, ජේම්ස් ඇන්ඩරසන් 3/60
  • එංගලන්ත පළමු ඉනිම – 4/110d: සක් ක්‍රෝලි 53, ඩොම් සිබ්ලි 32, මොහොමඩ් අබ්බාස් 2/32

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<