ස්මිත් පාකිස්තානයට බැට දෙයි

71

ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (5) නිමා වූ දිවා/රාත්‍රී තරගයේ දී කඩුලු 7ක පහසු ජයග්‍රහණයක් අත්කර ගැනීමට සත්කාරක ඕස්ට්‍රේලියාව සමත් විය.

දුවිඳු හා කොත්තිගොඩ ඇතුළු බී. ආර්. සී කණ්ඩායමෙන් වැඩි දස්කම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන Major Club Emerging League…

මීට පෙර දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගය විසඳුමකින් තොරව අවසන් වූ බැවින් මේ ප්‍රතිඵලයත් සමඟ තරගාවලිය 1-0ක් සේ ඉදිරියට පැමිණීමට ඕස්ට්‍රේලියාව සමත් විය.

කැන්බරා හී මනුකා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්තාන නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරමින් පිටියට පිවිස කඩුලු 6ක් දැවී ලකුණු 150ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ඕස්ට්‍රේලියානුවෝ තවත් පන්දු 9ක් ඉතිරිව තිබිය දී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 151ක් ලබා ගත්හ.

පාකිස්තාන ඉනිමේ අර්ධ ශතක දෙකක් ඇතුළත් වූ අතර තම 5 වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට සහභාගී වූ දකුණත් මැදපෙළ පිතිකරු ඉෆ්ටිකාර් අහමඩ් තම මංගල අර්ධ ශතකය තමන් මුහුණ දුන් 29 වැනි පන්දුවේ දී රැස් කිරීමට සමත් වීම කැපී පෙණුනි. ඔහු පාකිස්තාන ඉනිම අවසන් වෙන විට පන්දු 34කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 62ක් ලබා සිටියේය. 

ග්‍රෑන්ඩ්හෝම්ගේ ආක්‍රමණශීලීත්වයෙන් නවසීලන්තයට තියුණු ජයක්

සංචාරක එංගලන්ත කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ නෙල්සන් හිදී පැවති තෙවැනි…

ඊට අමතරව නායක බාබර් අසාම් අද තම විස්සයි පිටියේ 12 වැනි අර්ධ ශතකය 38 වැනි පන්දුවේ දී වාර්තා කිරීමට සමත් විය. ඒ හා සමඟම දුවද්දී දැවී ගිය ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් ඇතුලළ විය. ඔවුන්ට අමතරව කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් (14) සහ ඉමාඩ් වසීම් (11) ඉලක්කම් දෙකේ ලකුණු රැස් කළ අතර අනෙක් කිසිවෙක්ට ලකුණු 10 සීමාවට පිවිසීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ ඉඩ දුන්නේ නැත. 

කඩුලු ලබා ගැනීමේ දී ඇෂ්ටන් ආගර් ලකුණු 23කට කඩුලු 2ක් දවා ගත්තේය. කෙන් රිචර්ඩ්සන් සහ පැට් කමින්ස් අතර කඩුල්ල බැගින් බෙදී ගියහ. 

පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ දකුණත් පිතිකරු ස්ටීව් ස්මිත්ය. ඔහු තම විස්සයි විස්ස පිටියේ සිව්වැනි අර්ධ ශතකය තමන් මුහුණ දුන් 36 වැනි පන්දුවේ දී වාර්තා කරමින් තරගය ජයග්‍රහණයෙන් නතර කරන විට පන්දු 51කට මුහුණ දී හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 80ක් ලබා ගත්තේය. ඔහු තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණි. 

තවත් ශ්‍රී ලාංකික ප්‍රබලයෝ තුනකට ඩුබායි වරම්

ලබන මස 15 වැනිදා අබුඩාබි හිදී ආරම්භ වීමට නියමිත T10 ක්‍රිකට් තරගාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස්,…

ඔහුට අමතරව ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් පන්දු 11කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 20ක් ද, බෙන් මැක්ඩමට් පන්දු 22කට මුහුණ දී හතරේ පහරක් සමඟින් ලකුණු 21ක් ද ලබා ගත්තේය. නායක ඒරොන් ෆින්ච් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 17කි. 

කඩුලු ලබා ගැනීමේ දී මොහොමඩ් ඉර්ෆාන්, ඉමාඩ් වසීම් සහ මොහොමඩ් ආමිර් කඩුල්ල බැගින් බෙදා ගත්හ. 

පාකිස්තානය; කඩුලු 6ක් දැවී 150 (20) බාබර් අසාම් 50, ඉෆ්ටිකාර් අහමඩ් නොදැවී 62, ඇෂ්ටන් ආගර් 2/23

ඕස්ට්‍රේලියාව; කඩුලු 3ක් දැවී 151 (18.3) ඩේවිඩ් වෝනර් 20, ස්ටීව් ස්මිත් 80, බෙන් මැක්ඩමට් 21

දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි විස්ස තරගය මේ මස 8 වැනිදා පර්ත්හිදී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතය.   

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<