සාන්තුවරයන්ගේ සටනට සාඩම්බර අනුග්‍රාහකත්වය Dialog සමාගමෙන්

208

සාන්ත ජෝසප් විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය අතර 84 වැනි වරටත් පැවැත්වෙන “සාන්තුවරයන්ගේ මහා ක්‍රිකට් සටන” ලබන මාර්තු මස 2 සහ 3 දිනවල දී කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩා පිටියේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දුරකථන සබඳතා සැපයුම්කරු වන ඩයලොග් ආසිආටා සමාගම සාන්තුවරයන්ගේ මහා සටන සඳහා තෙවන වසරටත් අනුග්‍රාහකත්වය දක්වන්නට ඉදිරිපත්ව සිටියි.

මෙවර සහෝදරයින්ගේ සංග්‍රාමයේ පළමු ඉනිම පන්දුවාර 60 සීමා වෙයි

පාසල් මහා ක්‍රිකට් සංග්‍රාමයේ තවත් උත්කර්ෂවත් ක්‍රිකට් තරගාවලියක් වන කොළඹ තර්ස්ටන්…

මෙම කීර්තිමත් පාසල් දෙක අතර පසුගිය වසර 83 තුළ දී පැවැත්වූ තරගවලින් සාන්ත ජෝසප් විද්‍යාලය තරග 12ක් ජයග්‍රහණය කර ඇති අතර සාන්ත පීතර විද්‍යාලය තරග 10ක් ජයග්‍රහණය කර ඇත.

මොරිස් ලේ ගොක් පියතුමන්ගේ අනුස්මරණ කුසලානය මේ වන විට සාන්ත පීතර විද්‍යාලය සතුව තිබෙන්නේ 2016 වර්ෂයේ දී විනූ මොහොට්ටිගේ නායකත්වය යටතේ පැවති තරගයේ ජයග්‍රහණය සාන්ත පීතර විද්‍යාලය විසින් දිනා ගත්තේ බැවිනි. සාන්ත ජෝසප් විද්‍යාලය අවසන් වරට රුවන්ත ප්‍රනාන්දුපුල්ලේගේ නායකත්වය යටතේ 2008 වර්ෂයේ දී මෙම කුසලානය ජයග්‍රහණය කර ඇත.

මෙවර තරගාවලියේ දී සාන්ත ජෝසප් විද්‍යාලය මෙහෙය වනු ලබන්නේ නිමා වූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකයා වූ යොවුන් ක්‍රීඩක ජෙහාන් ඩැනියල් විසිනි. ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන සාන්ත පීතර විද්‍යාලය මෙහෙය වනු ලබන්නේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන කණ්ඩායම නියෝජනය කළ සන්තූෂ් ගුණතිලක විසිනි.

ඇන්ජලෝ මැතිව්ස්, චමින්ද වාස්, තිසර පෙරේරා, දිමුත් කරුණාරත්න, ඈෂ්ලි ද සිල්වා, මයිකල් වැන්ඩොර්ට්, රොෂේන් සිල්වා සහ සධීර සමරවික්‍රම ආදීන් සාන්ත ජෝසප් විද්‍යාලය නියෝජනය කළ ක්‍රීඩකයින් අතර කිහිප දෙනෙකි. රෝයි ඩයස්, රුමේෂ් රත්නායක, රසල් ආර්නල්ඩ්, අමල් සිල්වා, කෞෂාල් ලොකුආරච්චි, මලින්ද වර්ණපුර හා ඇන්ජලෝ පෙරේරා යන ක්‍රීඩකයින් සාන්ත පීතර විද්‍යාලයෙන් බිහි වූ ක්‍රීඩකයින් කිහිප දෙනෙකි.

සාන්ත ජෝසප් සහ සාන්ත පීතර විද්‍යාල අතර පැවැත්වෙන සාන්තුවරයන්ගේ සටන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කතෝලික පාසල් දෙකක් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගයක්. වසර 83 දිගු ඉතිහාසයක් සහ සම්ප්‍රදායක් මේ තරගයට ඇත. මේ පාසල් දෙකේම ක්‍රීඩකයින් හට මේ තරගය ජය ගැනීම සඳහා මම ආශීර්වාද කරමි.” යැයි ඊයේ (13) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් සාන්ත පීතර විද්‍යාලයේ විද්‍යාලාධිපති ගරු ට්‍රෙවර් මාර්ටින් පියතුමා පැවසුවේය.

ඩයලොග් ආසිආටා ආයතනයේ සමූහ ව්‍යාපාර ප්‍රධානී ජෙරමි හක්ස්ටබල් මහතා විසින් අනුග්‍රාහක චෙක්පත විද්‍යාල දෙකේ පියතුමන්ලා හට ලබා දීම සිදු කළ අතර එලිෆන්ට් හවුස්, කීල්ස් ක්රෙස්ට්, නෙස්ලේ සහ ජෙට්වින්ග් ඇතුළු ආයතන කිහිපයක් මෙවර තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය දක්වන සෙසු ආයතන වේ.

මේ ක්‍රිකට් තරගාවලියට යළිත් වරක් අපට අනුග්‍රාහකත්වය දැක්වීම පිළිබඳව ඩයලොග් ආසිආටා ආයතනයේ කළමනාකාරිත්වයට හා කාර්ය මණ්ඩලයට මා ස්තුතිවන්ත වන අතර අප පාසල් දෙක අතර පැවැත්වෙන මේ තරගය මේ වර්ෂයේ පැවැත්වෙන තරගකාරීම ක්‍රිකට් ගැටුම බවට නොඅනුමානයි. යෞවනයින් හා ආදී ශිෂ්‍යයින් හට මෙය ඉතාමත්ම උද්යෝගීත්මත් තරගාවලියක් වේවි අනිවාර්යයෙන්. පාසල් දෙකේම කණ්ඩායම් නායකයින් හට හා කණ්ඩායම් දෙකටම මා සුබ පැතුම් එක් කිරීමට කැමතියි.” යැයි  සාන්ත ජෝසප් විද්‍යාලයේ විද්‍යාලාධිපති ගරු ට්‍රැවිස් ගේබ්රියල් පියතුමන් පවසා සිටියේය.

සාන්තුවරයන්ගේ සංග්‍රාමය හා පාසල් දෙකේ එක්දින තරගය ඩයලොග් TV චැනල් අංක 1 ඔස්සේ මෙන්ම www.ThePapare.com හරහා ද සජීව ලෙස නැරඹීමට හැකි අතර My TV හරහා ජංගම දුරකථනය ඔස්සේ ද තරග සියල්ල සජීවී ලෙස නැරඹීමට හැකිය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<