ග්‍රෑන්ඩ්හෝම්ගේ ආක්‍රමණශීලීත්වයෙන් නවසීලන්තයට තියුණු ජයක්

70

සංචාරක එංගලන්ත කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ නෙල්සන් හිදී පැවති තෙවැනි ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයෙන් ලකුණු 14ක තියුණු ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම අද (5) සමත් විය.

කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කිරීමට නවසීලන්ත නායක ටිම් සවුති තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් බවට පත්වූයේ මාටින් ගප්ටිල් සහ කොලින් මනිරෝ දෙදෙනායි.

බංග්ලාදේශය අවතක්සේරු කළ ඉන්දියාවට හොඳ පාඩමක්

බංග්ලාදේශ කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් ඊයේ (3) දිල්ලි හිදී පැවති පළමු විස්සයි විස්ස තරගයෙන්….

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 40ක සබඳතාවයක් පැවැත්වු අතර ඉන් වැඩි දායකත්වයක් ලබා දුන්නේ මාටින් ගප්ටිල් ය. එහෙත් දුර්වල පිතිකරණ විලාශයක යෙදුණු මන්රෝ ටොම් කරන්ගේ ගොදුරක් බවට පත්වෙමින් නැවත ක්‍රීඩාගාරය වෙත හැරී ගියේ යන්තම් ලකුණු 6ක් පමණක් ලබා සිටිය දී ය. 

වැඩි වේලාවක් යාමට මත්තෙන් නවසීලන්ත කණ්ඩායමේ දෙවන කඩුල්ල ද බිඳ වැටුණේ කඩුලු රකින ක්‍රීඩක ටිම් සෙයිෆාර්ට් ද ලකුණු 7කට දැවී යාමත් සමඟිනි. තම මංගල තරගයට ක්‍රීඩා කළ පාකින්සන්ගේ ගොදුරක් බවට පත්විය.

අනතුරුව පිටියට පිවිසි කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් හා මාටින් ගප්ටිල් අතර ලකුණු 27ක සබඳතාවයක් පැවැත්වූ අතර තෙවැනි කඩුල්ල වශයෙන් ගප්ටිල් පැටි බ්‍රවුන්ගේ පන්දුවක් ඉදිරියේ ලකුණු 69කට දැවී යන විට නවසීලන්ත ලකුණු පුවරුව 69/2ක් වශයෙන් සටහන් විය.

පසුව ‍ග්‍රෑන්ඩ්හෝම් සමඟ පිටියේ එක්වූයේ අත්දැකීම් බහුල පිතිකරු රොස් ටේලර් ය. ඔවුන් දෙදෙනා එක්ව සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 66ක සබඳතාවයක් පැවැත්වූ අතර ඒ අතරින් ප්‍රවේගකාරී පිතිහරණයක නියැලුණු ග්‍රෑන්ඩ්හෝම් පන්දු 35කින් ලකුණු 55ක් ලබා ගත්තේ නවසීලන්තයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමිනි. 

එංගලන්ත පන්දු යවන්නන් හට අනුකම්පා විරහිත ලෙස දිගට හරහට බැට දුන් ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් හා දැවැන්ත හයේ පහර 3ක් අන්තර්ගත විය. 

නවසීලන්ත ලකුණු පුවරුව 135/4ක් වශයෙන් සටහන් කරමින් සිය ඉනිම නිමා කළ ඔහු දැවී ගියේ දෙවන වරටත් ක්‍රියාත්මක වූ ටොම් කරන්ගේ පන්දුවක් හමුවේ ය.

නිපුන්-කුෂාන් එක්ව ශ්‍රී ලංකාව අවමානයෙන් බේරයි

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර….

අනතුරුව ටේලර්ගේ මීළඟ සහයකයා බවට පත්වූයේ ප්‍රවේගකාරී පිතිකරු ජේම්ස් නීෂම් ය. ඔවුන් දෙදෙනා එක්ව ලකුණු 27ක සබඳතාවයක් පැවැත්වූ අතර මුළු ලකුණු සංඛ්‍යාව 162 දී ටේලර් ද දැවී ගියේ ලකුණු 27ක් ලබා සිටිය දී ය.

ඉන්පසුව නීෂම් සමඟ එක් වූ මිචෙල් සැන්ට්නර් නවසීලන්ත ලකුණු පුවරුව 180ක් දක්වා ඔසවා තැබීමට සමත් වූයේ ඉනිම අග භාගයේ දී වේගවත් පිතිහරඹයක නියැලෙමිනි. ඉතා කෙටි ඉනිම් දෙකක් රැස් කළ නීෂම් හා සැන්ට්නර් දෙදෙනා පිළිවෙළින් ලකුණු 20 (15)ක් සහ 15 (9)ක් ලබා ගත්තේය.

ඒ සමඟින් නියමිත පන්දුවාර 20 අවසානයේ නවසීලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 180ක් රැස්කළේ එංගලන්තයට අභියෝගාත්මක ඉලක්කයක් ලබා දෙමිනි.

ලකුණු 181ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් බවට පත්වූයේ ටොම් බැන්ටන් සහ ඩේවිඩ් මලාන් ය. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 27ක සබඳතාවයක් පැවැත්වූ අතර ඊට වැඩි දායකත්වයක් ලබා දුන්නේ ටොම් බැන්ටන් විසිනි. ඉනිමේ පළමු කඩුල්ල වශයෙන් ලකුණු 18ක් ලබා සිටි බැන්ටන් තම පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස ඉනිම හමාර කළේ බ්ලෙයාර් ටික්නර්‌ගේ පන්දුවක් හමුවේ දැවී යමිනි. 

නිපුන්-කුෂාන් එක්ව ශ්‍රී ලංකාව අවමානයෙන් බේරයි

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර….

අනතුරුව පිටියට පිවිසියේ දකුණත් පිතිකරු ජේම්ස් වින්ස් ය. පසුව මලාන්-වින්ස් එක්ව දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක සාර්ථක සබඳතාවයක් පැවැත්වූයේ පන්දුවාර 7.3ක දී එංගලන්ත ලකුණු පුවරුව 90ක් දක්වා ඔසවා තබමිනි. නවසීලන්තයට අභියෝගයක් වූ එකම පිතිකරුවන් දෙදෙනා වූ මොවුන් දෙදෙනා එංගලන්ත පන්දු යවන්නන්ට අත දිගහැර පහර දුන්නේ තරගයේ වැඩි වාසි තම කණ්ඩායමට හිමිකර දෙමිනි.

නමුත් ඉන් පසුව ක්‍රියාත්මක වූ ඊෂ් සෝධි මලාන්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වූයේ ලකුණු 55ක් ලබා සිටිය දී ය. එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් හා එක් හයේ පහරක් අන්තර්ගත විය. 

ඊට නොදෙවනි ඉනිමක් ක්‍රීඩා කළ ජේම්ස් වින්ස් ද පන්දු 39ක දී ලකුණු 49ක් රැස්කළේ තම සුපුරුදු රිද්මයට නැවතත් අනුගත වෙමිනි. හතරේ පහර 8ක් හා එක් හයේ පහරක් වින්ස්ගේ ඉනිමට අන්තර්ගත වූ අතර එංගලන්ත ලකුණු පුවරුව 139/4ක් වශයෙන් සටහන් කරමින් ඔහු ද දැවී ගියේ නවසීලන්තය නැවතත් තරගයට අවතීර්ණ කරමිනි.

එහෙත් ඉන් අනතුරුව පිටියට පිවිසි කිසිදු එංගලන්ත පිතිකරුවකුට ලකුණු 20 සීමාව ඉක්මවීමට ඉඩ නොදීමට නවසීලන්ත පන්දු යවන්නන් වගබලා ගත්තේ නායක මෝගන්, සෑම් බිලිංග්ස්, සෑම් කරන් හා ලෙවීස් ග්‍රෙගරි යන සිව් දෙනා පිළිවෙළින් ලකුණු 18, 1, 2, 0 වැනි අඩු ලකුණු සංඛ්‍යා වලට දවාලමිනි. ඉන් කඩුලු දෙකක්ම දවා ගනිමින් නවසීලන්තය ජයග්‍රහණය පෙනෙන මානයට රැගෙන එනු ලැබුවේ ලොකී ෆර්ගසන් විසිනි.

එංගලන්ත ඉනිම අවසානයේ දී කෙටි ඉනිමක් ක්‍රීඩා කළ ටොම් කරන් පන්දු 10ක දී ලකුණු 14ක් නොදැවී ලබා ගත් නමුත් ඔහුට කිසිදු සහයක් ලබා දීම සඳහා කිසිදු පිතිකරුවෙකු කඩුල්ලේ රැඳී නොසිටියේය.

ඒ සමඟින් එංගලන්තයට නියමිත පන්දුවාර 20 අවසානයේ ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 166ක් පමණි. පන්දු යැවීමේ දී නවසීලන්තය වෙනුවෙන් ලොකී ෆර්ගසන් සහ බ්ලෙයාර් ටික්නර් දෙදෙනාම තම පන්දුවාර 4 අවසානයේ දී 25/2ක් වශයෙන් පන්දු යැවීම් සටහන් කළහ

මේ අනුව අවසානයේ දී නවසීලන්තය ලකුණු 14ක තියුණු ජයක් හිමිකර ගැනීමට සමත් විය.

  • මෙම තරගයේ වීරයා – කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් සමත් විය.

නවසීලන්තය – 180/7 (පන්දුවාර 20): කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් 55(35),  මාටින් ගප්ටිල් 33(17), රොස් ටේලර් 27(24), ටොම් කරන් 29/2(4)

එංගලන්තය – 154/3 (පන්දුවාර 18.3): ජේම්ස් වින්ස් 49(39), ඩේව්ඩ් මලාන් 55(34), බ්ලෙයාර් ටික්නර් 25/2(4), ලොකී ෆර්ගසන් 25/2(4)

මේ අනුව තරග 5කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණ ලබාගැනීමට නවසීලන්තය සමත් විය. දෙරට අතර පැවැත්වෙන සිව්වන ජාත්‍යන්තර විස්සයි විස්ස තරගය එළඹෙන සිකුරාදා(05) නේපියර් හිදී පැවැත්වීමට නියමිතව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<