පරණ කෝන්තරයක් නිසා පාකිස්තානයට ක්‍රිකට් බඩු නැති වෙන්න යයි

420

බ්‍රිතාන්‍යයට අයත් Isle of Man හි පිහිටුවා ඇති සමාගමක් හා පාකිස්තාන රජය අතර ඇති නීතිමය ආරවුලක් නිසා එම සමාගම මේ දිනවල එංගලන්තයේ සංචාරයේ නිරත වන පාකිස්තාන කණ්ඩායමේ ක්‍රීඩා බඩු බාහිරාදිය තමන් සතු කරගන්නා බවට පවසා සිටිනවා. 

Pakistani daily පුවත් සේවය පවසා තිබුණේ Broadsheet LLC නම් එම සමාගම පාකිස්තාන රජයට යැවූ ලිපියක ඔවුන් පාකිස්තාන රජය ඔවුන්ට ඇති දීර්ඝ කාලීන ණයක් නිසා “පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සතු වස්තූන් තමන් සතු කර ගන්නා බවට” පවසා තිබෙනවා.

ගැටලු කිහිපයක් නිසාවෙන් IPL හිමිකරුවන් කනස්සල්ලෙන්

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය එක්සත් රාජධානියේ පාකිස්තාන තානාපති කාර්යාලය හා සාකච්ඡා කර ඇති අතර මෙවැනි සිදුවීමක් වීමට ඉඩක් නොමැති බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විශ්වාස කරනවා. පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීති නිලධාරීන් පවසා ඇත්තේ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය නියෝජනය කරන බවත්, ක්‍රිකට් පාලක මණ්ඩලය රාජ්‍යයට හෝ පවතින රජයට අයිති නොවන බවත්ය. එම නිසා ඔවුන් රජයට සමඟ ඇති ගැටලු ඔවුන්ට අදාළ නොවන බවත් ඔවුන් පවසා සිටිනවා.

“පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයට Broadsheet LLC සමාගම හා ඉස්ලාම් පාකිස්තාන ජනරජය ඇති කිසිම ගනුදෙනුවකට සම්බන්ධයක් නැහැ” පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා තිබුණා.

“තවදුරටත් කියනවා නම් 1962 ක්‍රීඩා සංවර්ධන හා පාලන පනත යටතේ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පිහිටුවා ඇත්තේ පාකිස්තානය තුළ ක්‍රිකට් ක්‍රීඩාව පාලනය, කළමනාකරණය හා ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්. PCB ය ඔවුන්ගේම ව්‍යවස්ථාවට අනුව සම්පූර්ණයෙන් ස්වාධීනව ක්‍රියාත්මක වෙනවා.”

ක්‍රිකට් වසන්තයට නැවත පනගන්වමින් LPL වලට දින තීන්දුයි!

“පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය රජයෙන් ස්වාධීන ලෙසයි කටයුතු කරන්නේ, පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඔවුන්ගේම ආදායම් උපයා ගන්නවා, මධ්‍යම රජයෙන්, ප්‍රාන්ත රජයන් වලින් හෝ රජයේ කිසිදු ආයතනයකින් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ආධාර ලබා ගන්නේ නැහැ.”

2000 දශකයේ මුල් භාගයේ දී එවකට පාකිස්තානයේ ජනාධිපති වූ Pervez Musharraf මහතා Broadsheet සමාගම කුලියට ගෙන තිබුණේ පාකිස්තානය සතු වස්තූන් විදෙස් රටවල් වල තිබේ නම් ඒවා සෙවීමේ අරමුණිනුයි. වගවීම පිළිබඳ පාකිස්තානයේ ජාතික ආයතනය (Accountability Bureau) Broadsheet සමගම සමඟ ගිවිසුම්ගත වී ඇතත් 2003 වසරේ දී එම ගිවිසුම අවලංගු කර තිබෙනවා. 

මෙම සිදුවීම නිසා එම සමාගම හා පාකිස්තාන රජය අතර දීර්ඝ කාලීන නීතිමය ආරවුලක් පැන නැගුණු අතර 2018 දී ලන්ඩන් හි පිහිටි ජාත්‍යන්තර සාමදාන හා බේරුම්කරණ අධිකරණය විසින් (International arbitration court) Broadsheet සමාගමට වාසි වන සේ නඩු තීන්දුව ලබා දුන්නා. එහි දී පාකිස්තාන රජය විසින් Broadsheet සමගම වෙත වන්දි ගෙවිය යුතු බව අධිකරණය නියම කළ නමුත් තවමත් එම ගෙවීම් පාකිස්තාන රජය විසින් සම්පුර්ණ කර නැහැ. 

තිතටම No-ball අල්ලන්න ICCයෙන් අලුත් වැඩක්!

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ පාකිස්තාන රජය ඇමරිකානු ඩොලර් මිලියන 33ක මුදලක් Broadsheet සමාගමට ගෙවිය යුතු බවයි. 

cricinfo ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<