අභියාචනාව විසි වේ; චන්දිමාල්ට තෙවැනි තරගයට දොර වැසේ

633

දිනේෂ් චන්දිමාල් විසින් යොමු කළ අභියාචනාව පරාජය වීම නිසා ඔහු හට ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද (23) බාබඩෝස් හිදී ආරම්භ වන තෙවන දිවා/රාත්‍රී ටෙස්ට් තරගය තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

චන්දිමාල්ගෙන් අභියාචනාවක්; තුන්වැනි ටෙස්ට් තරගයට අවසර?

පන්දුවේ ස්වභාවය වෙනස් කළා යැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වරදකරු කළ ශ්‍රී ලංකා…

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින්  පසුගිය 19 වැනිදා පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමේ චෝදනාවට දිනේෂ් චන්දිමාල්ව වරදකරු කළ අතර එය අභියෝගයට ලක් කරමින් චන්දිමාල් පසුගිය 21 වැනිදා ICC වෙත අභියාචනාවක් ඉදිරිපත් කළේය. අනතුරුව ICC චර්යා ධර්ම සංග්‍රහ කොමිසමේ සභාපති මයිකල් බෙලොෆ් මහතා චන්දිමාල්ගේ අභියාචනාව විමසන අධිකරණ කොමසාරිස්වරයා ලෙස පත් කර අතර ඔහු ඉදිරියේ දී  එය මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රියේ දී විභාගයට ගැනිණ.

එම අභියාචනා විභාගය අවසානයේ මේ මතභේදාත්මක සිදුවීම සිදු වූ ශ්‍රී ලංකා – කොදෙව් දෙවන ටෙස්ට් තරගයේ  තරග තීරක ලෙස කටයුතු කළ ජවගල් ශ්‍රීනාත් මහතා චන්දිමාල්ගේ විනය ගිණුමට දඬුවම් ලකුණු දෙකක් (suspension points) හා එම තරග මුදලින් 100% දඩයක් ලබා ගැනීමට තීරණය කරන ලදි.

එසේම ඉහත සිදුවීම සිදු වූ ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ උදෑසන පන්දු රැකීම සඳහා පිටියට පිවිසීම ප්‍රතික්ෂේප කිරීම ICC චර්යා ධර්ම සංග්‍රහයේ 2.3.1 කොටස උල්ලංඝනය කරමින් සිදු කරන ලද 3 වැනි මට්ටමේ වරදක් බව ICC ප්‍රධාන විධායක ඩේවිඩ් රිචඩ්සන් මහතා පසුගිය අඟහරුවාදා (19) ප්‍රකාශ කළ අතර ටෙස්ට් කණ්ඩායම් නායක චන්දිමාල්, පුහුණුකරු හතුරුසිංහ මහතා හා කළමනාකරු වන ගුරුසිංහ මහතා ඊයේ  (22) ඒ වරද පිළිගෙන තිබෙනවා. නමුත් අද (23) ආරම්භ වන ටෙස්ට් තරගයේ දී පුහුණුකරු චන්දික හතුරුසිංහට හා කළමනාකරු වන අසංක ගුරුසිංහ මහතා හට සහභාගී වීමට අවස්ථාව ලබා දෙන බව ICC විසින් පවසා ඇත.

චන්දිමාල්ගේ අභියාචනාව සිකුරාදා

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට සාන්ත ලුසියා හිදී පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ‘පන්දුවේ…

දෙරට අතර පැවැත්වෙන තෙවන හා අවසන් ටෙස්ට් තරගය අවසානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට හානි කිරීමේ සිද්ධියට අදාළ දඬුවම් මොනවාද යන්න නිවේදනය කරන බව මයිකල් බෙලොෆ් මහතා පවසා ඇත.

ක්‍රීඩාවේ ජීවගුණයට හානි කිරීමේ මේ වරද තෙවැනි මට්ටමේ වරදක් නිසා එම වරද සිදු කළ අයගේ විනය වාර්තාවට දඬුවම් ලකුණු  (suspension points) ලකුණු 4 – 8 දක්වා ප්‍රමාණයක් එක්වෙනු ඇත. ඒ අනුව ඔවුන් හට ඉදිරියේ දී පැවැත්වෙන දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් මග හැරීමේ යම් අවදානමක් ද ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<