ක්‍රීඩාවේ වැරදි හොයන්න නව ඒකකයක්!

109

2019 අංක 24 දරන ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ වන වරදක් සම්බන්ධයෙන් විමර්ශන බලතල සහිත විශේෂ විමර්ශන ඒකකයක් අද (11) දින ප.ව.3.00 ට සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරී භූමියේ ගෘහස්ථ ක්‍රීඩාගාරය පිහිටි කාර්යාල පරිශ්‍රයේ විවෘත කෙරිනි. 

ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියට කොරෝනා හරස් කපයි

එළඹෙන පෙබරවාරි මස 12 හා 13 දිනවල දී චීනයේ Hangzou හි පැවැත්වීමට නියමිතව තිබූ 9 වැනි දකුණු ආසියානු…..

අදාළ විමර්ශන ඒකකය විවෘත කිරීමෙන් අනතුරුව මේ පිළිබඳව මාධ්‍ය වෙත දැනුම් දීම සඳහා මාධ්‍ය හමුවක් ද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී සංවිධානය කර තිබුනි. එම කර්තව්‍යට ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එස්.  රුවන්චන්ද්‍ර සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක ජනරාල් ධම්මික මුතුගල ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහාභාගී විය. 

එහිදී මාධ්‍ය ඇමතු ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මෙසේ තම අදහස් දැක්වීය.

“මෙම පනත පාර්ලිමේන්තුව තුළදී සම්මත කරගැනීමට එවකට සිටි අමාත්‍යතුමන් ඇතුළු නිලධාරීන් ක්‍රියා කළා. මේ පනත මම දකින විදිහට ක්‍රීඩා ක්ෂේත්‍රයට අලුත් අත්දැකීමක් වගේම නව නැංමක්. ඉතින් මේ පනතින් අපිට නීතිමට ප්‍රතිපාදන සකස්කෙරුණා. විශේෂයෙන්ම විමර්ශන ඒකකයක් ආරම්භ කරලා ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඕනෑම කෙනෙකුට පුළුවන් පැමිණිලි ඉදිරිපත් කරන්නට, ඒ ඉදිරිපත් කරන පැමිණිලි අමාත්‍යංශයට, ඇමතිතුමන්ට වගේම මෙම ඒකකයට ඉදිරිපත් කරන්නට පුළුවන්.” 

එසේම තවදුරටත් තම අදහස් දැක්වූ ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යාංශ ලේකම් රුවන්චන්ද්‍ර මහතා පැවසුවේ මෙවැනි විශේෂ විමර්ශන ඒකකයක් ස්ථාපිත කිරීම මඟින් බලාපොරොත්තු වන්නේ වැඩි වැඩියෙන් පැමිණිලි විභාග කිරීම නොව, ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ කිසියම් වැරැද්දක් සිදු වේ නම් එවැනි වැරදි නවතාලීම බවත් ය. 

ඔලිම්පික් පදක්කම් සිහිනය සැබෑ කරගැනීමට පිඹුරුපත් සකස් කෙරේ

මෙම වසරේ දී ජපානය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා මෙරටින් වැඩි ක්‍රීඩක…..

එසේම මෙම විශේෂ විමර්ශන ඒකකය අද දින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතා යටතට පත්කළ අතර එහිදී මෙම පනතින් තම ඒකකයට ලැබී ඇති බලතල සහ ඒවා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතා මාධ්‍ය වෙත පැහැදිලි කිරීමක් කළේය. 

එසේම ඉහත ඒකකය වෙත ලබා දෙන පළමු වාර්තාව වශයෙන් ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යාංශ ලේකම් රුවන්චන්ද්‍ර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ විශේෂ විගණන වාර්තාවක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතා අතට පත්කළ අතර ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක ජනරාල් ධම්මික මුතුගල විසින් පසුගිය දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පිළිබඳ වාර්තාවක් ද ජගත් ෆොන්සේකා මහතා අතට පත්කෙරිනි. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<