CR කණ්ඩායමට ලීගය තහනම්!

117

මීට සති දෙකකට ඉහත දී 2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවති 13 වැනි සතියේ තරගයේ දී, විනිසුරු තීරණ නොතකා තරගයෙන් ඉවත් වීම හේතුවෙන් නායක ඔමල්ක ගුණරත්න ප්‍රමුඛ CR&FC කණ්ඩායමට ලීගයේ ඉතිරි තරග කිහිපය සහ සුපිරි වටයේ තරගවලට වාරණයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා රග්බි සම්මේලනය තීරණය කර තිබෙනවා.

පාසල් රග්බි ලීගය කල් දැමේ

මේ දිනවල ලොව පුරා පැතිර යන කොරෝනා හෙවත් COVID-19 වයිරසය වසංගතයක් ලෙස ….

තරගාවලියේ ආරම්භයේ සිටම CR කණ්ඩායම ඉතා හොඳින් දස්කම් දක්වමින් සිටි අතර එම කණ්ඩායමේ Wing ක්‍රීඩක ජනිදු දිල්ශාන් වැඩිම උත්සාහක දිනුම් රැස්කරගත් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටීම කැපී පෙනුණා. 

නමුත් මාර්තු 04 වැනිදා පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවති තරගයේ දී විනිසුරු ප්‍රනීත් වෙරංග CR ක්‍රීඩකයෙක්ට අක්ෂි ආශ්‍රිත රෝගී තත්වයක් (ඇස් ලෙඩ) තිබීම හේතුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා නොදුන් අතර එම තීරණයට විරෝධය පාමින් CR කණ්ඩායම පිටියෙන් ඉවත් වීමට තීරණය කළා. එසේ ඔවුන් පිටියෙන් ඉවත් වීම හේතුවෙන් විනිසුරු පොලිස් ක්‍රීඩා සමාජයට තරගයේ ජයග්‍රහණය ලබා දීමට ද තීරණය කළා.

ඉන්පසුව මෙම සිදුවීම පිළිබඳව තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ විනය කමිටුවට පැවරුණු අතර එම විනය කමිටුවට නීතිඥ සුරේන් ද සිල්වා, මේජර් ජනරාල් ක්‍රිෂ්ණරත්න සහ නීතිඥ සහීඩ් සංගානී යන මහත්වරුන් ඇතුළත් විය.

පොලීසියේ මහනුවර වැටලීම අසාර්ථකයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 14 වැනි සතියේ අවසන් තරගය සඳහා ….

අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනවල නිරත වීමෙන් අනතුරුව ඊයේ (16) සවස ශ්‍රී ලංකා රග්බි කමිටු මූලස්ථානයේ දී පැවතී රැස්වීමක දී “CR&FC කණ්ඩායමට ලීගයේ ඉතිරි තරග සියල්ල සහ සුපිරි වටයේ තරගවලට වාරණයක්” නිකුත් කිරීමට තීරණයක කර තිබුණි. 

තරග තහනමට අමතරව CR&FC කණ්ඩායමට රුපියල් 350,000ක දඩයක් සහ කණ්ඩායමේ කළමනාකරුට වහාම ක්‍රියාත්මක වන පරිදි මාස තුනක සේවා අත්හිටුවීමක් පැනවීමට ද ශ්‍රී ලංකා රග්බි කමිටුව කටයුතු කර තිබෙනවා.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<