ශූරතාවය මහනුවරට!

124

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශූරයන් ලෙස කිරුළු පැලඳීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. පසුගිය වසරේ ශූරයන් ලෙස මෙවර තරගාවලියට පිවිසි ඔවුන් මූලික වට දෙක අවසානයේ දී අපරාජිතව පෙරමුණ ගෙන සිටියහ. 

CR කණ්ඩායමට ලීගය තහනම්!

මීට සති දෙකකට ඉහත දී 2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ……….

මෙවර තරගාවලිය සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් අද (17) ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ තරගාවලි සංවිධායකයන්ගේ සහභාගිත්වයෙන් පැවති අතර එහි දී සැලසුම් කළ සුපිරි තරග වටය නොපැවැත්වීමටත් මහනුවර ක්‍රීඩා සමාජය ශූරයන් ලෙස නම් කිරීමටත් තීරණය කර තිබේ. 

මෙවර තරගාවලියේ සති 14ක් පුරා පැවති මූලික වටයේ ක්‍රීඩා කළ තරග 14ම අපරාජිතව නිමා කිරීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. ඒ අනුව ඔවුන් තවත් වසරක් ලීග් රග්බි ශූරතා කුසලානය නිත්තවෙල ‍රඳවා ගැනීමට සමත් විය. 

මෙම ශූරතාවයත් සමඟින් මහනුවර ක්‍රීඩා සමාජය 2015 වසරේ සිට අඛණ්ව ශූරතාව දිනා ගත් 6 වැනි අවස්ථාව ලෙස සටහන් විය. 

 COVID-19 වයිරසය සම්බන්ධයෙන් මේ දිනවල පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම සුපිරි තරග වටය අවලංගු කිරීමට සමාජ කීපයක් මඟින් ඉල්ලීම් කර තිබුණි. ඒ අනුව ශ්‍රී ලංකා රග්බි සම්මේලනය විසින් මෙම සුපිරි තරග වටය අවලංගු කිරීමටත්, මහනුවර ක්‍රීඩා සමාජයට ශූරතාව ලබා දීමටත් තීරණය කළේය. 

“අපි තීරණය කළා ලීග් තරගාවලිය අවසන් කිරීමට. ඒ වගේම අපි ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය පිළිබඳව ඉදිරියේ දී තිරණයක් ගන්න බලාපොරොත්තු වෙනවා. මේ පවතින තත්ත්වය අනුව සියල්ල යථා තත්වයට පත්වන තුරු කිසිම රග්බි තරගයක් අපි පවත්වන්නේ නෑ.” ශ්‍රී ලංකා රග්බි සභාපති ලසිත ගුණරත්න මහතා පවසා සිටියා. 

ගුවන් ප්‍රහාරයෙන් බේරුණු හැව්ලොක්ට විශිෂ්ට ජයක්

ලකුණු 30-19ක් ලෙස ගුවන් හමුදාව පරාජය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ CR&FC ……

මහනුවර ක්‍රීඩා සමාජය මූලික වට අවසානයේ දී ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටියේ ලකුණු 82ක් තම නම ඉදිරියේ සටහන් කර ගනිමිනි. දෙවන ස්ථානය ලබා ගත් පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු 60ක් ලබාගෙන සිටියහ. තුන්වැනි ස්ථානය ලබා ගැනීමට ලකුණු 53ක් වාර්තා කළ හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත් විය. හැව්ලොක් ක්‍රීඩා සමාජය පසුගිය වසරේ දී ලීග් රග්බි තරගාවලියේ දෙවැනි ස්ථානය ලබා ගත් අතර ක්ලිෆර්ඩ් කුසලාන ශූරතාවය ද දිනා ගැනීමට සමත් විය. 

මේ අතර CR&FC ක්‍රීඩා සමාජයට පැනවූ තහනමත් සමඟින් නව ලකුණු සටහන ඉක්මනින් නිකුත් කිරීමට නියමිතය. 

මෙවර තරගාවලිය මහනුවර ක්‍රීඩා සමාජයේ සාර්ථකම තරගාවලියක් වූ අතර ඔවුන් ක්‍රීඩා කළ තරග 14න් තරග 12ක දී ම ප්‍රසාද ලකුණු ලබා ගැනීමට ඔවුන් සමත් විය. 2016/17 තරගාවලියෙන් පසුව මහනුවර ක්‍රීඩා සමාජයේ සාර්ථකම තරගාවලිය ලෙස මෙම තරගාවලිය හැදින්විය හැක. 

මහනුවර ක්‍රීඩා සමාජය නියෝජනය කළ හිටපු නායක ෆසීල් මරීජාගේ පුහුණුකාරීත්වයේ පළමු වසරේ දී ම අපරාජිතව ශූරතාව දිනා ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් වීම විශේෂත්වයකි. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<