හර්කියුලිස් බිහි කළ ඔලිම්පික් උළෙලේ ආරම්භය

ඔලිම්පික් උළෙලේ ගමන් මග 01

490
Cover Image : behance.net

“ඔලිම්පික් ක්‍රීඩා උළෙල” ලොව ප්‍රධානම සහ පැරණිතම ක්‍රීඩා මංගල්‍යය ලෙස හැඳින්විය හැකි. සෑම වසර 4කට වරක්ම පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා වර්තමානයේ දී රටවල් 200කට අධික ප්‍රමාණයක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වන අතර ජපානයේ ටෝකියෝ නුවර කේන්දු කරගනිමින් මෙවර ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතයි.

ඔලිම්පික් සටනට සුදුසුකම් ලැබීමේ පරිසාධන මට්ටම් නිකුත් කෙරේ

මෙම වර්ෂයේ පැවැත්වෙන විශාලතම ක්‍රීඩා මංගල්‍යය වන 32 වැනි ගිම්හාන…..

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඉතිහාසය හර්කියුලිස්ගේ කාලය දක්වා දිව යන්න අතර “පුරාතන ඔලිම්පික්” උළෙල ලෙස හැඳින්වෙන මෙම සමාරම්භක ඔලිම්පික් ක්‍රීඩා උළෙලවල්, සැඟවී ගිය ග්‍රීක් පුරාවෘත්තයන් හා බැඳී පවතියි. මෙම ක්‍රීඩා උළෙලේ මුතුන් මිත්තන් ලෙස සැලකෙන්නෙ “හර්කියුලිස්” සහ ඔහුගේ පියා වන “සියුස්‍” ය. 

පුරාවෘත්තයන් හී සඳහන් වන හර්කියුලිස් සහ ඔහුගේ කාර්‍යයන් 12 පිළිබඳව බොහෝ දෙනා දන්නා කරුණකි. ඔලිම්පික් හා බැඳුණු පුරාවෘත්තයන්ට අනුව හර්කියුලිස් තම වික්‍රමයන් සියල්ල සම්පූර්ණ කළ පසු තම පියාට ගෞරවයක් වශයෙන් “ඔලිම්පික් ක්‍රීඩාංගණය” සැදූ බව සඳහන් වෙයි. එමෙන්ම මෙම ක්‍රීඩා උළෙලට “ඔලිම්පික්” ලෙස නම් තබා එය වසර හතරකට වරක් පැවැත්වීමේ සම්ප්‍රදාය ආරම්භ කරන ලද්දේ ද ඔහු විසිනි.  

ග්‍රීසියේ පිහිටි ඔලිම්පික් ක්‍රීඩාංගණය

පුරාණ ග්‍රීසියේ නගර සහ රාජධානි නියෝජනය කරමින් ඔලිම්පික් සඳහා ක්‍රීඩකයන් සහභාගී වූ බවත්, සමාරම්භක අවිධියේ දී රථ වාහන, මලල ක්‍රීඩා සහ සටන් තරග සඳහා ප්‍රමුඛ ස්ථානයත් හිමි වූ බව වේ. ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන සියලුම රාජ්‍යයන් අතර පවතින යුධ ගැටලු හා අරගල සියල්ලක්ම ක්‍රීඩා උළෙලේ ආරම්භයේ සිට නිමා වන තෙක් කල් තැබූ බව ද වාර්තා වේ.  

මෙම පුරාතන ඔලිම්පික් උළෙලේ ආරම්භය ලෙස බොහෝ දෙනා පිළිගනු ලබන්නේ ක්‍රිස්තු පූර්ව 776 වසරයි. ක්‍රි. පූ. 776 වැනි වසරෙන් ආරම්භ වී වසර හතරකට වරක් පැවති ඇවිදීමේ තරගයක ජයග්‍රාහකයන්ගේ නම් ඇතුළත් ශිලා ලේඛනයක් ඔලිම්පියා නගරයේ තිබී හමුවීමෙන් එය සනාථ කර ගැනීමට හැකිවී ඇත. 

දිවීමේ තරග, ඇවිදීමේ තරග, පංච ප්‍රයාම, සටන් තරගවලින් සමන්විත වූ මෙම ඔලිම්පික් උළෙලේ මුල්ම ජයග්‍රාහකයා ලෙස ජනප්‍රවාදයේ සඳහන් වන්නේ එලිස් නම් නගරයේ විසූ “කුරෝබස්” නම් කෝකියෙකි. 

මෙම පුරාතන ඔලිම්පික් ක්‍රීඩා උළෙල හුදෙක්ම ක්‍රීඩා උළෙලක් පමණක් නොව සියුස් දෙවියන් සහ දිව්‍යමය වීර චරිතයක් වන පෙලොප්ස් (පුරාවෘත්තවලට අනුව ඔහු ඔලිම්පියා හී රජ කෙනෙකි) වෙනුවෙන් කෙරෙන ශාන්තිකර්ම පූජාවක් වන බැවින් එයට ආගමික වශයෙන් වැදගත්කමක් ලබා දී ඇත. 

පීසා හී ඕනමස් රජු හා යෙදුණු ධාවන තරගයක් නිසාවෙන් පෙලොප්ස් ප්‍රසිද්ධ අතර එවැනි ඉසව්වල ජයග්‍රාහකයන් අගය කරමින් ලියැවෙන කවි සහ තැනෙන ප්‍රතිමා නිසා ඔවුන් අමරණීයත්වයට පත් වේ. 

ඔලිම්පියා හී පිහිටුවා ඇති ප්‍රතිමා

පුරාතන ඔලිම්පික් උළෙල ද වසර හතරකට වරක් පවත්වා ඇති අතර එය පැවැත්වෙන කාල පරාසය “ඔලිම්පියාඩ්” ලෙස හඳුන්වා ඇති අතර එය ග්‍රීක වැසියන් විසින් භාවිතා කරන කාලය මැනීමේ ඒකකයකි. මෙම ක්‍රීඩා “Panhellenic” ලෙස හැඳින්වූ වක්‍රයක කොටසක් වූ අතර එම වක්‍රයට “Pythian” ක්‍රීඩා, “Nemean” ක්‍රීඩා සහ “Isthmian” ක්‍රීඩා යන ඒවා අයත් විය. 

මෙලෙස ඇරඹූ පුරාතන ඔලිම්පික් උළෙලේ ස්වර්ණමය අවධිය ලෙස ක්‍රිස්තු පූර්ව පස්වැනි හා හයවැනි සියවස් හැඳින්විය හැකි අතර ඉන් අනතුරුව රෝම අධිරාජ්‍යයේ සිදු වූ නැගී සිටීමත් සමඟම පුරාතන ඔලිම්පික් උළෙලට තිබූ ආකර්ෂණය අඩු වී ගොස් ඇත. 

පුරාතන ඔලිම්පික් උළෙලේ නිමාව පිළිබඳව පැහැදිලි වාර්තා නොමැති වූවත් ක්‍රිස්තු වර්ෂ 393 දී තියඩෝසිස් අධිරාජ්‍යයාගේ සමයේ එය සිදු වූ බව බොහෝ දෙනාගේ මතයයි. 

ජාතික රට හරහා දිවීමේ ශූරයා මෙවර බස්නාහිරෙන්

46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල මෙවර සැප්තැම්බර් මාසයේ දී කොළඹ නගරය….

එම අධිරාජ්‍යයා තම පාලන සමයේ සියලුම ආගමික ඇදහීම් හා වතාවන් තහනම් කිරීම නිසාවෙන් පුරාතන ඔලිම්පික් උළෙල අවසන් වූ බවට බොහෝ මත පළ වූවත් තවත් දෙනා පිළිගන්නා මතය වන්නේ ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ දෙවන තියඩෝසිස් රජු විසින් ක්‍රිස්තු වර්ෂ 426 දී ග්‍රීක ආගමික ස්ථාන විනාශ කර දැමීමට අණ කිරීම නිසාවෙන් පුරාතන ඔලිම්පික් උළෙල අවසන් වූ බවයි. 

කෙසේ නමුත් පුරාතන ඔලිම්පික් උළෙල පැවැත්වීම අවසන් වූවාට පසුව නැවතත් 19 වැනි සියවස අග භාගය වනතුරුම කිසිම ස්ථානයක ඔලිම්පික් උළෙලක් පවත්වා නොමැති බව සඳහන්. 

පුරාතන ඔලිම්පික් උළෙලෙන් පසුව සිදු වූ ඔලිම්පික් විකාශනය හා නූතන ඔලිම්පික් උළෙලේ ආරම්භය ඇතුළු තවත් ඔලිම්පික් පිළිබඳව තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න, ThePapare.com සමඟින්.

මූලාශ්‍ර:
1. Wikipedia

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<