ජාතික රට හරහා දිවීමේ ශූරයා මෙවර බස්නාහිරෙන්

73

46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල මෙවර සැප්තැම්බර් මාසයේ දී කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතව ඇත. මෙම ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වනු ලබන ජාතික රට හරහා දිවීමේ තරගය අද (15) නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විය.

ජාතික මහා ක්‍රීඩා උළෙලට දින නියම වෙයි

ජාතික මට්ටමේ ශූරයන් සොයා යන 46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල මෙම වසරේ ජුනි මස සිට සැප්තැම්බර් මාසය දක්වා පැවැත්වීමට….

කාන්තා හා පිරිමි ලෙස කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන මෙම තරගයේ පිරිමි අදියර මිනිත්තු 34:07:10කින් ජයග්‍රහණය කිරීමට බස්නාහිර පළාත නියෝජනය කළ එස්. පුෂ්පකුමාර සමත් වූ අතර එහි දෙවන ස්ථානය දිනා ගැනීමට මිනිත්තු 34:09:57කින් තරගය අවසන් කළ ඌව පළාතේ ඊ. තෙන්නකෝන්ට හැකි විය. තෙවන ස්ථානය මිනිත්තු 34:22:37කින් තරගය නිමා කළ මධ්‍යම පළාත නියෝජනය කල එම්. සිවරාජන් විසින් දිනා ගන්නා ලදි.

පිරිමි කාණ්ඩයේ තරගය අතරතුර

එම ඉසව්වේ මුල් ස්ථාන දහයෙන් තුනක් බස්නාහිර පළාතටත්, තවත් ස්ථාන තුනක් මධ්‍යම පළාතටත්, ස්ථාන දෙකක් සබරගමු පළාත් කණ්ඩායමටත්, ඉතිරි ස්ථාන ද්විත්වය ඌව සහ නැගෙනහිර පළාත් කණ්ඩායම් අතරත් බෙදී ගියේය.

Position Name Province Performance
01 RMS Pushpakumara  Western 34:07:10
02 TME Tennakoon Uva  34:09:57
03 M Sivarajan Central 34:22:37
04 SM Dhanushka Maduranga Central 34:28:77
05 KA Manjula Wijerathna  Eastern  34:47:39
06 SAAL Shrimantha  Western 34:48:60
07 GPAJK Bandara Central 35:02:84
08 AB NIlanka Alwis  Sabaragamuwa 35:05:46
09 WMMG Abeyrathna Western 35:07:65
10 GMGSR Wijewickrama Sabaragamuwa 35:13:33

පිරිමි අදියරේ ප්‍රතිඵල සටහන 

තරගයේ කාන්තා අදියරේ දී, මිනිත්තු 40:16:80කින් ඉසව්ව නිමා කළ දකුණු පළාතේ ඒ. අබේරත්න ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය. මිනිත්තු 40:21:04ක කාලයකින් තරගය අවසන් කළ බස්නාහිර පළාතේ එම්. මලින්ද්‍රා දෙවැනි තැන දිනා ගනිද්දී, මිනිත්තු 40:30:20 කාලයකින් තරගය අවසන් කළ සබරගමු පළාත් කණ්ඩායමේ නිලන්ති ලංකා තුන්වැනි ස්ථානය දිනා ගන්නා ලදි.

කාන්තා අදියරේ මුල් ස්ථාන දහයෙන් පහක්ම බස්නාහිර පළාත් කණ්ඩායම විසින් දිනා ගත් අතර සබරගමු කණ්ඩායම ස්ථාන දෙකකුත්, අනෙකුත් ස්ථාන තුන දකුණ, මධ්‍යම සහ නැගෙනහිර පළාත් කණ්ඩායම් අතරත් බෙදී ගියේය 

Position Name Province Performance
01 GTA Abeyrathna  Southern  40:16:80
02 KM Malindra Western 40:21:04
03 A Nilanthi Lanka  Sabaragamuwa 40:30:20
04 V krishanthini  Central 42:43:92
05 HMNM Nandasena Eastern 43:48:89
06 ALSD Liyanage Sabaragamuwa 44:09:70
07 H Iresha Sandarenu Fernando Western  45:25:24
08 KKA Manjula Kumarasingha  Western 46:02:58
09 JJM Devindi Kumari Fernando Western 46:33:71
10 MA NIlushi Kumari Fernando  Western 46:56:27

කාන්තා අදියරේ ප්‍රතිඵල සටහන 

මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල අදියර පහක් යටතේ පැවැත්වීමට නියමිතව ඇති අතර සැප්තැම්බර් මස 4 වැනිදා සිට 6 වැනිදා දක්වා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා පිටියේ දී අවසන් අදියර පැවැත්වීමට සූදානම් කොට ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<