ඕස්ට්‍රේලියාව හොඳම ක්‍රීඩකයෙක් අත්හැර ලෝක කුසලානයට යයි!

ICC Men's T20 World Cup 2024

162

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වීමට නියමිත ඕස්ට්‍රේලියානු සංචිතය අද (01) ප්‍රකාශයට පත් කළා.

Mitchell Marshගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට Travis Head, Glenn Maxwell, Pat Cummins ඇතුළු සුපුරුදු ක්‍රීඩකයින්ගේ නම් ඇතුළත් ව ඇතත්, බොහෝ බලාපොරොත්තු තබා සිටි යොවුන් ක්‍රීඩක Jake Fraser-McGurkගේ නම ඇතුළත් ව නොතිබීම බොහෝ දෙනෙකු පුදුමටය පත් කර තිබෙනවා.

මේ දිනවල ක්‍රියාත්මක වන IPL තරගාවලියේ දී Delhi Capitals කණ්ඩායම නියෝජනය කරමින් 233.33ක් වැනි අදහාගත නොහැකි මට්ටමේ ප්‍රහාරාත්මක වේගයක් සහිතව පිතිකරණයේ යෙදෙන Jake මෙවර ලෝක කුසලානය වෙනුවෙන් ඕස්ට්‍රේලියාවට වටිනා ම තුරුම්පුවක් වනු ඇති බවයි බොහෝ දෙනෙකු අනුමාන කළේ.

නමුත් ඕස්ට්‍රේලියාව විසින් ඔවුන්ගේ අත්දැකීම් බහුල ක්‍රීඩකයින් වන David Warner වැනි පිතිකරුවන් පිළිබඳ විශ්වාසය තබමින් සහ සංචිතයේ සමබරතාව පිළිබඳ සැලකිලිමත් වෙමින් මෙම තීරණය ගන්නට ඇති බව වටහාගත හැකි.

එමෙන්ම සුපිරි ඕස්ට්‍රේලියානු පිතිකරු Steven Smithගේ නම ද මෙම සංචිතයට ඇතුළත් වී නොමැති අතර, කණ්ඩායමෙ දඟපන්දුව ශක්තිමත් කිරීම වෙනුවෙන් Ashton Agar සහ වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස Cameron Greenව සංචිතයට කැඳවා තිබෙනවා.

එමෙන්ම කණ්ඩායමේ ප්‍රධාන කඩුලු රකින්නා ලෙස Matthew Wade කටයුතු කරනා අතරේ Josh Inglis ද තවත් කඩුලු රැකීමේ විකල්පයක් ලෙස සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු සංචිතය:

Mitchell Marsh (නායක), Ashton Agar, Pat Cummins, Tim David, Nathan Ellis, Cameron Green, Josh Hazlewood, Travis Head, Josh Inglis, Glenn Maxwell, Mitchell Starc, Marcus Stoinis, Matthew Wade, David Warner, Adam Zampa

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<