NSL එක්දින තරගාවලිය 23 දා සිට

National Super League Limited Over Tournament 2024

505

National Super League එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය මේ මස 23 වැනි දා සිට පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වේ.  

National Super League සිවු දින ක්‍රිකට් තරගාවලියට එක් වූ Team Galle, Team Dambulla, Team Kandy, Team Jaffna සහ Team Colombo යන කණ්ඩායම්වලින් ම සැදුම්ලත් මෙම තරගාවලිය මාර්තු මස 9 වැනිදා අවසන් වීමට නියමිතයි.

තරගාවලියේ පළමු වටයේ දී එක් එක් කණ්ඩායම් එක් එක් කණ්ඩායම් සමඟ තරග වදින අතර ඒ අතුරින් වැඩිම ප්‍රසාද ලකුණු ලබා ගත් කණ්ඩායම් ද්විත්වය අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.

එම තරගය මාර්තු මස 09 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ කාලසටහන

Date Team 1 Team 2 Venue
පෙබරවාරි

23

Team Galle Team Kandy පල්ලෙකැලේ ක්‍රීඩාංගණය
Team Jaffna Team Colombo රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණය
පෙබරවාරි

26

Team Colombo Team Dambulla පල්ලෙකැලේ ක්‍රීඩාංගණය
Team Kandy Team Jaffna රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණය
පෙබරවාරි

29

Team Dambulla Team Galle පල්ලෙකැලේ ක්‍රීඩාංගණය
Team Colombo Team Kandy රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණය
මාර්තු

03

Team Jaffna Team Galle ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය
Team Kandy Team Dambulla සූරියවැව ක්‍රීඩාංගණය
මාර්තු

06

Team Galle Team Colombo ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය
Team Dambulla Team Jaffna සූරියවැව ක්‍රීඩාංගණය
මාර්තු 09 ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය

මේ අතර නම් කරන ලද කණ්ඩායම් අතර Team Colombo කණ්ඩායමේ නායකයා ලෙස කුසල් මෙන්ඩිස් සහ උප නායකයා ලෙස චරිත් අසලංක ද, Team Jaffna කණ්ඩායමේ නායකයා ලෙස සදීර සමරවික්‍රම සහ උප නායකයා ලෙස නිශාන් මධුශ්ක ද, Team Kandy කණ්ඩායමේ නායකයා ලෙස පැතුම් නිස්සංක සහ උප නායකයා ලෙස සහන් ආරච්චිගේ ද, Team Galle කණ්ඩායමේ නායකයා ලෙස රමේෂ් මෙන්ඩිස් සහ උප නායකයා ලෙස දුනිත් වෙල්ලාලගේ ද සහ Team Dambulla කණ්ඩායමේ නායකයා ලෙස වනිඳු හසරංග ද නම් කර තිබෙනවා.

මේ අතර පසුගිය කාලයේ තරග තහනමකට ලක් ව සිටි ධනුෂ්ක ගුණතිලක මෙම තරගාවලියේ දී Team Colombo කණ්ඩායම හා එක් ව ජාතික පිටියට පිවිසීමට නියමිතයි.

තරගාවලියට එක් වෙන කණ්ඩායම් සංචිත

Team Colombo සංචිතය: කුසල් මෙන්ඩිස් (නායක/ කඩුලු රකින්නා), චරිත් අසලංක (උප නායක), ෂෙවෝන් ඩැනියෙල්, ධනුශ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, නිපුන් ධනංජය, ක්‍රිශාන් සංජුල (කඩුලු රකින්නා), කුසල් ජනිත් පෙරේරා, අශේන් බණ්ඩාර, නුවනිඳු ප්‍රනාන්දු, විශාද් රන්දික (කඩුලු රකින්නා), චමිඳු වික්‍රමසිංහ, දුශාන් විමුක්ති, දසුන් ශානක, නිසල තාරක, ඉසිත විජේසුන්දර, කසුන් රාජිත, නිශාන් පීරිස්, ප්‍රභාත් ජයසූරිය, තරිඳු රත්නායක.

අතිරේක: හිමාෂ ලියනගේ, ප්‍රමෝද් මධුවන්ත, සචින්ත ජයතිලක, චරිඳු ප්‍රනාන්දු, දිලීප ජයලත්

කණ්ඩායම් සංයුතිය: SSC, Police SC, Sebastianites C & AC, Negombo SC

Team Jaffna සංචිතය: සදීර සමරවික්‍රම (නායක/ කඩුලු රකින්නා), නිශාන් මධුශ්ක (උප නායක/ කඩුලු රකින්නා), නවෝද් පරණවිතාන, හසිත බෝයගොඩ, නිපුන් කරුණානායක, සිතාර හපුහින්න (කඩුලු රකින්නා), අවිශ්ක තරිඳු, ජනිත් ලියනගේ, විජයකාන්ත් වියස්කාන්ත්, රවිඳු ප්‍රනාන්දු, සංතුශ් ගුණතිලක, චමත් ගෝමස්, ලහිරු මධුශංක, ෂෙහාන් ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු, ප්‍රමොද් මධුශාන්, දිලුම් සුදීර, සහන් නානායක්කාර, ජෙෆ්රි වැන්ඩර්සේ.

අතිරේක: මනෙල්ක ද සිල්වා, අදීශ තිලාංචන, ඒශාන් මාලිංග, නිපුන් මාලිංග, සමින්ද ප්‍රනාන්දු (කඩුලු රකින්නා)

කණ්ඩායම් සංයුතිය: Tamil Union C & AC, Ragama CC, Bloomfield C & AC

Team Kandy සංචිතය: පැතුම් නිස්සංක (නායක), සහන් ආරච්චිගේ (උප නායක), ලහිරු උදාර, කසුන් අදිකාරි, නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), අහන් වික්‍රමසිංහ, කමිල් මිෂාර (කඩුලු රකින්නා), රවිඳු රත්නායක, මොවින් සුබසිංහ, චමොද් සඳරු, චාමික කරුණාරත්න, පුලින තරංග, මිතුන් ජයවික්‍රම, දුශ්මන්ත චමීර, ලහිරු කුමාර, මතීශ පතිරණ, නිපුන් ප්‍රේමරත්න, චාමික ගුණසේකර, අශේන් ඩැනියෙල්, වනුජ සහන්.

අතිරේක: තනුක දාබරේ, තික්ශිල ද සිල්වා, නිම්සර අතරගල්ල, සිතුම් දිසානායක, ලසිත් ඇඹුල්දෙණිය.

කණ්ඩායම් සංයුතිය: NCC, Chilaw Marians CC, Air Force, ACE Capital

Team Galle සංචිතය: රමේෂ් මෙන්ඩිස් (නායක), දුනිත් වෙල්ලාලගේ (උප නායක), ඔෂඳ ප්‍රනාන්දු, සොහාන් ද ලිවේරා (කඩුලු රකින්නා), ඉරෝෂ් සමරසූරිය, රමින්ද විජේසූරිය, පසිඳු සූරියබණ්ඩාර, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් (කඩුලු රකින්නා), ශාලිත් ප්‍රනාන්දු (කඩුලු රකින්නා),  ලහිරු සමරකෝන්, කවිශ්ක අංජුල, ධනංජය ලක්ෂාන්, නිමේෂ් විමුක්ති, ඩිල්ශාන් මධුශංක, මිලාන් රත්නායක, උචිත මදුශාන්, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම, මහීෂ් තීක්ෂණ.

අතිරේක: ෂෙහාන් ප්‍රනාන්දු (කඩුලු රකින්නා), ලක්ෂාන් එදිරිසිංහ, ජෙහාන් ඩැනියෙල්, මුදිත ලක්ෂාන්, අසංක මනෝජ්.

කණ්ඩායම් සංයුතිය: Moors SC, Galle CC, Panadura SC, Colts CC, Sri Lanka Army SC,

Team Dambulla සංචිතය: වනිඳු හසරංග (නායක), ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, මිනෝද් භානුක (කඩුලු රකින්නා), භානුක රාජපක්ෂ, ලසිත් කෲස්පුල්ලේ, ලියෝ ෆ්‍රැන්සිස්කෝ, පවන් රත්නායක, සොනාල් දිනූෂ, දුශාන් හේමන්ත, අයන සිරිවර්ධන, රනිත ලියනාරච්චි, රනේෂ් සිල්වා (කඩුලු රකින්නා), මොහොමඩ් ෂිරාස්, නුවන් තුෂාර, අසිත ප්‍රනාන්දු, චමිඳු විජේසිංහ, විශ්ව ප්‍රනාන්දු, මර්වින් අභිනාශ්, ලක්ෂාන් සඳකැන්.

අතිරේක: සනොජ් දර්ශික, චලන ද සිල්වා, ඩිල්ශාන් අබේසිංහ, නවීන් ප්‍රනාන්දු, ලක්ෂාන් ගමගේ

කණ්ඩායම් සංයුතිය: CCC, BRC, Baduraliya SC, Nugegoda W & SC, Kurunegala YCC

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<