එංගලන්ත ක්‍රීඩකයින්ට නිල් අත් පටියක්

253

Covid-19 වසංගතය පාලනය කිරීම සඳහා ඉමහත් කැපවීමකින් වැඩකටයුතු සිදු කළ සහ සිදු කරමින් සිටින ජාතික සෞඛ්‍ය සේවය සහ අනෙකුත් සත්කාරක කාර්ය මණ්ඩලයේ දායකත්වය අගයමින් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී නිල් පැහැති අත් පටි පැලඳීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නව කොන්ත්‍රාත්තු

අන් අයව ආරක්ෂා කර ගැනීමට දරන උත්සාහයේ දී වයිරසයේ ඇති අවදානම නොතකමින් බර දරා සිටින සත්කාරක සේවකයින්ට ඇගයීම වෙනුවෙන් එංගලන්තය තුල විවිධ සංගීත සංදර්ශන, අත්පොළසන් අවස්ථා සහ විවිධ පුණ්‍ය කටයුතු රැසක් සිදු කර තිබෙන අතර ඒ ඇගයීම් ක්‍රම අතරට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ද සිය උපහාරය ජාතික සෞඛ්‍ය සේවය වෙනුවෙන් එලෙස දක්වනු ඇත.

එංගලන්තය පසුගිය වසරේ ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කරමින් තම පළමු ලෝක කුසලානය එංගලන්තයට රැගෙන ගියේය.

මේ අතර මෙම කොරෝනා ප්‍රතිකාර කරන රෝහල්වලට සහය දැක්වීම සඳහා එංගලන්ත ලෝක ශූර කණ්ඩායමේ ක්‍රීඩක ජොස් බට්ලර් ලෝක කුසලාන අවසාන තරගයේ දී ඔහු පැලඳ සිටි කමිසය (සිය කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ අත්සන් වලින් පිරුණු) වෙන්දේසි කිරීමට තීරණය කළ අතර එම ජර්සිය ස්ටර්ලින් පවුම් 65,000කට (ශ්‍රී ලංකා රුපියල් මිලියන 15කට ආසන්න මුදලක්) අධික වටිනාකමට එය අලෙවි වූ අතර එම සම්පූර්ණ මුදල් ප්‍රමාණයම රාජකීය බ්‍රොම්ප්ටන් සහ හේර්ෆීල්ඩ් රෝහල්වලට ආධාර ලෙස ලබා දෙන ලදි.

2020 ආසියානු කුසලානය ලංකාවේ?

එසේම කොරෝනා වයිරසය ලොව පුරා පැතිර යාමේ ප්‍රතිඵලයක් ලෙස එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඇති වී තිබෙන මූල්‍ය අර්බුදයට ප්‍රතිචාර වශයෙන් එංගලන්තයේ මධ්‍යම ගිවිසුම්ගත ක්‍රිකට් ක්‍රීඩකයින් ස්ටර්ලිං පවුම් 500,000 (ශ්‍රී ලංකා රුපියල් මිලියන 117කට ආසන්න මුදලක්) මූලික පරිත්‍යාගයක් සිදු කළේ ඔවුන්ට හැකි උපරිමයෙන් සිය පරිත්‍යාගයන් සිදු කරමිනි.

එක්සත් රාජධානිය තුල මේ වන විට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 289,000 ඉක්මවා ඇති අතර මියගිය සංඛ්‍යාව 40,000 ද ඉක්මවා ඇත.

ටෙස්ට් තරග තුනකින් සමන්විත එංගලන්ත බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය ජූලි මස 8 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙන අතර තරගාවලිය සඳහා සහභාගී වන කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයින් ICC සහ එරට රජයන් විසින් ලබා දී තිබෙන මාර්ගෝපදේශ අනුව යමින් ජුනි මස 9 වැනිදා (ඊයේ) එංගලන්තයට පැමිණි අතර ඔවුන් දින 14ක නිරෝධායන කාලය නිමා කිරීමෙන් පසුව සිය පුහුණු වීම් කටයුතු ආරම්භ කරනු ඇත.

තරග කාලසටහන

  • පළමු ටෙස්ට් තරගය – ජූලි 8-12 – Ageas Bowl පිටියේ දී
  • දෙවන ටෙස්ට් තරගය – ජූලි 16-20 – ලැන්කෂයර් හිදී
  • තෙවැනි ටෙස්ට් තරගය – ජූලි 24-28 – ඕල්ඩ් ට්‍රැෆොර්ඩ් හිදී

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<