පළමු ජයග්‍රහණය Team Jaffna කණ්ඩායමට

SLC National Super League 4 Day Tournament 2024

201
SLC National Super League 4 Day Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ මෙවර ලබා ගත් පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට Team Jaffna කණ්ඩායම අද (28) සමත් වෙද්දී යොවුන් ක්‍රීඩකයන් වන සොනාල් දිනූෂ, අහන් වික්‍රමසිංහ සහ ශෂික දුල්ශාන් වැඩි දක්ෂතා දැක් වීම කැපී පෙණුනා.

තරගාවලියේ Team Kandy සහ Team Jaffna අතර පැවැති තරගයේ දී සිවු වැනි දිනයේ දී සිවු වැනි ඉනිම ක්‍රියාත්මක වූ අතර, ඒ වෙද්දී Team Kandy ක්‍රීඩකයෝ ජයග්‍රහණය සඳහා ලකුණු 394ක් සොයා ගියා. නමුත් ඔවුන්ට සියලුම දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 229ක් පමණයි. ඒ අනුව Team Jaffna කණ්ඩායමට එම තරගයෙන් ලකුණු 164ක ජයග්‍රහණයක් හිමි වූවා.

මේ අතර Team Dambulla කණ්ඩායමේ වමත් මැදි පෙළ පිතිකරු සොනාල් දිනූෂ අද තම 26 වැනි පළමු පෙළ තරගයට සහභාගී වෙමින් ශතකයක් ලබා ගත් අතර එය තම පළමු පෙළ තරග දිවියේ හොඳම ඉනිම බවට ද පත් කර ගත්තා.

ඊට අමතර ව Team Kandy කණ්ඩායමේ අහන් වික්‍රමසිංහ ද අද ශතකයක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.

මේ අතර පසුගිය වසරේ ජාතික සුපර් ලීග් සිව් දින ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් සම්මානයට ලක් වූ Team Jaffna කණ්ඩායමේ ශෂික දුල්ශාන් අද ලකුණු 99කට ප්‍රතිවාදී කඩුලු 6ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

Team Dambulla සහ Team Colombo

o ක්‍රීඩාංගණය – ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ

o කාසියේ වාසිය – Team Dambulla

සිව්වැනි දිනය එළැඹෙද්දී පළමු ඉනිමේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 530ක ඉලක්කයක් කරා ගිය Team Colombo කණ්ඩායමේ ඉනිම ලකුණු 445 දී අවසන් වූවා.

පෙර දින අවසන් වන විට ඔවුන් කඩුලු 7ක් දැවී ලකුණු 388ක් ලබා සිටි අතර අද දවසේ දී ඔවුන්ගේ ඉනිමට එක් වූයේ තවත් ලකුණු 57ක් පමණයි. එම ඉනිම වෙනුවෙන් අද දවසේ දී ප්‍රභාත් ජයසූරිය සහ ඉසිත විජේසුන්දර ලකුණු 21ක බැගින් ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී අකිල ධනංජය ලකුණු 159කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර විශ්ව ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් බැගින් ද සහ සොනාල් දිනූෂ සහ ලක්ශාන් සඳකැන් එක් කඩුල්ල බැගින් බෙදා ගත්තා.

ලකුණු 85ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි Team Dambulla ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 8ක් දැවී ලකුණු 210ක් ලබා සිටියා. එම ඉනිම වෙනුවෙන් සොනාල් දිනූෂ පන්දු 160කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් නොදැවී ලකුණු 100ක් ලබා ගත්තා. ඔහු මෙම ඉනිමට මුල පුරන්නේ කඩුලු 5ක් දැවී ලකුණ 52ක් ව තිබිය දී පිටියට පිවිසෙමිනුයි.

කඩුලු ලබා ගැනීමේ දී කසුන් රාජිත සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 3 බැගින් බෙදා ගත් අතර ලක්ෂිත මනසිංහ සහ ඉසිත විජේසුන්දරට ද කඩුල්ල බැගින් හිමි වුනා.

  • තරගයේ කෙටි ලකුණු පුවරුව

Team Dambulla – පළමු ඉනිම සියලුම දෙනා දැවී 530 (153.0) ලියෝ ෆ්‍රැන්සිස්කෝ 87, කමිඳු මෙන්ඩිස් 115, ඇන්ජලෝ මැතිව්ස් 146, පවන් රත්නායක 130, ඉසිත විජේසුන්දර 3/69, ලක්ෂිත මනසිංහ 3/129, ප්‍රභාත් ජයසූරිය 2/103

Team Colombo – පළමු ඉනිම සියලුම දෙනා දැවී 445 (120.1) දිමුත් කරුණාරත්න 161, ශෙවෝන් ඩැනියෙල් 23, කුසල් මෙන්ඩිස් 80, නුවනිඳු ප්‍රනාන්දු 39, පැතුම් කුමාර 39, ප්‍රභාත් ජයසූරිය 21, ඉසිත විජේසුන්දර 21, අසිත ප්‍රනාන්දු 2/90, විශ්ව ප්‍රනාන්දු 2/80, අකිල ධනංජය 3/159

Team Dambulla – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 210 (61.0) සොනාල් දිනූෂ නොදැවී 100, අකිල ධනංජය 20, ලක්ෂාන් සඳකැන් 26, කසුන් රාජිත 3/29, ප්‍රභාත් ජයසූරිය 3/38

තරගයේ විසඳුමක් නෑ.

Team Kandy සහ Team Jaffna

o ක්‍රීඩාංගණය – මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, හම්බන්තොට

o කාසියේ වාසිය – Team Kandy

මෙම තරගයේ සිව් වැනි දිනය උදා වූයේ Team Kandy කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 347ක අවශ්‍යතාවක් සමඟින්. ඒ වෙනුවෙන් ඔවුන් සතුව කඩුලු 8ක් ද ඉතිරිව තිබුණා. නමුත් ඔවුන්ට අද දවසේ දී ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 229ක් පමණයි.

එම ඉනිම වෙනුවෙන් අහන් වික්‍රමසිංහ පන්දු 86කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 116ක් ලබා ගත්තා. නමුත් එය පමණක් ඔවුන්ගේ බේරිල්ලට ප්‍රමාණවත් වූයේ නැහැ.

ඉනිමේ හොඳම සබඳතාව වූයේ අහන් වික්‍රමසිංහ සහ සිතුම් දිසානායක (5) එක් ව අවසන් කඩුල්ලට එක් කළ ලකුණු 49යි. ඒ සඳහා ඔවුන් දෙදෙනාට වැය වූයේ පන්දු 39ක් පමණයි.

කඩුලු දවා ගැනීමේ දී වමතින් දඟ පන්දු යැවූ Team Jaffna කණ්ඩායමේ ශෂික දුල්ශාන් ලකුණු 99කට කඩුලු 6ක් දවා ගත්තා. ඊට අමතර ව රවිඳු ප්‍රනාන්දු කඩුලු 3ක් ද සහ ප්‍රමෝද් මධුශාන් කඩුල්ලක් ද ලබා ගත්තා.

  • තරගයේ කෙටි ලකුණු පුවරුව

Team Jaffna – පළමු ඉනිම සියලුම දෙනා දැවී 346 (104.2) නිශාන් මදුශ්ක 38, ජනිත් ලියනගේ 63, ධනංජය ද සිල්වා 113, ලහිරු මධුශංක 67, චාමික ගුණසේකර 2/42, චාමික කරුණාරත්න 3/51, ලසිත් ඇඹුල්දෙණිය 2/103, අශේන් ඩැනියෙල් 2/66

Team Kandy – පළමු ඉනිම සියලුම දෙනා දැවී 187 (67.1) ලහිරු උදාර 23, සහන් ආරච්චිගේ 22, අහන් වික්‍රමසිංහ 51, චාමික කරුණාරත්න 25, චාමික ගුණසේකර 29, ප්‍රමෝද් මධුශාන් 2/25, ශෂික දුල්ශාන් 2/46, ජෙෆ්රි වැන්ඩර්සේ 4/51

Team Jaffna – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 234 (68.0) හසිත බෝයගොඩ 42, නිපුන් කරුණානායක 60, ධනංජය ද සිල්වා 37, රවිඳු ප්‍රනාන්දු 22, ලසිත් ඇඹුල්දෙණිය 2/88, සිතුම් දිසානායක 2/21, චාමික ගුණසේකර 3/43, චාමික කරුණාරත්න 2/31

Team Kandy – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 229 (53.2) ලහිරු උදාර 25, කමිල් මිෂාර 33, අහන් වික්‍රමසිංහ නොදැවී 116, අශේන් ඩැනියෙල් 24, ශෂික දුල්ශාන් 6/99, රවිඳු ප්‍රනාන්දු 3/77

Team Jaffna කණ්ඩායමට ලකුණු 164ක ජයක්.

 තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<