මයිකල් ක්ලාක්ගෙන් ප්‍රබල චෝදනාවක්

86

ඩොලර් මිලියනයක ‘ඉන්දීය ප්‍රිමියර් ලීග්’ ගනුදෙනු ලබා ගැනීමේ අපේක්ෂාව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් ‘මෘදු’ බවට පත්කළ බවත්, ඔවුන් ටෙස්ට් තරගාවලියේ දී විරාට් කෝලි සහ ඉන්දියාව හමුවේ අසාර්ථක වූ බවත් හිටපු ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක් පවසා ඇත. 

එංගලන්ත ක්‍රීඩකයින්ගේ පවුම් මිලියන භාගයක්!

කොරෝනා වයිරසය ලොව පුරා පැතිර යාමේ ප්‍රතිඵලයක් ලෙස එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඇති වී තිබෙන……………..

ස්ටීවන් ස්මිත් හා ඩේවිඩ් වෝනර් නොමැතිව ටෙස්ට් තරග 2-1ක් ලෙස ඉන්දියාවට පරාජය වීම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවේ එක් අසාර්ථක අවස්ථාවක් වූ අතර ඉන්දීය නායකයාට ක්‍රීඩකයින් බිය වූ බව ක්ලාක් පැවසීය. 

Big Sports වෙත අදහස් දක්වමින් ක්ලාක් මේ බව පවසා ඇත. 

“ඉන්දීය ප්‍රිමියර් ලීග් සමඟ ජාත්‍යන්තරව හෝ දේශීයව ක්‍රිකට් ක්‍රීඩාවේ මූල්‍යමය කොටස සම්බන්ධයෙන් ඉන්දියාව කෙතරම් බලවත් ද යන්න කවුරුත් දන්නවා. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාව සහ අනෙක් සෑම කණ්ඩායමක්ම කෙටි කාලයක් තුළ ඉන්දීය මුදල් නිසා අසාර්ථක වුනා කියලා මට හිතෙනවා. කෝලි හෝ අනෙක් ඉන්දීය ක්‍රීඩකයින් සමඟින් අප්‍රේල් මාසයේ දී ඔවුන්ට ක්‍රීඩා කිරීමට සිදුවීම නිසා ඉන්දීය ක්‍රීඩකයින්ට පහර දීමට ඔවුන් බිය වුනා.”  

2019 දෙසැම්බරයේ පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේ දී පැට් කමින්ස් කොල්කටා නයිට් රයිඩර්ස් විසින් වාර්තා ගත මුදලකට, එනම් ඉන්දීය රුපියල් කෝටි 15.5කට අලෙවි විය. එය වඩාත්ම මිල අධික විදේශ මිලදී ගැනීමක් බවට ද පත්විය. 

ඕස්ට්‍රේලියානු ප්‍රවේගකාරී පිතිකරු ග්ලෙන් මැක්ස්වෙල් ඉන්දීය රුපියල් කෝටි 10.75කට කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම විසින් මිලදී ගත්තේය. නේතන් කෝල්ටර්-නයිල් මුම්බායි ඉන්දියන්ස් වෙත රුපියල් කෝටි 8ක මුදලකට මිලදී ගත් අතර ඔහුද විශාල මිලක් නියම කළ තවත් ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු ලෙස සටහන් විය. 

“IPL තරගාවලියේ ආරම්භය පිළිබඳ කියන්නට ඔවුන් කල් ගන්නවා” – පැට් කමින්ස්

ඕස්ට්‍රේලියානු ප්‍රබල වේගපන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් පවසා සිටින්නේ මේ මාසයේ දී සැලසුම් කළ පරිදි ‘ඉන්දීය ප්‍රිමියර්……………

මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා එක්වන සෙසු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් ලෙස මාකස් ස්ටොයිනිස් ඉන්දීය රුපියල් කෝටි 4.8ක මුදලකට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙතද, ආරොන් ෆින්ච් ඉන්දීය රුපියල් කෝටි 4.4ක මුදලකට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙතද, කේන් රිචඩ්සන් ඉන්දීය රුපියල් කෝටි 4ක මුදලකට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් වෙතද, ඇලෙක්ස් කේරි ඉන්දීය රුපියල් කෝටි 2.4කට දිල්ලි කැපිටල්ස් වෙතද, ජොෂ් හැස්ල්වුඩ් ඉන්දීය රුපියල් කෝටි 2ක මුදලකට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ද, ඇන්ඩෲ ටයි ඉන්දීය රුපියල් කෝටි 1ක මුදලකට රාජස්ථාන් රෝයල්ස් වෙතද, ක්‍රිස් ග්‍රීන් ඉන්දීය රුපියල් ලක්ෂ 20කට කොල්කටා නයිට් රයිඩර්ස් වෙතද, ජොෂ් පිලිප් ඉන්දීය රුපියල් ලක්ෂ 20කට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් වෙතද වෙන්දේසි විය. 

මීට පෙර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පූනේ වොරියර්ස් කණ්ඩායම නියෝජනය කළ ක්ලාක්, ටෙස්ට් තරගාවලියේ දී ඕස්ට්‍රේලියාව තම සුපුරුදු ක්‍රීඩා රටාවෙන් බැහැරව සිටි බව පැවසීය. 

“ක්‍රීඩකයින් දස දෙනෙකුගේ ලැයිස්තුවක් නම් කරන්න. ඔවුන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට ඔවුන්ගේ ඉන්දීය ප්‍රිමියර් ලීග් කණ්ඩායමට ඇතුළත් වීමට ලංසු තබනවා.” යැයි ක්ලාක් පැවසීය. 

“ ‘මම කෝලිට විරුද්ධව යන්නේ නැහැ, මට අවශ්‍යයි ඔහු මාව බැංගලෝරයට තෝරා ගන්න, මගේ සති හය සඳහා මගේ ඩොලර් මිලියනය මට උපයා ගත හැකියි’ කියලා ක්‍රීඩකයන් කල්පනා කරනවා කියලා මට හිතෙනවා. ඒ නිසා මේ තරගාවලිය තුළ අපි ඕස්ට්‍රේලියාවෙන් දැක්ක ඒ ප්‍රවේගකාරී තරග රටාව දැක්කේ නෑ. මෘදු හා දුර්වල ක්‍රීඩා රටාවක් තමයි අපි දැක්කේ.”  

කෝලි කොණ්ඩේ කපා ගනිද්දී ජඩේජා අශ්වයෝ පදී

බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මා විසින් විරාත් කෝලිගේ කොණ්ඩය කැපීමේ සිට රවීන්ද්‍ර ජඩේජා අශ්වයෙකුගේ පිටේ යාම දක්වා……………..

ඕස්ට්‍රේලියා හිටපු නායක මයිකල් ක්ලාක්ගේ මෙම චෝදනාව දරුණු හා මතභේදාත්මක චෝදනාවක් වන බව නොඅනුමානය. කෙසේවෙතත් මෙම චෝදනාව සම්බන්ධයෙන් තවමත් කිසිඳු ක්‍රීඩකයෙකු ප්‍රතිචාර දක්වා නැත. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මාර්තු 29 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ අතර මේ දිනවල පැතිර යන නව කොරෝනා වෛරසය නිසා එය අප්‍රේල් 15 වනදා දක්වා කල්දැමීමට සංවිධායකයන් තීරණය කළේය. කෙසේවෙතත් ඉන්දියාව මේ වන විට වසංගතයේ දරුණු තත්ත්වයට පැමිණෙමින් සිටින අතර පෙර සැලසුම් කළ පරිදි තරගාවලිය ආරම්භ කිරීම අවිනිශ්චිත වී ඇත. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<