මේ වෙලාවේ IPL ලංකාවේ තියලා වැඩක් නැහැ – BCCI

158
IPL

දැනට අත්හිටුවා ඇති ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය සඳහා සත්කාරකත්වය සැපයීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පසුගිය දා පවසා තිබුණි. 

ICC තරගාවලි දෙකකට ශ්‍රී ලංකාව අතවනයි

2023-31 අතර කාලය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ගෝලීය ප්‍රමුඛ පෙළේ තරගාවලි දෙකක

නමුත් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ජ්‍යේෂ්ඨ නිලධාරීන් පවසා ඇත්තේ මේ වන විට COVID-19 වසංගතයට එරෙහිව සටන් කරන සංවෘත ලෝකයක එවැනි යෝජනාවක් සාකච්ඡා කිරීම තේරුමක් නොමැති බවයි.

COVID-19 වසංගතය හේතුවෙන් මාර්තු 29 සිට මැයි 24 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අප්‍රේල් මස 15 දක්වා කල්දැමීමට තීරණය කළ අතර ඉන්දියාව තවදුරටත් වසාදැමීමට යොමුවීමත් සමඟ එම තරගාවලිය දින නියමයක් නොමැතිව කල්දැමීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය පසුගිය දා තීරණය කළේය. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නැවත ආරම්භ කිරීම සලකා බලන්නේ තත්ත්වය නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වීමෙන් පසුව පමණක් බව එම ආයතනය පවසා ඇත. 

ලෝක ක්‍රිකට් තුල ධනවත්ම ක්‍රිකට් ලීගය ලෙස හැඳින්වෙන මෙම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග සඳහා සත්කාරකත්වය සැපයීමට ශ්‍රී ලංකාව සූදානම් බව ශ්‍රී ලංකා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය.

“ලෝකය වසා ඇති විට කිසිවක් කීමට ඉන්දීය ක්‍රිකට් ආයතනයට නොහැකියි” ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් නිර්නාමිකව PTI වෙත පවසා ඇත. 

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මේ සම්බන්ධයෙන් කිසිදු නිල යෝජනාවක් ඉදිරිපත් කර නොමැති බවත්, එලෙස යෝජනාවක් ඉදිරිපත් කළ ද ඒ පිළිබඳව අර්ථවත් සාකච්ඡාවක් පැවැත්විය හැකි බවට සහතිකයක් නොමැති බවත් එම නිලධාරියා තහවුරු කළේය.

මෙම කොරෝනා වයිරසයේ පැතිර යාම පාලනය කිරීම සඳහා ලොව පුරා රටවල් බොහෝ ප්‍රමාණයක් ගුවන් ගමන් සියල්ල අවලංගු කර ඇති අතර ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාව ද සම්පූර්ණ වසාදැමීමකට යොමුව සිටී. 

“තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කිසිදු යෝජනාවක් ඉදිරිපත් වී නෑ. ඒ නිසා ඒ පිළිබඳව සාකච්ඡාවක් නෑ.” 

අභ්‍යන්තර ගුවන් ගමන් නොමැති නිසා හා සැපයුම් කටයුතු අඩකටත් වඩා අඩු කර ඇති හෙයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පවත්වන්නේ නම් ඒ සඳහා මහනුවර, ගාල්ල හා කොළඹ ක්‍රීඩාංගණ පමණක් යොදා ගත හැකි වනු ඇත. 

2020 IPL ශ්‍රී ලංකාවේ?

මේ දිනවල පැතිර යන නව කොරෝනා හෙවත් COVID-19 වසංගතය නිසා ලොව පුරා ක්‍රීඩා තරග

ශ්‍රී ලංකාව තුල මෙම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සැලකිය යුතු මූල්‍ය ස්ථාවරත්වයක් ලබා ගැනීමට උපකාරී වනු ඇත. ඉන්දියාවට එරෙහි කෙටි එක්දින තරගාවලියකට (විස්සයි විස්ස තරග 3ක් සහ එක්දින තරග තුනක්) ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවට එක්විය හැකි වනු ඇත. 

මේ වන විට පවතින තත්ත්වය අනුව සැප්තැම්බර් – ඔක්තෝබර් හෝ ඔක්තෝබර් – නොවැම්බර් අතර කාල වකවානු දෙකෙන් එකක් තුල ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය  වඩාත් උනන්දු වනු ඇත.

ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් 2009 දී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය දකුණු අප්‍රිකාවට සහ 2014 වසරේ දී අර්ධ වශයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ද ගෙන යාමට සිදු විය. 

එලෙස තරගාවලිය වෙනත් ස්ථාන දක්වා මාරු කරන විට එම කණ්ඩායම්වල කොටසක් වූ ඉන්දීය ක්‍රිකට් ප්‍රවීණයෙකු වන ශෂාන්ක් මනෝහාර් මැයි මස අවසානයේ දී සභාපති ධුරයෙන් ඉවත් වීමට නියමිතය. ඔහුගෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තත්ත්වය වෙනස් වනු ඇති බව බොහෝ දෙනා පවසා ඇත.

“ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ හා ඉන්දීය ක්‍රිකට් ආයතනයේ මිත්‍ර පාක්ෂිකයා වන අතර ඔවුන්ගේ යෝජනාව තේරුම්ගත හැකියි. එහෙත් ඔහු (මනෝහර්) ලබන මාසයේ ඉල්ලා අස්වීමෙන් පසු කුමක් සිදු වේ ද?”

“ඔබට නව විකල්‍ප සෑදෙනවා දකින්න පුළුවන්. ශ්‍රී ලංකාව පමණක් නොව විවිධ විකල්ප තිබිය හැකිය” යනුවෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ  ප්‍රවීණයෙක් පැවසීය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<