අතට අත දීම් සහ High Five වෙනුවට ‘නමස්තේ’ ආචාර?

89
Ajinkya Rahane

මේ වන විට පවතින නව කොරෝනා වසංගත තත්වය පහව ගොස් නැවතත් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ වූ පසු එහි වෙනස්කම් රැසක් සිදු වනු ඇති බවට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක Ajinkya Rahane පවසා සිටියි.

බ්‍රත්වෙයිට්ගේ නායකකම ගැලවෙයි

2020 වසරේ පැවැත්වීමට නියමිත කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) ක්‍රිකට් තරගාවලිය

ඒ අනුව මෙම තත්වය සමථයකට පත්ව ක්‍රිකට් ක්‍රීඩා තරග නැවතත් සුපුරුදු පරිදි ආරම්භ වීමේ දී තරගවල දී සිදු වන ‘අතට අත දීම්’ සහ සතුට සමරමින් ‘පහක් දැමීම’ වෙනුවට ඉදිරියේ දී ඉන්දියාවේ භාවිතා වන දෙඅත හදවත ඉදිරියට ගෙන ‘නමස්තේ’ යනුවෙන් ආචාර කිරීම සහ අත්පොළසන් දීම යොදා ගන්නට සිදු වනු ඇති බවත්, තවද කඩුල්ලක් දවා ගත් පසුව පන්දු රකින කණ්ඩායම එය සමරන ආකාරයේ ද වෙනසක් සිදුවීමට හැකියාවක් ඇති බවත් Rahane පවසා සිටියි.

“අපිට අතීතයේ සිදු කළා වගේ කඩුල්ලක් දැවී ගිය පසු අදාළ පන්දු රකින්නන් ඔවුන්ට නියමිත ස්ථානවල සිටම අත්පොළසන් දෙන ක්‍රමවේදයට නැවතත් යන්න සිදු වෙයි කියලා මම හිතනවා. ඒ වගේම සමහර විට ‘අතට අත දීම’ වෙනුවට ‘නමස්තේ’ යනුවෙන් ආචාර කිරීමට යොමුවෙන්නත් අපිට සිදු වෙයි.” 

“නැවතත් ක්‍රීඩා කටයුතු යථාතත්වයට පත්වුනාම අපිට හැමදෙයක් ගැනම ගොඩක් සැලකිලිමත් වෙන්න සිදු වෙනවා. ක්‍රීඩාලෝලීන්ගේ ආරක්ෂාව ගොඩක් වැදගත්. එහේ මෙහේ යනකොට පවා අපේ ජීවන ශෛලිය වෙනස්කම්වලට ලක්වෙයි.” 

මේ වන විට උද්ගතව ඇති නව කොරෝනා වසංගත තත්වය ක්‍රීඩාවට දැඩි බලපෑමක් එල්ල කර ඇත්තේ ලොව පුරා ක්‍රීඩා කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල කරමිනි. මෙම තත්වය හේතුවෙන් මෙම වසරේ දී පැවැත්වීමට නියමිතව තිබූ 2020 ඔලිම්පික් තරගාවලිය ද ලබන වසර දක්වා කල් දමන්නට එහි සංවිධායකයින් හට සිදු විය.

ක්‍රිකට් ක්‍රීඩාවට ද එය එසේම බලපා ඇති අතර මේ හේතුවෙන් සෑම තරගාවලියක්ම මෙන්ම ලොව ධනවත්ම තරගාවලිය ලෙස සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය ද මේ වන විට දින නියමයකින් තොරව කල් දමා ඇත.

“රාවල්පිණ්ඩි එක්ස්ප්‍රස්” වෙනස් මුහුණුවරකින් කරළියට ඒමේ සූදානමක්

ලොව බිහි වූ බිහිසුණුම වේගපන්දු යවන්නන් අතළොස්ස අතරින්

ඒ අනුව මේ පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් Rahane පවසා සිටින්නේ ක්‍රිකට් ක්‍රීඩා කටයුතු නැවතත් ආරම්භ කිරීම මෙම කොරෝනා වසංගතයට නිසි එන්නතක් සොයා ගත් පසු පමණක් සිදු විය යුතු බවයි.

“අපිට කිසිදු තරගාවලියක් ක්‍රීඩා කරන්න කලින්, නිසි ලෙස පුහුණුවීම් කටයුතු කරන්න සති 3-4ක කාලයක් අවශ්‍ය වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත නොවී මම ඉන්නේ ගොඩක් පාළුවෙන්. නමුත් ක්‍රිකට් ක්‍රීඩා කටයුතු නැවතත් ආරම්භ කරනවා නම් ඒක සිදු කරන්න ඕනේ මේ කොරෝනා තත්වයට හරි එන්නතක් හොයාගත්තට පස්සේ.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<