2020 IPL ශ්‍රී ලංකාවේ?

190

මේ දිනවල පැතිර යන නව කොරෝනා හෙවත් COVID-19 වසංගතය නිසා ලොව පුරා ක්‍රීඩා තරග කල් දැමීමට හෝ අවලංගු කිරීමට සිදුව ඇත. ඒ අනුව පසුගිය මාර්තු 29 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ ලොව ධනවත්ම ක්‍රිකට් ලීගය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ද දින නියමයක් නොමැතිව කල්දැමීමට සංවිධායකයන් තීරණය කළේය. 

ඉන්දියාව තුල මෙම වයිරසය සීග්‍රයෙන් පැතිර යාමත් සමඟින් එරට රජය රට තවත් සති තුනක කාලයක් සඳහා වසාදැමීමට තීරණය කිරීම එයට හේතුවයි. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අවලංගු කිරීම මගින් ඉන්දීය ක්‍රිකට් ආයතනයට සිදු වන පාඩුව අතිමහත්ය.

IPL ගැන සංවිධායකයින් අවසන් තීරණයකට!

ඉන්දියාව තවදුරටත් වසාදැමීමකට යොමුවීමත් සමඟින් අප්‍රේල් 15 වැනිදා ආරම්භ වීමට…….

මේ හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය කෙසේ හෝ තරගාවලිය පැවැත්වීම සඳහා විකල්ප සොයමින් සිටී. මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉන්දීය ප්‍රිමියර් ලීග් 2020 සංස්කරණය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. 

පසුගිය බදාදා (15) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කළේය. මීට පෙර මාර්තු 29 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ තරගාවලිය කොරෝනා වයිරසය පැතිරී යාම නිසා අප්‍රේල් මස 15 වැනිදා දක්වා කල්දැමීමට සංවිධායකයන් තීරණය කළේය. 

එහෙත් ඉන්දියාව තවත් සති තුනක කාලයක් දක්වා එනම් මැයි මස 3 වැනිදා දක්වා වසාදැමීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තීරණය කිරීමත් සමඟින් මෙලෙස තරගාවලිය දින නියමයක් නොමැතිව කල්දැමීමට තීරණය කළේය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ලංකාදීප වෙත අදහස් දක්වමින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ. 

ඉන්දීය ටෙස්ට් තරගාවලිය ගැන ඕස්ට්‍රේලියානු දඟයෙක් සෑහෙන්න උනන්දුවෙන්

නේතන් ලියොන් තරම් චේටේශ්වර් පුජාරා දවා ගත් කිසිඳු පන්දු යවන්නෙකු නොමැත. ..

“ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අවලංගු කළහොත් එහි පාර්ශවකරුවන්ට ඇමරිකානු ඩොලර් මිලියන 500ක පමණ අලාභයක් සිදු වෙනවා. මේ නිසා 2009 වසරේ දී දකුණු අප්‍රිකාවේ තරගාවලිය පැවැත්වුවා වගේ වෙනත් රටක පවත්වන එක ඔවුන්ට වාසිදායක වේවි.” 

“මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය අපේ යෝජනාවට එකඟ වෙනවා නම් අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විදිහට මෙරට සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කරලා ඔවුන්ගේ නිර්දේශ අනුව සියලු පහසුකම් සලසන්න සූදානම්. අවිවාදයෙන් මෙම තරගාවලිය ශ්‍රී ලංකාවට වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විශාල ලාභයක් ගෙන ඒවි.” 

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාට අනුව මෙරට කොරෝනා වයිරස් තත්ත්වය ක්‍රමයෙන් පහව ගියහොත් ඉන්දීය ක්‍රිකට් ආයතනය මෙම යෝජනාව සලකා බැලිය යුතුය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් පසුවේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<