ICC තරගාවලි දෙකකට ශ්‍රී ලංකාව අතවනයි

Daily News ඇසුරිනි

126

2023-31 අතර කාලය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ගෝලීය ප්‍රමුඛ පෙළේ තරගාවලි දෙකක සත්කාරකත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලුම් කර තිබේ. 

2023-31 තරග චක්‍රයේ තරගාවලි සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිය සාමාජිකයින්ගෙන් කැමැත්ත විමසීමක් කළ අතර ශ්‍රී ලංකාව සහ තවත් සාමාජිකයින් 17 දෙනෙකු එම චක්‍රය සඳහා යෝජිත තරගාවලි 28 සඳහා සත්කාරකත්වය දැරීමට උනන්දු වී ඇත. 

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්ට ඩිජිටල් යෙදුමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙරට ක්‍රිකට් පුහුණුකරුවන් සඳහා ‘පුහුණුකරු ……

“අපි මේ අවස්ථාවේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ තරගාවලි දෙකක් සඳහා සත්කාරකත්වය ලබාගැනීමට උනන්දුවක් දක්වා තිබෙනවා. රහස්‍යභාවය නිසා මෙම අවස්ථාවේ දී අපට එම තොරතුරු අනාවරණය කළ නොහැකියි.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා Daily News වෙත පවසා ඇත. 

මෙම තරගාවලි 19න් පහළ ලෝක කුසලානය, කාන්තා ලෝක කුසලානය සහ කාන්තා ලෝක විස්සයි 20 තරගාවලිවලට අමතරව පැවැත්වීමට නියමිත තරගාවලි වේ. 

2012 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ලෝක විස්සයි 20 තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාව කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල තරගාවලියක සත්කාරකත්වය දරා නොමැත. 

මීට පෙර ශ්‍රී ලංකාව 1996 දී ඉන්දියාව සහ පාකිස්තානය සමඟ මෙන්ම 2011 දී ඉන්දියාව සහ බංග්ලාදේශය සමඟ එක්ව ක්‍රිකට් ලෝක කුසලාන දෙකක් සඳහා සත්කාරකත්වය දරා තිබේ. 

ශ්‍රී ලංකාව 2012 දී ලෝක විස්සයි 20 පිරිමි හා කාන්තා තරගාවලිය, 2002 ශූරයින්ගේ කුසලානය, 2000 සහ 2006 දී 19න් පහළ ලෝක කුසලානය සඳහා සත්කාරකත්වය ලබා දී ඇත.

සියලුම සාමාජික මණ්ඩල වෙත යවන ලද ‘උනන්දුව ප්‍රකාශ කිරීමේ’ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සඳහා සාමාජික මණ්ඩල 18කින් වසර අටක් තුළ පැවැත්වීමට නියමිත තරගාවලි 28ක් සඳහා යෝජනා 93ක් ලැබී ඇති බව වාර්තා වේ. එයට එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය ද ඇතුළත් වේ. 

2009 දී පාකිස්තානයේ ලාහෝර් හිදී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ බස් රථයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් පාකිස්තානයේ නොපැවැත්විනි. ඔවුන් විශාල වශයෙන් ජාත්‍යන්තර තරගාවලි පිපාසයකින් පෙළෙන රටකි.

2020 IPL ශ්‍රී ලංකාවේ?

මේ දිනවල පැතිර යන නව කොරෝනා හෙවත් COVID-19 වසංගතය නිසා ……….

හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කළේ, “2023 සිට 2031 දක්වා සෑම වසරකම එක් ලෝක ඉසව්වක් සැලසුම් කිරීමට ICC සැලසුම් කර ඇති බැවින් යෝජිත අයිතිවාසිකම් විවාදාත්මක ය. ක්‍රිකට් ලෝකය සඳහා නව ලෝක මට්ටමේ තරගාවලි දෙකක් එක් කරමින් රටවල් 10කින් යුත් විස්සයි 20 ශූරයින්ගේ කුසලාන තරගාවලියක් 2024 සහ 2028 වසරවල දී පැවැත්වීමට සැලසුම් කර ඇත.” 

“ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මෙලෙස ජාත්‍යන්තර ඉසව් වැඩි කිරීම ද්විපාර්ශ්වික ක්‍රිකට් ක්‍රීඩාවට පුළුල් ප්‍රතිවිපාක ගෙන දෙන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය පසුගිය දා ප්‍රකාශ කළේය. එබැවින් මේ සම්බන්ධයෙන් සියලු අංශ සාකච්ඡා කර විශ්ලේෂණය කළ යුතුයි.”

“ප්‍රධාන පිරිමි ඉසව් අටට අමතරව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් කාන්තා ඉසව් 9ක් සඳහා ද ලංසුකරුවන් සොයමින් සිටී. ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය සෑම වර්ෂයක දී ම අවසන් වීමට නියමිත අතර සෑම අවුරුදු දෙකකට වරක් වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වීමට නියමිතය.” 

“තරගාවලි සඳහා සත්කාරකත්වය දැරීමට ක්‍රිකට් ආයතන උනන්දුව ප්‍රකාශ කළ පසු ලංසු කැඳවීම වැදගත් වේ. එක් එක් තරගාවලි සඳහා උනන්දුවක් දැක්වූයේ කවුරුන්දැයි කිසිවෙකු දැන නොගනී. උනන්දුවක් දක්වන වෙනත් රටවල් මොනවා දැයි ප්‍රසිද්ධ කර නැහැ. ඒ හා සමානව අප උනන්දුවක් දැක්වූ දේ අනෙක් රටවල් දන්නේ නෑ. එය දන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පමණයි.” ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය. කෙසේ වෙතත් ඒ මහතා අනාවරණය කළේ ශ්‍රී ලංකාව පිරිමි ඉසව්වල ප්‍රධාන තරගාවලි සඳහා මෙලෙස ඉල්ලුම් කර ඇති බවයි. 

අශ්වින් හා දෝනි නව තාක්ෂණයෙන් පුහුණු කිරීම් අරඹයි

කොරෝනා හෙවත් COVID-19 වසංගතය මධ්‍යයේ අඛණ්ඩව සිදු වන අගුළු දැමීමේ කාලය තුළ……

Reuters පුවත් සේවය වාර්තා කළේ ලංසු තැබීමේ ක්‍රියාවලියක් හරහා අනාගත සිදුවීම් සඳහා සත්කාරක රටවල් තෝරා ගැනීමට පාලක මණ්ඩලය ගත් තීරණයට අනුව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ප්‍රධාන විධායක මනු ශව්නි මහතා සාමාජික රටවල් කිහිපයක සංචාරය කරමින් මෙලෙස ලංසු තැබීම් සඳහා උනන්දු කළ බවයි. 

2023-31 චක්‍රය සඳහා අපට ලැබී ඇති ධනාත්මක ප්‍රතිචාරය ගැන අපි අතිශයින් ධෛර්යමත් වෙනවා.” ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

“අපට යෝජනා 100කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති අතර සාමාජිකයින් 18 දෙනෙකු චක්‍රය සඳහා යෝජනා කර ඇති ඉසව් 28 පැවැත්වීමට උනන්දු වෙනවා.” 

මේ අතර, ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගය ජූලි 3 සිට 19 දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතය. COVID-19 වසංගතය හේතුවෙන් මෙය පැවැත්වීමේ හැකියාව පිළිබඳව සමාලෝචනයක් සිදු කිරීමට නියමිතය. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ 2021 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ ඉතිරි ස්ථාන තුන සඳහා කණ්ඩායම් 10ක් තරග වදින අතර එම රටවල් වන්නේ සත්කාරක ශ්‍රී ලංකාව සහ පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම, එක්දින වරම් සහිත කණ්ඩායම් වන බංග්ලාදේශය සහ අයර්ලන්තය සමඟින් කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලි ජයග්‍රහණය කළ ජයග්‍රාහකයන් වන තායිලන්තය (ආසියානු කලාපය), සිම්බාබ්වේ (අප්‍රිකානු කලාපය), පැපුවා නිව්ගිනියාව (නැගෙනහිර ආසියා පැසිෆික් කලාපය), ඇමරිකා එක්සත් ජනපදය (ඇමරිකා එක්සත් ජනපදය) සහ නෙදර්ලන්තය (යුරෝපා කලාපය) යි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<